බදුල්ලේ අධික වර්ෂාවෙන් පුද්ගලයන් 207ක් අවතැන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 51ක පුද්ගලයන් 207ක් අවතැන් වී නිවාස 63කට අර්ධ හානි සිදුවී ජීවිත හානි 2ක් අද (22) වන විට වාර්තා වී තිබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 22 May 2018
ජෙහාන් පීරීස් එවරස්ට් මුදුනට එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට ජොහාන් පීරිස් අද (22) සමත් වී ඇත. 22 May 2018
මුලතිව්හි තනි දළ ඇතාට විදුලි සැර වැදී මරුට මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී දැවන්ත ඇතෙකු කිසියම් පිරිසක් විසින් දමා තිබූ විදුලි රැහැනකට හසු වී ඊයේ (21) දින මිය ගොස් තිබියදී සොයා ගත් බවට මුලතිව් වනජීවි නිලධාරීහු කියා සිටියහ. 22 May 2018
වැස්සෙන් පුත්තලමේ පවුල් 1486 ක් අවතැන් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1486 ක පුද්ගලයින් 5862 ක් අවතැන් වී සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. 22 May 2018
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක මන්තිරුවක පස් කදු කඩා වැටිමෙන් හා නාය යාම් හේතුවෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මන්තිරුවකට සිමා කර ඇත. 22 May 2018
දුම්රිය ගමන් ලුණුවිලට පමණයි අධික වර්ෂාවත් සමඟ හැමිල්ටන් ඇළ නාත්තන්ඩිය තුන්මෝදර ප්‍රදේශයෙන් පිටාර ගැලිම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට කොළඹ හලාවත හා පුත්තලම දක්වා දුම්රිය ධාවනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා සීමා වි ඇති බව පුත්තලම අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. 22 May 2018
බස්ගාස්තු වැඩියෙන් ගත්තැයි කොන්දොස්තරට පහර දීලා ඉහළ දැමූ බස් ගාස්තුවලට අනුව ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් අයකලැයි උරණවී කොළඹ සිට ගාල්ල හරහා උඩුගම බලා ධාවනය වෙමින් තිබූ උඩුගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයාට පාසැල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අක්මීමන දී පහරදී ඇතැයි පොලිසිය කියයි. 21 May 2018
කළුතර 4600ක් අවතැන් වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක ,ග්‍රාම නිලධාරී වසම් 120ක පවුල් 1278 කට අයත් 4666 දෙනෙකු අවතැන් වී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි. 21 May 2018
ඇමැති වජිරගේ ප්‍රමාදයට විරෝධය දක්වා පුංචි ආණ්ඩු සභිකයෝ පිටව යති ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැය දෙකක් ප්‍රමාද විමට විරෝධය දැක්වු ප්‍රාදේශීය සභා සභාපතිවරු පස් දෙනෙක් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පිරිසක් අමාත්‍යවරයා පැමිණිමට සුළු මොහොතකට පෙර සභාව වර්ජනය කර පිටව ගියහ. 21 May 2018
මුරුතවෙල ජලාශයත් වාන් දමයි පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මුරුතවෙල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් අද(21) රාත්‍රී 9.00ට එහි වාන් දොරටු අඟල් තුනක් විවෟත කරන බව වීරකැටිය වාරිමාර්ග ඉංජිනේරු සහන් කුමාර මහතා පැවසීය. 21 May 2018
පිළිමතලාවේ පාසලක තාප්පයක් පාරකට වැටිලා වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පිළිමතලාව මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ බැම්ම පිළිමතලාව ග්‍රාමසංවර්ධන මාවතට ඇද වැටීමෙන් ගමනාගමනයට බාධා වි ඇත. 21 May 2018
මැයි මස අවසන් වන තුරුම වැසි නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වය මෙම මස අවසානය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2018
පුත්තලමේ කුඩා වැව් කිහිපයක් පිටාර මට්ටමේ වසර දෙකක් පැවති නියඟය හමාර කරමින් 20 වැනි දා සිට ඇද හැලෙන අධික වැසි සහිත කාල ගුණය හේතුවෙන් කුඩා වැව් රාශියක් පිරී ඉතිරී ගොස් තිබේ. 21 May 2018
ආපදාවලින් 23000ක් පීඩාවට - 08ක් මරුට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ මේ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 May 2018
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතක් අරී කඳුරට ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතක් අද (21) සවස විවෘත කරනු ලැබීය. 21 May 2018
ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයයක් ඉදිරිපත් කර ඇත. 21 May 2018
අපදා සහන සලසන්න හමුදාවේ 300ක් සීරුවෙන් අධික වර්ෂාව හේතුවෙන් අපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන කටයුතු සඳහා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ 300 ට අධික පිරිසක් සහ බෝට්ටු සමග ස්ථාන ගතකර ඇති බව හමුදාව කියයි. 21 May 2018
කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ අංශ භාර නිලධාරීන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(21) උපදෙස් දුන්නේය. 21 May 2018
හැටන් ‘පුල් බැන්ක්‘ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි හැටන් ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් පුල් බැන්ක් ප්‍රදේශයේ නිවසක් මතට විශාල පස්කන්දක් කඩා වැටිමෙන් එම නිවසට අර්ධ වශයෙන් දැඩි අලාභ හානි සිදු වි ඇත. 21 May 2018
කෘෂි රක්ෂණ මුදලත් ආණ්ඩුවෙන් දරයි කෘෂි රක්ෂණය වෙනුවෙන් ගොවින් ගෙන් අයකළ අක්කරයකට රුපියල් 1350 ක මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරමින් ඒ මුදල රජයෙන් දරන්නට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 21 May 2018
කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු 3 ක් විවර කරයි කුකුලේගඟ ජලාශයේ ජලපෝෂක ගංගා ආශ්‍රිතව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු තුනක් විවර කර ඇති අතර ඉන් තත්ත්පරයට ගණ අඩි 285ක පමණ ජල ධාරිතාවයත් නිකුත්වන බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ සමතා සඳහන් කර සිටියි. 21 May 2018
‘රාජිතගේ ප්‍රකාශ රජයේ නිල ප්‍රකාශ නොවෙයි නම් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න‘- ගම්මන්පිල රාජිත සේනාරත්න ඇමතිවරයා රජයේ නිල මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කියන දේවල් රජයේ නිල ප්‍රකාශ නොවන්නේ නම් වහාම ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයය ගම්මන්පිල මහතා අද (21) පැවසීය. 21 May 2018
පාසල් වැසීම ගැන තීරණ ගන්න පළාත්-කලාප අධ්‍යක්ෂකවරුන්ට බලය පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑමේ අවදානම් වලට ලක්ව තිබෙන ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යාම හෝ වසා දැමීම හෝ ඒ පිළිබඳව තීරණය කිරිමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 21 May 2018
ලෙස්ටර්ගේ ‘රණ මයුර‘ සම්මානය ඥාතීන්ට භාර දෙන්නැයි අධිකරණ නියෝගයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයේදී සොරාගනු ලැබූ යාවජීව රණමයුර සම්මානය එතුමාගේ ඥාතීන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය. 21 May 2018
පුත්තලම- කොළඹ මාර්ගය බත්තුළුඔයෙන් යටවෙයි පුත්තලම කොළඹ මාර්ගය අද (21) උදෑසන සිට ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වු බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ රංජීත් අලහකොන් මහතා පැවසිය. 21 May 2018
ගිනිගත්හේන දියගල නායයෑමෙන් ගමනාගමනය නවතී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (21) දහවල් 12 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිටි බව ගිනිගත්හේන පොලිසිය කියයි. 21 May 2018
‘විපතට පත් වුවන්ට කඩිනමින් සහන සලසන්න‘ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. 21 May 2018
දකුණේ පැතිරෙන වෛරසය ගැන සොයන්න තවත් විශේෂඥ කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය පිළිබඳව සොයා බැලිම සඳහා තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම එම ප්‍රදේශවලට අද (21) පිටත් කර යැවු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 21 May 2018
දකුණේ සියලුම පෙර පාසල් 28 තෙක් වසයි දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ සියලුම පෙර පාසල් ලබන සඳුදා (28) දක්වා වසා තබන්නැයි නියෝග කළ බවත් රෝගය පැතිර යන ප්‍රදේශවල පාසල් හි ප්‍රාථමික අංශ හෙට (22) අනිද්දා (23) දින දෙකෙහි වසා තැබීමට උපදෙස් දුන් බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතා පවසයි. 21 May 2018
’ශ්රීලනිපය සමඟ එක්වීම ගැන හිතන්නවත් බෑ ’ - ජිඑල් පිරිස් පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ප්‍රතිළුල දෙස බැලීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමක් ගැන තම පක්ෂයට හිතන්නවත් නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (21) පැවැසීය. 21 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026