
(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම හේතුන් තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (12) පස්වරුවේ නැවත ආරම්භ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (12) පෙරවරුවේ අත්හිටුවූ අතර ඒ අනුව පැය 4 කට අධික කාලයක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වූ බවත් ඊයේ දින කාර්යාල පරිශ්‍රයට පැමිණි අයදුම්කරුවන්ට ලබන සඳුදා (16) පැමිණ විදේශ ගමන් බලපත්‍ර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා කීය.
පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය යථා තත්වයට පත්කර ඇති බැවින් සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළහැකි බව කී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා මෙම බිඳවැටීමට හේතුව නිෂ්චිත හදුනාගෙන නොමැති බව ද සඳහන් කළේය.
මෙම පරිගණක පද්ධතියේ බිඳවැටීම පෙර දදින රාත්‍රී සිදුවන්නට ඇතැයි සැක කරන්නේ යැයි බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසූ අතර ඒ හේතුවෙන් වූ ප්‍රමාදය යථා තත්වයට පත්වීමට අවම වශයෙන් දින හතරක් හෝ ගතවනු ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd