කාන්තාවන් රට යවන අනංගයා අල්ලයි ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙරට කතුන් සංචාරක විසාවලට ගෘහ සේවයට වෙනත් රටවල පිටත් කරන ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත කාර්යාලය ගලේවෙල ප්‍රදේශයෙන් සොයා ගනී. 16 December 2017
මුරකරුට පහර දී සඳුන් ගස කපති අඟුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා භූමියේ තිබූ අඩි දෙක හමාරක පමණ වට ප්‍රමාණයකින් යුත් වටිනා සඳුන් ගසක් අද(16) අලුයම පුද්ගලයින් සිව් දෙනෙකු විසින් කපා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම පුද්ගලයින් ප්‍රාදේශීය සභාවේ මුරකරුට පහර දී ඔහුගේ දෑස් බැඳ මෙම සඳුන් ගස කපා ගෙන ගොස් තිබේ. 16 December 2017
මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි. 16 December 2017
ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කරගන්නා ලදි. ඔවුන්ට පත්වීම් ලිපි අද(16) පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ප්රදානය කෙරිණ. 16 December 2017
පොලොන්නරුව බන්ධනාගාරයේ රැඳවියෙක් දිවිනසාගනී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි 15 හැවිරිදි අයෙකු අද(16) අලුයම ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 16 December 2017
ඩී. එස්. සේනානායක වට රවුම අසළ මළ සිරුරක් අනුරාධපුර නගරයේ ඩි.එස්.සේනානායක වට රවුම ආසන්නයේ තිබු පුද්ගලයෙකු ගේ මළ සිරුරක් අද (16) දින උදැසන පොලිසිය මගින් සොයා ගෙන තිබේ. 16 December 2017
පොලිස් කොමිසම ශක්තිමත් මදිලු ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් විය යුතු යැයි මෙරට සංචාරයක එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීහූ කොළඹදී අද (15) ප්‍රකාශ කළහ. 15 December 2017
ලංකාවෙ නිෂ්පාදනවලට රුසියාවෙන් තාවකාලික තහනමක් ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ. 15 December 2017
හලාවත එජාප සංවිධායක ශ්‍රීලනිපයට හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (15) ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 15 December 2017
’ශ්‍රිපාදස්ථානය අඹගමුව ප්‍රා.සභාවෙන් වෙන් වීමෙන් ගැටුම් ඇතිවෙනවා’ අඹගමුව ප්‍රාදේශීය සභාව ලෙස පැවැති බල ප්‍රදේශය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් කොටස් තුනකට කැඩීමෙන් ශ්‍රීපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප්‍රදේශයකට නතුවන බවත් ඉන් බෞද්ධයින්ට හිමි තැන නැතිවී ජනවාර්ගික ගැටුම් ඇතිවිය හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්හ. 15 December 2017
පාතාලයේ සිව් දෙනෙක් පොලිසියට කොටු වෙති මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප්‍රබල පාතාල සමාජිකයකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන පදුමා නැමැත්තා ඇතුලූ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 15 December 2017
උත්සව සමයේ කොළඹ ආරක්ෂාව වැඩි කරයි උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගැනීම සඳහා පිටකොටුවට පැමිණෙන ජනතාව සොරුන්ගෙන් හා ගැටකපන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අද (15) විශේෂ අපරාධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. 15 December 2017
දළ පුට්ටාවාගේ දළ ගැන රසායන පරීක්ෂණ අරඹයි අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ජාතික සවෝද්යානයට රැගෙන ආ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ සම්බන්ධයෙන් රසයානාගාර පරික්ෂණ කටයුතු ඇරඹු බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය අද (15) ප්‍රකාශ කළාය. 15 December 2017
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව නඩු විභාගය කල්යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය. 15 December 2017
ගෝඨාට එරෙහි අතුරු තහනම දිගුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන ජනවාරි 25 වැනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය. 15 December 2017
අල්ලස් ගත් පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ් රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය බාරයේ ඇති රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් 3000 ක අල්ලස් ලබාගත් පොල්ගහවෙල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන ඇත. 15 December 2017
ලෝටස් පාර තාවකාලිකව වසයි විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර සහ කොළඹ ලංකා බැංකුව පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි. 15 December 2017
ආවේණික කුරුල්ලන් සිව්දෙනකුගේ සමරු මුද්දර 4ක් ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 15 December 2017
බකමුණේ ගොවීහු පාරට බසති මෙවර මාස් කන්නයේ වී වගාව සඳහා තම කුඹුරු වලට මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු අද (15) බකමුණ නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ. 15 December 2017
අලුත හැදු නිවසක අභිරහස් මරණයක් බදුල්ල මහ රෝහලට නුදුරින් පිහිටි ගුරන්දවත්තේ නිවෙස් සමූහයක් මැද පිහිටි අලුතින් හදන නිවාස ගොඩනැගිල්ලක් තුළදී අභිරහස් ලෙස මරණයට පත්වූ පුද්ගලයකුගේ සිරුරක් අද (15) හමුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 15 December 2017
ශි‍්‍රයාණි විජේවික්රමට පළාත් සභා රාජ්‍ය ඇමැති පුටුවක් පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශි‍්‍රයාණි විජේවික්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය. 15 December 2017
ගෘහ සේවිකාවගේ දේහය සෞදියේ සිරවෙයි සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්රාතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසෙකටත් පමණ කාලයක් ගත වී ඇතත් තවමත් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇතැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රාදේශයේ පුතෙක් හෙළි කළේය. 15 December 2017
කල්පිටි වැලි නිධියකින් කැණිම් කළ තුනක් පොලිස් දැලේ කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල ජුබිලි මාවතේ පිහිටි වැලි නිධියකින් වැලි කණිමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 15 December 2017
ශ්‍රී ලංකාව ඔටෝවා ප්රඥප්තිය ක්‍රියාවට නංවයි බිම්බෝම්බ වලින් තෝර ලෝකයක් සඳහා 1997 වසරේදී අත්සන් තබන ලද ඔටෝවා ප්රඥප්තිය ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර තිබේ. 14 December 2017
නාමයෝජනා ගන්නා ස්ථානවලට උපකාරක සේවාවක් නාමයෝජනා බාර ගන්නා සෑම ස්ථානයකම මැතිවරණ කොමිෂන් සභාව මඟින් උපකාරක සේවාවක් (Help Desk) ක්‍රියාත්මක කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 14 December 2017
මැතිවරණ ප්‍රචාර වලට පොලිතින් තහනම් පළාත් පාලන මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී පොලිතින් භාවිතය තහනම් කරන ලෙසට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (14) දැනුම් දී ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග කියයි. 14 December 2017
පොලිස් නිලධාරීන් 24කට ස්ථාන මාරුවීම් පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී උසස් පොලිස් නිලධාරීන් 24 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 14 December 2017
පවතින වැසි හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක් පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. 14 December 2017
තංගල්ලේ ගැටුමකින් එක් අයෙකුට තුවාල ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය තංගල්ල රැකව ප්‍රදේශයේදී ආරම්භ කළ කකුළු ව්‍යාපෘතියකට විරෝධය දැක්වු ප්‍රදේශවාසීන් හා ඊට සහය දැක්වු පිරිසක් අතර අද (14) ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 14 December 2017
බුලත්සිංහල කෝන්ගස්තැන්න නායයයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගස්තැන්න ග්‍රාම නිලධාරී වසමේ ඉංගිරිය-ඈගල්ඔය මාර්ගයේ ,හල්වතුර හන්දිය ප්‍රදේශයේ මීටර් 50-60 ක ප්‍රදේශයක පස් කන්දක් නායගොස් ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි. 14 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026