ලෝක සාමය වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු ‘සාම පා ගමන’ මේ වනවිට එහි ගමනාන්තය වන වොෂින්ටන් බලා පැමිණ අවසන්ය. පා ගමනට එක්වුණු භික්ෂූන් වහන්සේලා පිරිස උණුසුම් ලෙස පිළි ගැනීමට වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කිරීම ද සුවිශේෂී වෙයි.
වොෂින්ටන්, මේරිලන්ඩ් සහ වර්ජිනියා හි වසන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද දානමය පිංකමකට ද මෙහිදී තානාපති කාර්යාලය දායකත්වය දැක්වීය. National United Methodist දේවස්ථානයේදී වැඩසිටි පා ගමනට එක්වුණු භික්ෂූන් වහන්සේලා ද ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා 200 නමකට අධික පිරිසක් වෙනුවෙන් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාර පාන පූජා කෙරිණි.
කොලොම්බියා දිස්ත්‍රික්කයේ ලේකම් කිම්බර්ලි ඒ. බැසට්ගේ ආරාධනයකට අනුව, වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරේ (Washington National Cathedral) පැවැති සර්ව ආගමික උත්සවයට ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මධුක වික්‍රමආරච්චි යන මහත්වරු සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු....
අනේ අර බල්ලටත් ලැබුණාද දන්නේ නෑ.
තක්කඩියාගේ අවසාන නවාතැන් පල ආගමයි. ඇමරිකාකු ජනාධිපති විවිධ රටවල් වලින් සමන්විත (තමන් කැමති) සාම මණ්ඩලයක් පිහිටුවයි.