(මහින්ද නිශ්ශංක)
වැඩි කරන ලද රථ වාහන දඩ දින 14ක් තුළදී පැරණි දඩ ක්‍රමයට පත් නොකළහොත් දීප ව්‍යාප්ත පෞද්ගලික බස් රථ වර්ජනයකට එළඹීමට සමස්ත ලංකා බස් රථ සමාගම් සම්මේලනය අද (29) තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවැසීය.
වැඩවර්ජන දිනය ඉදිරියේ ප්‍රකාශ කරන බව ද ඒ මහතා කීය.
රථ වාහන දඩ වැඩි කිරීම ඉතා අසාධාරණ බවත් එම නිසා එම වැඩි කරන ලද දඩ පැරණි දඩ ක්‍රමය දක්වා අඩු කළ යුතු බවත් ලේකම්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර අහිංසක පුද්ගලික සේවකයින්ගේ ග්‍රැටිවිටිය බැංකුවේ දාලා ලැබෙන පොලියට බදු ගහපු එකට උද්ඝෝෂණය වර්ජනය කරන්නේ කව්ද? මංගල කෝ වක්‍ර බදු අඩු කෙරුවා... දෙන්නම් ලබන සැරේ හොම්බෙන් යන්න.
ඔබලාට මේ රජය කරන්න බැරිය. යමක් කරකියා ගන්න බැරි මිනිසුන්ට බදු ගහනවා හැරෙන්නට... මේක දාලා යන්න.
සාධාරණ අසාධාරණ බව කෙසේ වෙතත් රජයක ස්වාධිපත්‍ය බලයට මෙලෙස අභියෝග කල හැකිද?
මේ බස් රියදුරන් කිසිම නීතියක් විනයක් නැතිවයි පාරෙ යන්නේ. මෙම දඩය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවානම් හොඳයි.කොයි රියදුරාටත් පොදුයිනෙ..
මඟ මරුවාගේ නීතිය ක්‍රියාත්මක කරන්නද මේ ඉල්ලන්නේ? මෙහෙම ගියොත් මේ රටනම් කවදාකවත් හදන්න ලැබෙන්නේ නැහැ.
දිනපතා 10ක් 12ක් මරණයට! කිසිම දෙයක් ලිහිල් නොකලයුතුයි!! මරණීය දණ්ඩනයද මෙවැනි අනතුරු සඳහා ගොනුකළ යුතුයි ..!!!
අපි අපේ රාජකාරි හා වෙනත් ගමන් බිමන් පුළුවන් විදියට කරගන්නම් මේ පෞද්ගලික බස් පාතාලයට ඕන ඕන විදියහට රටේ නීතිය නවන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම පෞද්ගලික බස් ධාවන කරන්නේ රජය මගින් නිකුත්කරන බලපත්‍රයක් යටතේ වන හෙයින් බලපත්‍රයේ කොන්දේසි කඩ කරන ඕනෑම පුද්ගලයකුගේ බලපත්‍රය අවලංගු කරන්න රජයට තියන සැකියාව භාවිතා කර පෞද්ගලික බස් සේවය මගි ජනතාවගේ යහපතට හේතුවන ආකාරයට මෙහෙයවීම රජයේ වගකීම වන අතර එසේ නොකර බස් මුදළාලියාගේ පදයට නටන ආණ්ඩුවක් රටට අවශය නැත.
නොසැලකිලිමත් රියදුරන් අතින් සිදුවෙන මාරක අනතුරු සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පැනවීමට කාලය පැමිණ තිබේ
වර්ජනය කරලා රට අස්ථාවර කරන්න බස් සංගම්වලට අනුබල දෙන අය ආපුවම ඔය ඉල්ලීම් දිනාගන්න පුළුවන්. එතකන් ඔය නීති මාලාව තවත් වැඩි කරනවා මිසක් අඩුකරන්න නරකයි.
සාධාරණ හේතුවකි. බස්වලට නොව සැමට පොලිසියෙන් වන අසාධාරණයකි.
සිංගප්පුරු හිටපු අගමැති ලි කුවන් යු , සිංගප්පුරු ගුවන් සමාගම් නියමු වර්ජනයේදී කෙලින් තීන්දු තීරණ අරගෙන අවමාන තර්ජන ගර්ජන වලට බයෙන් නොහිටිය නිසා ලෝකයේ හොඳම ගුවන් සමාගම් වලින් එකක් බවට එම ගුවන් සමාගම අද පත්වී ඇති බව ඉතිහාසය මනාවට ඔප්පුකර තියනවා. නිතිය කටත් පොදු නිසා මේගොල්ලන්ට ඉඩදෙන්න එපා. ගෙදර ඉන්න අඹුව හා දුදරුවන්ට මේ අය ගැන තීරණ ගන්න ඉඩසලසුවොත් හැම දෙනාට සෙත සැලසේවි.
කරුණාකර බස් සේවය ලබාදීම බස් සංගම් වලට පවරා දෙන්න. එවිට රේස් යාම, හිමින් යාම, රෑ 7 න් පසු බස් නැති වීම සිදු නොවේ. දැන් තිබෙන්නේ ලෝකයේ කිසිම රටක නැති තරන් ප්‍රාථමික බස් සේවයකි.
පුද්ගලික බස් හිමියන්ට තව තවත් පුළුවන් තරමින් බදු ගැහුවාට කමක් නැත. මේ බස්වල වැඩ කරන අයගෙන් වැඩි හරියක් ඉන්නේ කිසිම අණක් ගුණක් නැති ගණන්කාර අයය. පුද්ගලික බස් සේවය සේවයක් නොව නොව සුරා කන ව්‍යාපාරයකි. එය නැත්තටම නැති කර දමා පෙර පරිදි ලංගමය වැඩි දියුණු කල යුතුය.
දඩ ක්‍රමය එලෙසින්ම ක්‍රියාවට නංවන්න. රියදුරු බලපත්‍ර ගන්නේ නීතිය ඉගෙන ගෙනනේ.