(පාලිත ආරියවංශ)
ඌව පළාත තුළ පෞද්ගලික වෛද්‍ය සේවා සියල්ල නතර කර දැමීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛා ලේකම් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
අනාරක්ෂිත ලෙස පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන තුළ රෝගීන් එක් රැස්වීම එම ජනතාවට කෝවිඩ් වයිරසය ආසාදනය වීමට හේතුවක් වියහැකි බැවින් මෙම තීරණය ගත් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මේ වන විටත් කොරෝනා වයිරසය සමාජයීය වශයෙන් පැතිරයාම ආරම්භ වී ඇති බව දත්ත වලින් අනාවරණය වී තිබෙන බවත් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු වෛද්‍යවරුන‍්ට දුරකථනයෙන් අමතා දැනුම්දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
අවශ්‍ය උපදෙස් ස්වේඡාවෙන් ලබාදීමට වෛද්‍යවරු කටයුතු කරන බවත් ඊට අමතරව ග්‍රාමීය මට්ටමෙන් අත්‍යවශ්‍ය රෝගීන් සඳහා නිවසිට පැමිණ සෞඛ්‍ය ආධාර ලබාදීම දැටමත් ආරම්භකර ඇති බවත් ඒ මහතා පැවසීය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඌව පළාතේ පෞද්ගලික වෛද්‍ය සේවා නතර කරයි
de silva Sunday, 29 March 2020 12:22 PM
කොරෝන කියන්නේ එංගලන්තේ රජකුමරයන්ට ආයුබෝවන් කියන්න පුරුදු කරපු ,ලංකාවේ චැනෙල් කාක්කන්ට චැනෙල් කඩ වහන්න බලකරපු දෙයක්... ඉස්සර ඔය සංගමේ කලේ , වැඩවර්ජනයක් ඉස්සරහට දමල රජයේ රෝහල් වහල පුද්ගලික ඩිස්පෙන්සරියේ ඉඳන් හොඳට ගරපු එක....