පළාත් පනතට ඡන්දය දුන් හේතුව ජවිපෙ කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සම්මත විය යුතු ප්රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන පනත් තුන අදට යෙදෙන විශේෂ පාර්ලිම්න්තු දිනයේ දී ඉදිරිපත් කිරීමටත්, ඔක්තෝබර් 09 වැනිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා මෙම පනත් තුන සම්මත කරගැනීමටත් රජය එකඟ වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.