පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කළ 12 කට මත්කුඩු චෝදනා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු පෙළ ජෙලර් තනතුරට උසස් කරන ලද 37 දෙනෙකුගෙන් 12 කට ආසන්න පිරිසක් මතුකුඩු චෝදනා ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්වුවන් බවට අසාධාරණයට ලක්වු ජෙලර්වරුන් පිරිසක් සඳහන් කරයි. 24 May 2018
බන්ධනාගාර නිලධාරීන් 5 කගේ සේවය අත්හිටුවයි වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් පලා ගිය මත්කුඩු ජාවාරම්කරුවකු රටින් පිටව යන්නට ඇති බවට සැක කෙරේ. 24 May 2018
තල්විල මෝය කපා දමයි - මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා පිටාර ගලා යමින් පවතින කඩුපිටි ඔයේ ජලය කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත. 24 May 2018
තබ්බෝව ජලාශය වාන් දමයි කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4ක් අඩි 1 බැගින් අද (24) උදෑසන විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි. 24 May 2018
දුම්වැටි තොගයක් කටුනායකින් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ එක් පුද්ගලයකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 24 May 2018
හම්බන්තොටට ස්වභාවික ගෑස් බලාගාරයක් චීනයේ සහාය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොට ඉදි කෙරෙන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (23) පැවැසීය. 23 May 2018
පාර්ලිමේන්තු පරිශ්රයටත් ගංවතුර අවදානමක් ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති. 23 May 2018
ගෙවා ගන්න බැරි ණය ගත්තු කාලය ඉවරයි - අගමැති අසීමාන්තිකව ණය ගෙන ඒවා ගෙවා ගන්නට නොහැකිව දුක් විඳින කාලයකට නැවත ගමන් කරන්නට ජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය. 23 May 2018
මහනුවර 1471ක් පීඩාවට මහනුවර දිස්ත්‍රික්කය තුල පවැතින අධික වර්ෂාව හේතුවෙන් අද 23 සවස වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 332 කට අයත් පුද්ගලයින් 1471 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් එයින් ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20 කට අයත් පුද්ගලයින් 88 දෙනෙකු තව දුරටත් රැඳී සිටන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කීය. 23 May 2018
පුත්තලමේ 14,825ක් අවතැන් අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 14,825 දෙනකු අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්. චිත්‍රානන්ද මහතා කියයි. 23 May 2018
සැඩ පහරට ගසාගෙන ගිය පාපැදිකරු සොයයි ගම්පහ පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ බෝධිය අසල සපත්තු පාලම ඔස්සේ පා පැදියකින් යමින් සිටි පුද්ගලයෙකු සැඩ ජල පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇත. 23 May 2018
ගංවතුරට ආණ්ඩුවේ සුදානම මදි - බිමල් රත්නායක ගංවතුරට ආණ්ඩුවේ සුදානම ප්‍රමාණවත් නැතැයි ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය. 23 May 2018
කෝටි 232,500ක චීන අයෝජන ලංකාවේ ඉකුත් වසර අවසන් වනවිට චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි මෙරට චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා කොළඹදී අද (23) ප්‍රකාශ කළේය. 23 May 2018
දිස්ත්‍රික්ක 5 ක් නාය යාමේ අවදානමක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 5ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 23 May 2018
දුම්බර ඉඩම් කොල්ලයට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් නකල්ස් රක්ෂිතයට අයත් ඉඩම් නීති විරෝධී ලෙස බදු දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. 23 May 2018
කතානායකගෙන් විමල්ට දැඩි අවවාද පාර්ලිමේන්තුව විගඩමක් කර ගන්න එපා යැයි කතානායක කරු ජයසුරිය මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කරමින් අද (23) කියා සිටියේය. 23 May 2018
බැංකු නොවන මූල්‍ය ආයතන ගැන එක්දින විවාදයක් අර්බුදයට ලක්ව ඇති බැංකු නොවන මූල්‍ය ආයතන (ෆිනෑන්ස් කම්පැනි) පිළිබඳව එක් දින විවාදයක් ලබා දෙන බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 May 2018
ආපදා නිසා ලක්ෂයක් පීඩාවට - 11ක් මරුට දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 27,064 කට අයත් පුද්ගලයින් 105,352 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2018
එජාපෙ පත්කළ මන්ත්‍රී නවාවි ඉල්ලා අස්වේ එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම් එච් එම් නවාවි මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 23 May 2018
ටෙක්නිකල් හංදියේ මාර ගසක් වැටී යතුරුපැදිකරුවකු රෝහලේ අධික වැසි හේතුවෙන් මරදාන ටෙක්නිකල් හංදියේ දුම්රිය මුලස්ථානය ඉදිරිපිට ඇති මාර ගසක් පාර හරහා කඩා වැටීම හේතුවෙන් යතුරුපැදි කරුවකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 23 May 2018
කළු - අත්තනගලු ගංගා තවමත් ගං වතුර මට්ටමේ කළු ගඟ, අත්තනගලූ ඔය හැරුණු විට සෙසු ප්‍රධාන ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 23 May 2018
ඇවන්ගාඩ් පෙත්සම් විභාගයෙන් විනිසුරු මුරුදු ප්‍රනාන්දු ඉවත්වෙයි ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ පවත්වාගෙන යන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුරුදු ප්‍රනාන්දු මහත්මිය ඉවත් වුවාය. 23 May 2018
පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි දරුවා පොලීසියේදීම අපයෝජනය කරලා වැලිඔය පොලිසිය අත්අඩංගුවේ සිටි තමා එදින රාත්‍රියේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් බරපතල ලෙස අපයෝජනය කළ බවත් එම තත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්වයක පසු වන බවත් 12 හැවිරිදි පිරිමි දරුවකු උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිළධාරීන්ට ප්‍රකාශ කර තිබේ. 23 May 2018
කාලගුණයේ බලපෑමෙන් විභාග 8ක් කල්දමයි මේ වන විට ශ්‍රි ලංකාව තුල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග 8ක් කල් දමා ඇත.එම විභාග නැවත පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 23 May 2018
කම්කරු නීති වෙනස් වෙයි වැඩ කරන ජනතාවට බලපාන ප්‍රධානතම ආඥා පනත් හතරක් එකතුකර එක් සේවා නියුක්ති පනතක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 23 May 2018
ලක්ෂ 56 ක කැබ්රියක් සොරාගත් හිටපු ප්‍රභූ ආරක්ෂකයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 56 වටිනා කැබ් රථයක් සොරකම් කර ලක්ෂ 12 අලෙවි කළැයි කියන හිටපු ප්‍රභු ආරක්ෂක අංශ යුද හමුදා කොප්රල් වරයෙකු නීතිය බලාත්මක කිරීමේ මීගමුව ඒකකය නිළධාරින් විසින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත. 23 May 2018
කොටි සාමාජිකයකුගේ නිවස අසලින් ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගනී කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයකුගේ නිවස ආසන්නයේ වළදමා තිබූ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් හා ජීව පතුරම් තොගයක් අද (23) දහවල් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී සොයා ගනු ලැබීය. 23 May 2018
පාර්ලිමේන්තුවේ ඝණ පූරණය නොමැතිව සීනුව නාදකරයි ඇතිව තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුවේ ගණ පූරණය නොමැති විය. 23 May 2018
ඉතිරි පළාත් සභා තුනේ මැතිවරණය ගැන තීරණය මේ සතියේ විසුරුවා හැර තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමඟ සාකච්ඡා කර මේ සතියේදී තීන්දුවක් ලබා දෙන බව තමාට පැවසී යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 May 2018
බස්-යතුරුපැදි අනතුරින් අයෙක් මරුට තලාව එප්පාවල මාර්ගයේ බටුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 45 හැවිරිදි පුද්ගලයකු අද (23) මිය ගිය බව එප්පාවල පොලිසිය කියයි. 23 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026