(නිමල කොඩිතුවක්කු)
‘‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’’අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (30) පෙරවරුවේ ආරම්භ විය.
08 වන වරටත් පවත්වනු ලබන සමුළුව ‘‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’’ යන තේමාවෙන් මෙවර පැවැත්වේ.
රටවල් 38ක් නියෝජනය කරමින් නියෝජිතයන් 800ක පමන පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සමුලූව හෙට(31) දිනය දක්වා පැවැත්වේ.
එහිදී භූගෝලීය වෙනස්වීම සහ ආරක්ෂාව සදහා එහි ඇති බලපෑම, තාක්ෂණික බලපෑම, මානව සමාජීය වෙනස්කම්, දේශපාලන අන්තවාදය ආදී ප‍්‍රධාන මාතෘකාවන් ඔස්සේ සැසි පැවැත්වේ.
මෙවර සමුළුව සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවින්දු‍්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, විදේශීය මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන්, ත‍්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සාක් කලාපීය රටවල හමුදා ප‍්‍රධානින් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමරටේ ආරක්ෂාව හදා ගන්න බැරුව සිටි අය නිසා අවුරදු 25 පමණ බැට කෑ අපි මේගොල්ලෝ ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’’ සකස් කොරන්න යනවා කීවම දෙකොනින් හිනා යනවා.