(අනීෂා මානගේ)
මව ඝාතනය කලේ යැයි සැකපිට ඇයගේ වැඩිමල් පුතෙකු අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලීසිය පවසයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.
වීරකැටිය හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිව සිට මිය ගිය කාන්තාවකගේ අවසන් කරයුතු ඊයේ (29) සිදුකර ඇති අතර මෙම මරණය පිළිබදව සැකයක් ඇතැයි කිසියම් පුද්ගලයෙකු විසින් එදින වීරකැටිය පොලිස් ස්ථානයට ඇමතුමක් මගින් දන්වා තිබේ.
මේ අනුව පරික්ෂණ පැවැත්වූ පොලිස් නිළධාරින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ පිළිබදව දන්වා මහේස්ත්‍රාත් පරික්ෂණයක් ඉල්ලීම් කර හම්බන්තොට අධිකරණ වෛද්‍යවරයා මගින් වාර්තාවක් ලබාගන්නා ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ නියෝගයක් අනුව පොලිස් නිළධාරින් විසින් අධිකරණ වෛද්‍ය වාර්තා ලබාගෙන තිබේ.
අධිකරණ වෛද්‍යවරයා විසින් ලබා දී ඇති වාර්තාවෙහි මරණයට හේතුව ලෙස සදහන්ව ඇත්තේ මරණයට හේතුව විමර්ශන යටතේ පවතින බවයි. වීරකැටිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් විජේතුංග මහතා ඇතුළු නිළධාරින් මෙම මරණය පිළිබද වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකර මිය ගිය කාන්තාවගේ වැඩිමල් පුතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයාගෙන් පොලිස් නිළධාරින් ලබාගත් ප්‍රකාශ අනුව එහි පරස්පර විරෝධි ආකාරයක් තිබූ බව පොලිසිය කියයි.
වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකර පොලිස් නිළධාරින් අනාවරණය කරගෙන ඇත්තේ මිය ගිය කාන්තාව මුළුතැන්ගෙයි බිම වාඩි වී ආහාර පිළියෙල කරමින් සිටියදී ඇයගේ වැඩිමල් පුතා විසින් ඇයට පහර දී ගෙල මිරිකා ඝාතනය කර ඇති බවයි.
මෙම සිද්ධිය ඇසින් දුටු බව මියගිය කාන්තාවගේ බාල පුතා පොලිසියට ඒ පිළිබඳව සාක්කි ලබා දී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්තරීය පාපකර්මයන් අතර මව මැරීම අති බිහිසුණු පාප කර්මයකි. සතර මහා අපායේ ඇසුර, ප්‍රේත, තිරිසන් අපයන්ගේ නොව කෙලින්ම නිරයේම උපදී. ඉන් අටමහා නිරයේ හෝ ඔසුපත් නිරයේ හෝ උපදින මහා භයංකර පාප කර්මයකි.. අනෙක් සියලුම සුළු හෝ මහා කුසල කර්මයන් යටපත් කරමින් ක්ෂණයකින් පසුතලය හදාගෙනම ඉපැදීමේ ප්‍රභල හැකියාවක් මේ ආනන්තරීය පාපකර්මයන් සතුව තිබේ. එය දීර්ඝ කල්ප ගණනාවක් පල දීමෙන් මිස නිෂේදනය නොවේ. මොහු කළාවූ පාපයේ විශාලත්වය කිසිදූ උතුමන් වහන්සේ නමකට නිෂ්ක්‍රීය කල නොහැක. ප්‍රවේසම් වන්න...!!! සියලු සත්වයෝ තත්පර කිහිපයක ක්ෂණික හැඟීම කල්ප අනන්ත සංඛ්‍යාවක් නිරයේ දැවෙමින් ගෙවා දැමීමට පෙර ලක්ෂ වාරයක් සිත දමනය කරමින් රැකෙත්වා...!!!