(රංජන් කස්තුරි)
ගලහ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කළ තර්ජනය කළ සහ දේපළවලට හානිකළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු වනතුරු ගලහ රෝහලට කිසිදු වෛද්‍යවරයෙක් අනුයුක්ත නොකිරීමට තම සංගමය තීරණය කළ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.
ගලහ රෝහලේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති කඩිනම් තාක්ෂණික හා පොලිස් පරීක්ෂණයක් සිදු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් නම් අධිමානයෙන් උමතු වු පිරිසක් විතරමයි. වෛද්‍යවරු රෝහල් වලට අනුයුක්ත කරන කාර්ය මේ නඩයට පැවරුනේ කොහොමද ඒක සෞඛය අමාතයාංශයට පැවරුනු කාර්යයක්. රටේ මහා ජනතාවගේ මුදලින් ඉගෙනගෙන ඒ ජනතාවටම තමන්ගේ අභිමානය පෙන්වන්න හදන මේ අයට ලගදීම ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්න සිදුවේවී.
එතකොට අහිංසක දරුවාගේ ජීවිතයට වග කියන්නේ කවුද? අනික,මේ මාෆියා සංගමයද දැන් රජයේ රෝහල් වලට වෛද්‍යවරු අනුයුක්ත කරන්නේ? ලොකුවට එංගලන්තේ සෞඛ්‍ය සේවයට සංසන්දනය කරන්න හදන මෙවැනි දොස්තරලා එංගලන්තේ හිටියනම් මේ වෙනකොටත් හිරේ? මෙන්න මේකට තමයි අපි කියන්නේ පිටරටින් වෛද්‍යවරු ලංකාවට ගෙනල්ලා හෝ මේ දොස්තර මාෆියාව මර්ධනය කරන්න කියලා.
නවතම පුවත් වලින් දැනගන්නට තිබෙන්නේ දරුවාගේ ඥාතීන්ගේ කලබල කිරීම නිසා හදිසි ප්‍රතිකාර කරමින් සිටින දරුවාගේ ප්‍රතිකාර වලට බාධා ඇතිවීමයි. හුස්ම ගැනීම අකර්මන්යවූ දරුවකු බලහත්කාරයෙන් වෙනත් රෝහලකට රැගෙන ගිය බවයි. වෛද්‍යවරුනට දොස් කියන්නට ඉක්මන් වෙන්න එපා. අවසානයේදී වූයේ අනවශ්‍යය කලබලය නිසා අහිංසක දරුවකුගේ ජීවිතය අහිමි වීමයි.
වසන්ත ඔබ කියන උගත්/නුගත් කියන දෙක අතර තියෙන වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? ඒ දෙකෙන් ඔබ ඉන්නේ කුමන පැත්තේද ?
අන්තිමට කුඩා දරුවෙක් අහිමි වුණා. වරද කාගේද. නිකන් මෝඩ කතා නැතුව සහ කුහකකම නැතුව බැලුවොත් මේකට හේතුව මේ සෞඛ්‍ය පද්ධතිය .
වෛද්‍යවරු අතට තම දරුවාගේ ජීවිතය භාර දීමේ අරමුණ ඇතිව රෝහලට පැමිණෙන දෙමව්පියන්, වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීමට ඉඩ ප්‍රස්තාව නොදී සිටිනවා යයි පැවසීම විහිලුවකටත් එහා ගිය උන්මන්තක ප්‍රකාශයක්. මෙතන වෛද්‍යවරු දෙදෙනාම රෝහලේ සිට නැහැ. ඔවුන් ඒ වනවිටත් රාජකාරි කොට ඇත්තේ වෙනත් පෞද්ගලික ආයතනයක බව දරුවාගේ දෙමව්පියන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලියි. මෙවන් අය ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන මිනීමැරීම හිරේ දැමිය යුතු බරපතල වරදක්.
දොස්තර සංගමය වැඩිය දඟලන්න එපා, ජනතාව ඉවසන සීමාවක් තිබෙනවා දැන් එම සිමාව පැනලා තිබෙන්නේ, 1000 ක පමණ ජනතාවක් ජිවත්වන මුළු ගමක්ම අත්අඩංගුවට ගන්න පුලුවන්ද? මෙම 1000 ක පමණ ජනතාව උඩින් වැටුන ඕපපාතික මිනිස්සු නොවේ ඔවුන්ට නෑයන් සිටිති, මිනිස්සු පාරට බැහැලා අහුවෙන , අහුවෙන දොස්තරලට පහර දෙමින් , පුද්ගලික රෝහල් ගිනිතබමින් , ඉදිරියට ආවොත් මොකද වෙන්නේ ? මෙම ප්රශ්නය අධිකරණයට , පොලිසියට විසදන්න දීලා, පැත්තකට වෙලා ඉන්න. ඔය රෝහලට වෛද්‍ය සංගමයේ දොස්තරලට එන්න බැරිනම් , අර නෙවිල් ප්‍රනාන්දුට කියන්න එතුමත් දොස්තර කෙනෙක්නෙ එතුමා ඇවිත් , නොමිලේම ඔය ගමේම මිනිස්සුට ප්‍රතිකාර කරාවී, එතුමාට බැරිනම් ඉන්දියාවෙන් හරි පිට රටින් හරි දොස්තරලා ගෙන්වන්න, හැමදාම දොස්තර සංගමේ පදේට නටන්න බැහැ
ළමයාගේ මරණයේ පුර්ණ වගකිම බලෙන් ළමයා රැගෙන ගිය අයයි, ෆිට් එක පාලනට දෙන බෙහෙත්වල්ට තාවකාලික ස්වසන අපහසුතා වෙන්න පුලුවන්. ඔක්සිජන් සහ අනිකුත් ප්‍රතිකාර වලින් නැවත යථා තත්වයට පත්වෙනවා,
රවිඳු ඔබ හරියටම හරි. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සේවය කරන සියලු වෛද්‍යවරු වහා පන්නා දමා, ඉන්දියාවෙන් හා චීනය වැනි රටවල් වලින් උතුම් වෛද්‍යවරු මෙරටට ගෙන්වමු. එතකොට ඔබ වැනි අයට ඉතා සනීපෙට නින්ද යයි.
මෙතන දොස්තර කෙනෙක් මැරිලා නැහැ. වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව ගැන කතා කරන මේ අය මියගිය දරුවා ගැන නිකමට වත් හිතන්නේ නැහැ. මොන තරම් පහත් තත්වයකටද අද අපේ රටේ දොස්තරලා කියා ගන්න අය පත් වෙලා තින්නේ.
මෙවැනි අය දොස්තරලාට නිගාවකි.
මේක තනිකරම මාෆියාවක්, මේ මාෆියාව නැතිකරන්න පුළුවන් එකම ක්‍රමය දොස්තරලා වැඩ වර්ජනය කරනකොට සාමාන්‍ය මිනිස්සුවන අප විසින් දොස්තරලාට ලබාදෙන සේවා නවත්වන්න ඕනේ ජාල සැපයුම විදුලි සැපයුම ප්‍රවාහනය වාහනයට පෙට්‍රල් ලබාදීම ආදිය නැති කරොත් මේ මිනිස්සුන්ගේ මාපියාව ඉබේම නැතිවෙනවා. අපි දොස්තරලා මත යැපීමට වඩා දොස්තරලා අපිමත යැපීම වැඩිය.
මගේ ගැහැණු දරුවා ඉහලකින් අද වැටී තුනටියේ අඟල් 3ක පමණ කැපුම් තුවාලයක් සහිතව නුවරඑළිය මහා රෝහලට ඇතුලත් කළා රාත්‍රී 7.00ට පමණ. රාත්‍රී 9.00 වන තුරු පී සී යු අංශයේ ඉන්දවා තබා පසුව වාට්ටුවට ඇතුලත් කළා. වාට්ටුවේ වෛද්‍යවරයා දුවව පරීක්ෂා කරේ රාත්‍රී 11.00 ත් පසුවී. එතෙක් තුවාලයට කිසිදු ප්‍රතිකර්මයක් සිදු කලේ නැහැ. තුවාලයට මැහුම් යෙදුවේ පසුදා සවස 4.00 ට. වෛද්‍යවරුන්ගේ උත්සවයක් නිසා ප්‍රමාද වූ බව පසුව පැවසුවා. පැය 21ක් කිසිදු ප්‍රතිකර්මයක් නොමැතිව දරුවා නිකරුනේ රෝහලේ ගත කරා.
ජීවිතයක් අහිමිවීම ගැන මේ සංගමය කිසිවක් කියන්නේ නෑ. නියම වෘත්තිකයින් නම් තමන්ගේ වැරැද්ද ගැනත් ස්වයං විවේචන කරන්න ඕන. ඔවුන්ගේ සාමාජිකයින් සියලුම අවස්ථාවල 100% නිවැරදි කියන මානසික ලෙඩෙන් පෙළෙන මේ සංගමයට අබ සරණයි.
රටේ දොස්තරලා දැන් අධිකරණ තීන්දුවත් දීල ඉවරයි වගේ? රෝගී දරුවාගේ අසාධ්‍ය තත්වය වෛද්‍යවරයා අවබෝධ කර ගත්තා නම් රෝහල් ගිලන් රථයෙන් වෙනත් රෝහලකට වහා යොමු කිරීමනේ කල යුත්තේ? දරුවාගේ මව්පියන් එම ඉල්ලීම කර තිබුනත් වෛද්‍යවරයා දරුවා අසලටවත් පැමිණ නොමැති බවට තමයි ඔවුන් චෝදනා කරන්නේ. අනුන්ගේ දරුවන් මැරුණාට, තමන්ගේ දරුවන් යහතින් සිටිනවා නම්, ඒ ඇති, කියන මට්ටමේ සිටින දුර්ජනයින් සිටින රටක තමයි අපි මේ ජීවත් වෙන්නේ?? උතුම් වෛද්‍ය වෘත්තියට නුසුදුසු දුර්ජනයින් රැලක් වෛද්‍ය වෘත්තියට පිවිසීමේ අයහපත් ප්‍රතිපල තමයි වත්මන් මේ සමාජය බුක්ති විදිමින් සිටින්නේ.
මෙයට හොදම ප්‍රතිචාරය පුද්ගලික වෛද්‍ය කඩ ටික තහනම් කිරීමයි. කිසි සිහියක් නැහැ ගෙදර දුවනකල්, මොකද තියෙන්නේ මුදල් හම්බ කිරීමේ චේතනාව විතරයි. ඉස්පිරිතාලෙට එන දුප්පත් අසරණ ලෙඩ්ඩු මැරුණට කමක් නැහැ. නිදහස් අධ්‍යාපනය ලබල ඔය රටට කරන සේවය. ඔය අනතුරු ඇඟවීම මහජනයා ඇවිස්සෙනකම් විතරයි. එතකොට කියන්න කෙනෙක් නැතුව යනවා .
ලංකාවේ වෘත්තීය සමිති සහ වැඩ වර්ජන කියන දේවල් තහනම් කරන්න බැරිද ...? මම රැකියාව කරන ජීවත් වෙන්නේ මැදපෙරදිග... මේ රටවල් වල ඔය කෙහෙල් මල් කිසි දෙයක් නැහැනේ.. බලන්න මේ රටවල් වල දියුණුව... අපේ ලංකාවේ සිංහල මිනිස්සුන්ට පුදුම ලෙඩ තියෙන්නේ.. ජාතියක් විදිහට අපිට ඔලුව උස්සන්න උවමන්වක් නැහැ . අපි පුංචි කාලෙත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්.. පරම්පරා කීයක් යාවිද තව මේ තත්ත්වය වෙනස් වෙන්න...
රට දියුණු කරන්නනම් රටට කොමියුනිස්ට් පාලනයක් අවශ්‍යයි... චීනය වේගයෙන් දියුණු වෙන්නෙ හේතුව එයයි. මිනිස්සුන්ට කොපමණ බදු ගැහුවත් මොනවත් කියන්නේ නැහැ. මොකද රජය ඒව රටේ දියුණුවට යොදවනවා. අපේ රටෙ බදු වලින් පඩි ගන්න නිලධාරි වර්ජනය කරමින් ඉන්නව. දේසපාලකයෝ සූර සැප විදිම්න් ආයෙත් බලයට එන්නේ කොහොමද කියල බලනව. ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ?
රාජකාරී වෙලාවේදී පෞද්ගලික ඩිස්පෙන්සරිවල වැඩකරන දොස්තරලා අල්ලන්න, කඩා පනින හමුදාවක් හදන්න පුළුවන් ආණ්ඩුවක් රටට ලැබෙන තෙක් දොස්තර මාෆියාව නැති වෙන්නේ නැත.