(විනීතා එම් ගමගේ)
සිය වැඩිමහල් දියණිය මිය ගියත් නිරෝධායනයෙන් ඉවත් නොවී රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ පියෙක් පිළිබඳව අවිස්සාවේල්ල ඇස්වත්ත පෙදෙසින් වාර්තාවේ.
සංචාරකයන් ගෙනයන බස් රියැදුරෙකු ලෙස කටයුතු කරන අවිස්සාවේල්ල ඇස්වත්ත පදිංචි නිරෝශ් මංජුල මහතා මේ ආදර්ශය රටට දී තිබේ.
විදෙස්ගතව සිට පැමිණි පිරිස් හා සංචාරකයන් ඇසුරු කළ පිරිස් ස්වයං නිරෝධායනයට ලක් වන්නැයි රජය කළ ඉල්ලීම අනුව නිරෝෂ් මහතා ඉකුත්( 24) වැනිදා තමන්ට අයත් හුදකලා නිවසක ස්වයං නිරෝධායනයට ලක්ව ඇත.
මේ අතර අසනීපයෙන් සිටි ඔහුගේ 9 හැවිරිදි දියණිය වන තනුෂි පබසරා මිය ගොස් ඇති නමුත් ඔහු එම අවමඟුලට සහභාගි නොවී නිරෝධායනය වන ස්ථානයේ රැදී සිට තිබේ.
ඔහු පවසා ඇත්තේ මේ අවස්ථාවේ රට වෙනුවෙන් තමන් මෙම බරපතල තීරණය ගන්නා බවය.
රටත් ජාතියත් ගැන කිසිදු හැඟීමකින් තොරව කටයුතු කරමින් රටම අවදානමකට දමන පිරිස් මැද මෙම පියා ගත් තීරණය ශ්‍රේෂ්ඨ තීරණයක් බව සෞඛ්‍ය අංශ පවසති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දියණියගේ දේහය අසළට නොයා රට වෙනුවෙන් යුතුකම කළ පියෙක්
jayath Sunday, 29 March 2020 09:58 AM
නිබ්බුත පද කියන්න ඕන මේ වගේ තාත්තලට ! ඔබ ශ්‍රේෂ්ට පියෙක්...
jayath Sunday, 29 March 2020 10:00 AM
අටුලුගම පැත්තේ , අකුරණ පැත්තේ සමහර අය හැසිරෙන විදිය දැක්කම ඔබ ශ්‍රේෂ්ටයි.... ඉක්මනින්ම සුව වේවා !!!
Sudarman Sunday, 29 March 2020 11:30 AM
නුඹ වෙනුවෙන් මගෙන් කදුලක්..., බුදුසරණයි...!
Wajira Sunday, 29 March 2020 11:53 AM
ඔබ ශ්‍රේෂ්ඨයි !