( තිළිණි ද සිල්වා )
පාසල් නිල ඇදුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට, රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයකු පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරයා ගනු ලැබු අදාළ තීරණය මගින් රජයට රුපියල් මිලියන 538යි දශම පහක පාඩුවක් සිදුව ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ සතියේ දී එම කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට කැඳවීමට නියමිත බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක්... කෙසේවෙතත් විශේෂ වාසියක් සිදුව ඇත. පසුගිය රජය යටතේ පාසල් දරුවන්ට නිලඇඳුම් සපයන ලද්දේ මාෆියාවක් මගිනි. අතරමැදියන් විසින් කෝටිගණන් මුදල් වංචාකල යුගය දැන් නිමකර තිබේ. පසුගිය රජය කාලයේ ටෙන්ඩර්වලදී ඉදිරිපත් කරන්නේ ඉතාම ඉහළ හොඳම කොලිටියේ සාම්පල්ය. නමුත් පාසල් දරුවන්ට නිලඇඳුම් අඩුව ලබාදීමේදී ඉතාම අඩු බාල වර්ගයේ රෙදි ලබාදෙන ලදී. එදා මොහු කතා කලේ නැත. පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය කිසිසේත්ම වෙනස් නොකළ යුතුය. වරදක් වී ඇත්නම් එය නිවැරදි කළ යුතුය. පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට රජය ගෙන ඇති තීරණය නිසා දෙමව්පියන් හට ඔවුන් කැමති ආකාරයේ රෙදි ලබාගැනීමට හැකියාවක් තිබේ. අතරමැදියන් පෝසත් කිරීම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය නොවන බව දශම පහටත් ගණන් බලා ඇති විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට මතක්කරමි.
මේකෙන් පාඩුව සිදු උනේ සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ට. වෙළෙඳපොලේ රෙදි මිල දිනෙන් දින ඉහල යනවා. නමුත් වවුචරේ වටිනාකම එමමයි. ගසාකන එකේ නම් පක්ෂ දෙකෙන්ම වෙනසක් නැහැ.
ආයෙත් බාල රෙදි දීලා කොමිස් ගන්න තියෙන කැක්කුමක්.
අතරමැදියන්, ප්‍රවාහන වියදම් ආදිය නොමැතිව පාඩු සිදුවන ආකාරය පැහැදිලි නැත. රෙදි නොගන්නා අයගේ මුදල් රජයට ඉතිරි වේ. අධ්‍යාපන ඇමති තුමා කරපු එක හොඳ වැඩක්. ඉතිරි වන මුදල් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න.
නිල ඇඳුම් රෙදි ලබා දීමේදී ටෙන්ඩර් කැඳවීමට, රෙදි ආනයනයට, ගබඩා පහසුකම් සඳහා, ප්‍රවාහන වියදම්, රෙදි කැපීමේ හා පාර්සල් කිරීමේ වියදම් හා ශ්‍රම කුළී ආදියට යන වැය ඇස්තමේන්තු අඩුවන බව බැලූ බැල්මට පේන දෙයක්. වව්චර් වලදි වෙන තවත් හොඳ සෙතක් තමයි, එක ටෙන්ඩර් කරුවෙකුගේ මඩිය තරවීම වෙනුවට ගමේ ඉන්න පොඩි ටේලර් සාප්පු හිමියාටත් යම් මුදලක් හිමි වීම. ඇත්තටම දෙමව්පියන් ලෙස මම පෞද්ගලිකවත් කැමතියි මේ වව්චර් ක්‍රමයට.
ඔක්තෝබර් විප්ලවය වෙලාවේ ආයෙමත් මේ පැත්තට පනින්න හදනකොට ඔය පාඩුව ගැන තේරුමක් තිබුනේ නැද්ද ?