(රංජන් කස්තුරි)
දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව හමුදා සාමාජිකයන්ට ලබාදීමට ආණ්ඩුව සුදානම් වෙමින් තිබෙන බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.
අසාධාරණ වැඩවර්ජන නිසා ජනතාවට සිදුවන අපහසුතා මගහැරීමේ අරමුණින් එවැන්නක් සිදු කිරීමට අවශ්‍යව ඇතැයි එහිදී රාජිත සේනාරත්න මහතා කීවේය.
මීට ඉහත 1960 සහ 1970 යන කාලවලදී වාරාය,ලංගම ආදී අයතනවල වැඩවර්ජන සිදුවු අවස්ථාවලදී ඒවාට හමුදාව මැදිහත් වූ බවද ඔහු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
එහෙම තමයි වෙන්න ඕන.
හොඳ වැඩක් නමුත් ඇමතිතුමා ඕවා පත්තරේ දමමින් අඩබෙර ගහමින් කලයුතු වැඩ නොව හෙමින් සීරුවේ රහසිගතව කලයුතු වැඩ.
ඉතාම හොඳ අදහසක් උනත් මේක ආවේ විශාල ලෙස පරක්කු වෙලා නේද කියා දුම්රිය මගීන් රජයෙන් අහනවා! හොස්ස ලඟින් මැස්සා යන්න ඉස්සර වෙලා, වෙන රටවල අන්තිම තුරුම්පුව ලෙස ගසන වර්ජන අවිය අපේ රටේ අය මුලින්ම ගහලා දුම්රිය මගින් ප්‍රාණ ඇපකරුවන් හැටියට ගැනීම මින් ඉදිරියටවත් "මන්දගාමී " වේදැයි මගීහු කල්පනා කරති. ඕනෑම දෙයකදී "වර්ජන අවිය මුලට, සාකච්චාව ඊට පසුව" යන ආකල්පය රටෙන් තුරන් කර දැමීමට හෝ අඩුකර දැමීමට මෙය මහඟු අවසථාවක් කරගන්න.
බොහෝ රටවල හමුදා සහ අනිකුත් ආරක්ෂක අංශවල සේවයේ නියතුවූවන්ට හදිසි අවස්ථාවලදී අත්‍යාවශ්‍ය සේවාවල් අඛණ්ඩව පවත්ගෙන යෑම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. එම ක්‍රමය ලංකාවට ඉතාම සුදුසුයි. නිදසුනක් වශයෙන් සමහර රටවල, විශේෂයෙන්ම යුරෝපයේ හමුදාවල වෛද්‍ය බළකාය සාපේක්ෂිතව ඉතා විශාලයි. ඕනෑම වෙලාවක රටේම වෛද්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඔවුන් සූදානම්. අපේ අසල්වාසී ඉන්දියාවත් මේ ප්‍රතිපත්තිය යම් තරමකට ක්‍රියාත්මක කරනවා. වරාය, ගුවන් තොටුපොලවල්, වෛද්‍ය,, ගමනාගමන, ඉන්ධන, පාරිභොගික ද්‍රව්‍ය ප්‍රවාහනය ආදිය ඒ අතර වෙනවා. මට ඉතා සතුටුයි දේශපාලකයෙක් රටට ඉතා හිතකර ප්‍රකාශයක් කිරීම ගැන.
හොද වැඩක්. වැඩ කරන රජයේ සේවකයෝ ඉස්සෙලම හිතන්න ඕනේ පළමුව ජනතාව දෙවනුව අනේක් එව්වා ඔක්කොම කරන්නේ ජනතාව බිල්ලට දීලා වර්ජන කරන එක හැබැයි තේරුම් ගතයුතු දෙය නම් ඔව්න්ට පඩි දෙන්නේ ආණ්ඩු පවතින්නේ ජනතාව ගේ සල්ලි වලින් කියලා
බොහොම හොද මෙන්ම වටිනා අදහසක්. හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම මහජනතාවට ප්‍රයෝජනවත් වේ.
ඊළඟට දොස්තරලා
ඉතා හොඳයි ඉක්මනින් කරන්න..
ඉතාමත්ම හොඳ අගය කල යුතු වැඩක්. දුම්රිය සේවකයන් ස්ට්‍රයික් කරනා විට අසරණ වෙන මගී ජනතාවට සහන සැලසීම රජයේ වගකීමක්. හමුදාව යොදා දුම්රිය ධාවනය වෙන විට ස්ට්‍රයික් වල ගෑස් බහීවි. මේ තත්වය තවත් දියුණු කොට ප්‍රයිවට් බස් ස්ට්‍රයික් කරනා විටත් හමුදාව යොදවා එම බස්ද ධාවනය කිරීමට කටයුතු යෙදුවොත් බස්කාරයන්ගේත් ගෑස් බහීවි.පොදු ජනයාට යහපත සැලසේවි.
පක්ෂ, පාට, බේදයකින් තොරව, කවරකුද නොව, පැවති හා පවතින රජයට හිසරදයක් වූ වර්ජන නිමා කිරීමට ගත් වැදහත් තීරණයක්. මගී අපගේ ප්‍රණාමය
හොද වැඩක් කරලා.
වෛද්‍ය සේවයට එලෙසම කරන්න.
අන්න එක නම් හොද වැඩක්. හිතු හිතු ගමන් වැඩවර්ජන කරන මිනිස්සුන්ට කට උත්තර නැති වෙන්න ඔහොම වැඩක් කරන එක. ඔහොම පුලුවන්නම් දොස්තර මහත්තුරු කරන වැඩවර්ජන වලටත් යම් පිලියමක් කරන්න. ඒ වැඩවර්ජන තමයි ඉතාමත් භයානක. හිත් පිත් නැති මිනිස්සු ඉන්න රටක් දැන් ලංකාව කියන්නේ...
බොහොම හොඳයි. මගීන්ගේ කාලය ඉතිරි කර ගන්නත් පුළුවන් විනයානුකූව වේලාවට කලාවට වැඩත් කරයි .
බස් රථ පුහුණුවක් දුන්නොතින් හොද නැත්ද ?
ඉතා හොද තීරණයක්.
හා හා බලාගෙන, ඔය යෝජනාවට එරෙහිව ආයෙත් වර්ජනය කරයි.
තාම සුදානම් වෙනවා විතරද? මේ ආණ්ඩුව හැම ප්‍රශ්නයක්ම ඔඩු දුවනකම් ඉන්නවා පිළියමක් යොදන්නට.
හමුදාව දැන් ගමරාලගේ වංගෙඩිය වගේ වෙලා..
මෙම තීරණය ඉතාම හොඳයි. නොපමාව ක්‍රියාත්මක කරන්න. මෙය ලංකාවේ කරන්න බැරිවේවි. විදේශ ගතකර හෝ කරන්න. ඒ අතරම රාජ්‍ය සේවයට බඳවා ගන්නා සැමටම ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහාද අනිවාර්ය පුහුණුවක් දෙන්න. වර්තමානයේ සමහරක් මාණ්ඩලික නිලදාරිනියන් ඉන්නේ ජනාධිපතිටත් ඉහළ අයවගේ.