ඩී.ජී.සුගතපාල
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ දහවල් සිදුවු ගැටුමෙන් පසු ලබන සඳුදා දක්වා එය වසා දමා තිබේ.
තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් සහ ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් අතර සිදුව ඇති මෙම ගැටුමේදී තුවාල ලැබු තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
පසුව තුවාල ලැබු එක් සිසුවෙකුගේ ගමේ පදිංචි යහලුවෙකු පැමිණ සිසුන් කිහිප දෙනෙකුට පහරදිමට උත්සාහ කළ අවස්ථාවේ එම සිසුන් ඔහුටද පහරදීම නිසා ගැටුම දුරදිග යාම හේතුවෙන් ආයතනය වසා දැමීමට අධ්‍යක්ෂවරයා විසින් මෙසේ තිරණය කර ඇත.
ඊයේ සවස් වනතුරුත් ගැටුමට සම්බන්ධ සිසුන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොතිබු අතර අක්මීමණ පොලිසිය විසින් ඒ අවට ආරක්ෂාව තරකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd