
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ගෙන් ආදාහන සහ භූමදාන ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මහ නගර සභාව තීරණය කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීමේදී ඒකමතිකව මෙම තීරණයට එළඹියේය.
එම නගර සභාවේ සභිකයන් කළ යෝජනාවකට අනුව නගරාධිපතිනී ව්රායි කැලී බල්තසාර් මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර එහිදී පැවැති විවාදයෙන් පසුව යෝජනාවට සියලුම මන්ත්රීවරුන්ගේ අනුමැතිය හිමිවිය.
කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ට බොරැල්ල, ජාවත්ත, මාදම්පිටිය සහ කිරුළපන යන සුසාන භූමිවල කොළඹ මහ නගර සභාව පාලනය කරන කොටස් සඳහා ආදාහන සහ භූමදාන සඳහා අය කරන ගාස්තු ඒ අනුව සම්පූර්ණයෙන්ම නිදහස් කළේය.
කොළඹ නගර සභා පදිංචිකරුවන්ගෙන් ද එම සුසාන භූමිවලින් රුපියල් 10,000ක මුදලක් මීට පෙර අය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකාල පුරුදු පක්ෂවල නියෝජිතයෝ නගර සභාවේ බලය ගන්න පොරකන්නේ හොරාකන්න මිසක් මිනිස්සුන්ට වැඩක් කරන්න නොවෙයි කියලා දැන්වත් හැමෝටම තේරෙන්න ඕනෑ.