කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පිළි පනී කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව සහ පන්නිපිටිය අතරදී පස්වරු 5.30ට පමණ පීළිපැනීමකට ලක්වී තිබේ. 22 May 2018
ණයබරතාවය ගැන විවාදයට එන්නැයි මංගලගෙන් මහින්දට ආරාධනාවක් රටේ ණයබරතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහීනි විවාදයකට එන්නැයි හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් ආරාධනා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 22 May 2018
වත්තේකඩෙන් මතුවූ පොකුණ ගැන සොයයි හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ වත්තේකඩේ ප්‍රදේශයේ ප්‍රධාන පාර අද්දර කඳු ගැටය අස්සේ ජලය පිරුණු දිය පොකුණක් මතු වී ඇති අතර එම දිය පොකුණ අම්බුළුවාව කඳු දෙසට ඇති බවත්, මේ මතු වී ඇත්තේ ගම්පොළ රාජධානියේ පෞරාණික ස්ථානයක් විය හැකි බවට සැක කරන බවත් ප්‍රදේශවාසීහු කියති. 22 May 2018
ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලයි ගං වතුර ඉන්ධන සහ කිරිපිටි මිල වැඩිවිම ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන ඒකාබද්ධ විපක්ෂය කඩිනම් විවාදයක් දෙන ලෙස දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (22) සවස දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 22 May 2018
ආපදා සහන දෙන්න කොට්ඨාසයකට දස ලක්ෂයක් ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියනය බැගින් මුදල් ලබාදී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. සමරතුංග මහතා පැවසීය. 22 May 2018
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුර සඳහා තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රමාද කිරීම ගැන සොයා බලන්නැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. 22 May 2018
අල්ලස් ගත් නිකවැරටිය විදුලි අධිකාරිවරයා රිමාන්ඩ් සත්ත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයට අවශ්‍ය තෙකලා විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 20,000ක මුදලක් ගත් බව කියන ලංකා විදුලිබල මණ්ඩලයේ නිකවැරටිය ප්‍රාදේශීය පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරිවරයා ලබන 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියෝග කළේය. 22 May 2018
සුනිල් ද සිල්වා කෙන්යාවේ මහකොමසාරිස් ධුරයට මාස කිහිපයක් තිස්සේ හිස්ව පැවති කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට සුනිල් ද සිල්වා මහතා නම් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 22 May 2018
උද්ඝෝෂණයට සහය දුන්නැයි රිමාන්ඩ් කළ සූපවේදියාගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහිව උද්ඝෝෂණ සිදු කළැයි කියමින් නීතීවිරෝධී අන්දමින් තමන් අත්අඩංගුවට ගෙන එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශ්‍යයෙන් නම් කර රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කළැයි පවසමින් හම්බන්තොට ප්‍රදේශයේ සුපවේදියකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 22 May 2018
කෝටි 2 අල්ලස් සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති 22 May 2018
නාය යෑමේ අවදානමෙන් ගිනිගත්හේන වෙළෙඳසල් 52 ක් ඉවත් කිරීමට පියවර ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාය යෑමේ අවදානමකින් ව්‍යාපාරික ස්ථාන 52 ක් ඉවත් කිරීමට ව්‍යාපාරිකයින් දැනුවත් කළ බව ගිනිගත් හේන පොලිසිය පවසයි. 22 May 2018
මුලතිව්හි කොටි ආයුධ සොයා කැණීමක් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන්නට ඇතැයි සැකකෙරෙන ආයුධ තොගයක් සොයා අද (22) උදෑසන කැනීමක් ඇරඹුහ. 22 May 2018
කන්තලේ සීනි සමාගම පැවරීමේ ලේඛන අමාත්‍යංශයෙත් නෑ කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකා වලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට අල්ලස් කොමිසම දැනුම් දුන්නේය. 22 May 2018
ලේලිය ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඬුවම නිවසේ ඇතිවු බහින් බස්වීමක් දුරදිග ගොස් සිය ලේලියට පිහියෙන් ඇණ ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඩුවම නියම කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍යය කාන්ත මද්දුමපටබැදිගේ මහතා අද (22) නියෝග කළේය. 22 May 2018
ධීවර සංස්ථාවේ නව සභාපති හේමාල් ගුණසේකර ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පත් කර තිබේ. ධිවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර හේමාල් ගුණසේකර මහතා සිය ධුරයේ වැඩ භාරගත්තේය. 22 May 2018
‘උණ රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන වැරදියි’- චන්දිමා රාසපුත්ර මේ දිනවල දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගය පිළිබඳ මාතර සහ කරාපිටිය රෝහල් වලින් නිවැරදි සංඛ්‍යා ලේඛන නොදෙන බවත් එම තොරතුරු වසන් කරන්නේ ඇයි දැයි නොදන්නා බවත් අද (22) පැවති දකුණු පළාත් සභා රැස්විමේදී අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පැවසීය. 22 May 2018
න්‍යෂ්ටික පරික්ෂණ වැඩබිම් වැසීම වාර්තාකරණයට මාධ්‍යවේදීන් උතුරු කොරියාවට න්‍යෂ්ටික පරීක්ෂණ කරන වැඩබිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීයෝ උතුරු කොරියාවට පැමිණෙමින් සිටිති. 22 May 2018
දකුණේ පැතිරෙන වෛරසය ගැන මහ ඇමැති වාර්තාවක් ඉල්ලයි දකුණු පළාතේ දරුවන් අතර පැතිරියන වෛරස් උණ රෝගය පිළිබද හා දැනට මෙම රෝගි තත්වයට ලක්විමෙන් දකුණු පළාතේ සියලුම රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබන රොගින් ගැන සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා පළාත් සෞඛ්‍ය ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත උපදෙස් ලබා දි ඇත. 22 May 2018
එළුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය නවතී පැවති අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යාමෙන් දින කිහිපයක සිට පුත්තලම වනාතවිල්ලුව එලුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණ ඇණ හිට තිබේ. 22 May 2018
එමිල්-රංගජිව යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අවස්ථාවේ දී එහි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව 22 May 2018
දකුණු පළාත් සහාවට මහ දවාලේ ගෙනා ලන්තෑරුමට තහංචි දකුණු පළාත් සභාව අද (22) රැස්වු අවස්ථාවේ භුමිතෙල් මිල වැඩි කිරිමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් මහතා ලැන්තෑරුමක් සහ පන්දමක් ද විරෝධතා පුවරුවක්ද සභාව තුළට ගෙන ඒමට සුදානම් වු අවස්ථාවේ සභාපතිවරයා විසින් ඒවා සභාව තුළට රැගෙන ඒම තහනම් කරන ලදි. 22 May 2018
ජල ගැලුම් ප්‍රදේශවල විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ අතහරිති ජල ගැල්මෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරිමේ වෘථ්තිය ක්රියාමර්ගයෙන් ඉවත් වන ලෙසට විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දී ඇත. 22 May 2018
බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය බස් ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. 22 May 2018
‘ආවා‘ කල්ලියේ ප්‍රබලයකු පොලිස් අත්අඩංගුවට ‘ආවා‘ කල්ලියේ සිදුවීම් රැසකට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලීසියට අත්‍යවශ්‍යවම සිටි ‘පෝල් ‘ නොහොත් පෝල් වෙනිස්ටන් නැමත්තා අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 22 May 2018
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට කැලණි ගඟේ හංවැල්ල ජල මාපකයේ අද (22) උදෑසන වන විට මීටර් 8-60 දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණි. 22 May 2018
රාජිතගේ ප්‍රකාශට විරෝධය පා කලු පටි බැද හබරාදුව ප්‍රා.ස විරෝධයක් සෞඛ්‍ය ඇමති රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් රණවිරුවන්ට අපහාසවන අන්දමින් කරන කරන ලද ප්‍රකාශයට විරෝධය පල කිරිම සදහා හබරාදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම 22 May 2018
මිලියන 20 ක අල්ලස් ගත් දෙදෙනා ජුනි 5 දා දක්වා රිමාන්ඩ් කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්‍ර උපකරණ පවරා දිම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ගනිද්දී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපති ජුනි 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියම කළේය. 22 May 2018
රත්තරන් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට තම සිරුරු වල සඟවා ගෙන නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 May 2018
මහ වැස්සෙන් 52,400ක් පීඩාවට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් 8ක දිස්ත්‍රික්ක 18 ක පවුල් 14,432කට පමණ අයත් පුද්ගලයින් 52,380 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. 22 May 2018
මත්පැන් බී එකිනෙකාට පහරදී ගත් පිය-පුතු රෝහලේ අධික ලෙස මත්පැන් පානය කළ පිය පුතු දෙපළක් අතර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ගඩොල් ගල් මුල් හා අතින් පයින් පහරදීම හා සපා කෑම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී මීගහකිවුල රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි. 22 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026