(සුජිත් හේවාජුලිගේ)
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාල කම්කරුවන් 17 දෙනෙකු බඳවා ගැනීමේ දැන්වීමට රට පුරා තරණ තරුණියන් එක් ලක්ෂ තුන්දහසක් අයදුම්පත් යොමු කර තිබූ බව කම්කරු වෘත්තීය සමිති සබදතා ඇමැති රවින්ද්‍ර සමරවීර මහතා තොරතුරු හෙළි කළේය.
රටේ රාජ්‍ය අංශයේ රැකියා සඳහා තිබෙන තරඟය මින් මැනැවින් පිළිඹිබු වන බව කී ඇමැතිවරයා බොහෝ දෙනා රාජ්‍ය අංශයේ පමණක් තෝරා ගැනීමේ ආකල්පය වෙනස් කළ යුතු බවද සඳහන් කළේය.
රවීන්ද්‍ර සමරවීර මහතා මෙසේද කීය.
‘‘මේ අයදුම්කරුවන් එක් ලක්ෂ තුන්දහස වෙනුවෙන් මාස එකහමාරක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා.
මේ වෙනුවෙන් අමාත්‍යංශයට රුපියල් බිලියන ගණනක් වැය කිරීමට සිදුවුණා.බොහෝ දෙනෙකු රාජ්‍ය අංශය කැබිනට් සිටින්නේ විශ්‍රාම වැටුප නිසයි.
පෞද්ගලික අංශයේ තිබෙන පුරප්පාඩු හා එහි වරප්‍රසාද ගැන මම දැන් ජනතාව දැනුවත් කරගෙන යනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමෙන් මතෙන් තොර ස්ථිර රජයේ රැකියාවක්ර ඇති පුතෙක් සොයමි. ඉතින් රජයේ රැකියාවක් නැත්නම් අපි කොහොමද කසාදයක් වත් කරගන්නේ
රජයේ රැකියා සොයන්නෙ නැතුව ඡන්දෙ ඉල්ලන්න තියෙන්නෙ.
කවුද අකමැති නිකන් ඉදන් පඩි ගන්න රැකියාවකට? අනිත් එක විශ්‍රාම වැටුපකුත් දෙනවනේ? වැඩට යන්න ඕනෙත් නැහැ. මිනිස්සුන්ට බැන බැන නිකන් පඩි ගන්න තියෙන්නේ. මමත් කැමති මගේ මේ ජොබ් එක දාලා මේකට ඉල්ලන්න.
සැමදෙනාම හොඳින්ම දන්නා කරුණක් තමා වැඩි වැඩ නැතිව උපරිම පඩි ගන්න ස්ථාන තියෙන්නේ රාජ්‍ය සේවයේ බව. උදාහරණ ලෙස දියවන්නාව.
වැඩ නොකරන රැකියාවන්, පඩියට අමතරව දෛනික සන්තෝෂම් පෞද්ගලික අංශයේ නැහැ. ඒ නිසයි රජයේ රැකියා වලට කැමති.
කම්කරුවන් 17ක් තෝර ගැනීමට පමණක් රුපියල් බිලියන ගණනක් වියදම් කලා? මේක ඇත්තක් නම් මොහු වහාම මේ තනතුරෙන් එලව දමන්න ඕනේ ,
නිකන් ඉඳන් මුදල් හම්බ කරන්න කවුද අකමැති? පුද්ගලික අංශයේ මුදල් හම්බ කරන්න නම් මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ ,
වසර 5න් තීරු බදු රහිත වාහන බලපත්‍ර පුද්ගලික අංශයට දෙන්නේ නැහැනේ...... මැරෙනකන් අසාධාරණ බදු ගහනවා මිසක්. ඕනෑම රජයක් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන හැටි දැක්කම කම්කරු හරි කමක් නැහැ රජයේ සේවයට යන්න තියනවනම්.
විශ්‍රාම වැටුපම නෙමෙයි රාජ්‍ය සේවයේ ආකර්ෂණය. ගරු නම්බුව, රැකියා සුරක්ෂිත බව, පෞද්ගලික අංශයට සාපේක්ෂකව අඩුවෙන් වැඩකිරීමේ හැකියාව, සමාජ පිළිගැනුම වැනි දේත් ඒකට හේතු වෙනවා. එවැනි තත්ත්වයක් පුද්ගලික අංශයේත් ඇතිකලොත් තරඟය අඩු කරන්න පුළුවන් වෙයි.
මොහු නිතරම තම ඇමැති තනතුරට නොගැලපෙන ප්‍රකාශ සිදුකරන්නෙක් බව පෙනේ..