
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එකතු කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී ඇතැයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් මුදල් එකතු කරන බව සඳහන් ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ සහ වට්සැප් සමූහ වල සංසරණය වන බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය එලෙස කිසිදු විදෙස් රැකියා දීමක් හෝ මුදල් එකතු කිරීමක් ද නොකරන බව අමාත්‍යංශය කියයි.
මේ පිළිබඳව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය නීති පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, මෙවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් ජනතාවගෙන් සහ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යංශය කියයි.
ජාවාරම්කරුවන් විසින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියකුගේ යැයි සඳහන් කරන බැංකු ගිණුම් අංකයක් ද ප්‍රචාරය කර ඇතැයිද එවැනි ගිණුම් සඳහා මුදල් යොමු නොකරන ලෙසත් අමාත්‍යංශය ඉල්ලා සිටී.
මේ පිළිබඳව සොයා බැලීමට අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන බව අමාත්‍යාංශය දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd