(රංජන් කස්තුරි)
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරීය අද (5) තීන්දු කර තිබේ.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ඉකුත් 2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝදී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කිරීම නිසා ඔවුන්ගේ වැටුප එලෙස අඩු කිරීමට තීරණය කළ බව ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ජිනේරුවො නෙවෙයි මුන් මහජන මුදල් කාබාසීනිය කරන හැත්තක් විදුලු බල මණ්ඩලේට මේ තරම් ඉන්ජිනේරුවො ඉදලත් කරල තියෙන්නේ මොනවද
2015 පසුව මන්ත්‍රී අමතියන්ටත් දීපු දීමනා වැටුප් වැඩිකිරීම් නීති විරෝදී කියා කව්රුහෝ පෙත්සමක් ශ්රෙෂ්ට්ඨාධිඛරණයට ඉදරිපත් කලොත් එය රට කරන විසාල සේවයක්. රනිල් කලේ රජයේ සේවකයින්ගේ හා මන්තිරියන්ගේ කැමැත්ත ලබාගැනීමට ජනතාවට බදු ගසා උන්ගේ වැටුප් දීමනා වැඩිකර ගැනීමයි.
ෂුවර් එකටම මේ කපාදමු වැටුප වෙනක්රමයකින් ලබාදීමට කටයුතු කරාවි. සංස්ථා, මණ්ඩල ඇතුලේ වැඩ සිද්දවෙන්නේ එහෙමයි.
ගෙවූ වැටුප නීති විරෝධී නම් 2015 සිට ගෙවූ මුදල් අඩුකර ගන්න.
නොදන්න මඟුල් නොකියා ඉන්නවද කරුණාකරලා...?
බලධරයිනි, සියයට 15ක් නොව 50ක්වත් අඩුකළ යුතුය. මේ සියලුම නිලධාරීන් තමුන්ගේ පුද්ගලික වාහන සියල්ලම වෙනත් අයගේ නමට හරවා, විදුලි බලමණ්ඩලයේම කුලී පදනම මත සේවයට යොදවා ඇත. සොයා බලන්න....
ඒ 15% විකල්ප ක්‍රම මගින් සොයා ගැනීම මාෆියාකාරයින්ට කජ්ජක් නොවේ.
අනේ මන්දා... මේ උන්නැහේල බඩගින්නේ මැරෙයිද මන්ද? මොකද මේ නිලධාරීන් සැවොම ඉතාම දුප්පත් මෙන්ම වේල් 3 න් එකක් හෝ දෙකක් කාලා බඩවියත රැකගන්න උදවිය. පව් අසරණයෝ ටික... අලුත් අවුරුද්දත් මේ ගොයියොන්ට නැතිවෙයි වගේ..
යකෝ ලයිට් කපන්න ඕනේ ඇමතිගේනේ සම්පූර්ණයෙන්ම...
මෙයාලා ලංකාවේ විශ්වවිද්‍යාල වලින් ඔය මණ්ඩලයට යන ඉංජිනේරුවෝ කියන්නත් ලැජ්ජයි. ඕකට ගිය වෙලේ ඉඳලා ගසාකනවා. ඒකෙ තියන පහසුකම් භුක්ති විඳිනවා. විදුලිබල මණ්ඩලය කියන්නේ ලංකාවේ ඉහළම දූෂිත ආයතනයක්. පුදුම දීමනා ගොඩක් මෙයාලා ගන්නවා. අඩුම තරමේ ඉන්කම් ටැක්ස් කපන්නෙත් නැහැ. ලැජ්ජාවක් නැද්ද? ලංකාවේ මිනිසුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන අායෙත් එ් මිනිසුන්ගේ මුදල් ගසාකන්න. ඔය මහත්හොරු ටික ඕකෙන් සුද්ද කරලා ඕකෙ පාලනය හරියට හදන්න ඕනේ. ඕක මණ්ඩලයක් විදිහට තියනකන් මෙයාලා ඔය සෙල්ලම කරනවා. සූර්ය බලාගාර වලට අනුමැතිය නොදී.. එල්.එන්.ජී බලාගාර ප්‍රමාද කරලා.., ගෙදරට සූර්ය පැනල හයි කරන.. මිනිසුන්ව පුළුවන් තරම් කඩේ යවලා, එපා කරවන ඉංජිනේරුවෝ තමයි.
එතකොට මේ වෙනකන් ගෙවපු ඒවා කපන්නේ නැද්ද?
ඔය ඉංජිනේරුවෝ හොඳයි කියන අය කියන්න බලන්න ඔය ඉංජිනේරුවෝ කියන අය සම්බන්ධ පුද්ගලික බලාගාර කීයක් තියනවද? කියලා එතකොට තේරෙයි එයාලගේ වැඩ. අනික අනිත් සමාගම්වලින් ඉංජිනේරුවන්ට ලැබෙන කොමිස් කුට්ටි ඒවත් කියන්නකෝ බලන්න... ඉංජිනේරුවෝ හරිම හොඳයි. පුදුම රටක් මේක...
ඇමතිතුමන්ගේත් පඩි කැපුවා නම් තමයි හොඳ..
විදුලි බලමණ්ඩලය වහාම පුද්ගලීකරණය කළ යුතුය. මෙම ආයතනයේ ඉංජිනේරුවන් පමණක් නොව රියැදුරන්, ලිපිකරුවන්, බිල් බෙදන්නන් පවා මාසිකව ලක්ෂ ගණන් වැටුප් ලබා ගනියි. පාසලක උපාධිධාරී ගුරුවරයෙක් ලබගන්නේ රුපියල් 29,000ක් පමණ වේ.
මොවුන් ළඟදි වහින්න පූජාවක් තිබ්බ නේද? ඔන්න ඒකේ ප්‍රතිඵල...
මම දන්න විදියට CEB එකේ පඩි වැඩි ඉංජිනේරුවන්ට නෙමෙයි. අනෙකුත් සේවකයන්ට.. ඩ්‍රයිවර් කෙනෙක්ගේ වැටුප් ගැන හොයලා බැලුවාම තේරුම් ගන්න පුලුවන්..
ඉංජිනේරුවා විතරක් නොවෙයි ඕකෙ මනුකියනවන්නටත් විශාල පඩියක් ගෙවනවා. රාජ්‍ය සේවයේ ඉංජිනේරුවාට වඩා ලංවිම කාර්යාල සේවකයාටත් පඩි වැඩියි. එකම රාජකාරිය කරන විවිධ ආයතනවල වැටුප් අතර ඉතා විශාල නොගැලපිමක් තිබෙනවා. රාජ්‍ය මෙන්ම අර්ධරාජ්‍ය ආයතන සඳහා පොදු වැටුප් ව්‍යුහයක් අවශ්‍යයි
ඉංජිනේරුවන් මුද නොලබා අතිරේක රාජකාරී කරන අතර, ඊට පහළ තලවල අත්තිකාළ සේවයේ යෙදී වැඩක් නොකර පඩි ගනී
මේකෙ අදහස් දාල තියෙන සමහරුන්ට නම් පුදුම සතුටක් තියෙන්නේ මනුස්සයෙක්ට ලැබෙන දෙයක් නැති කරනවට. පුදුම කුහක රැලක්.
මම මේක හරිද වැරදිද කියන්නේ නෑ. එ්ත් ඉංජිනේරුවන්ට අඩු සැලකිලි තියන රටක් දියුණු වෙන්නේ නෑ. එ්කට හොඳම උදාහරණය ලංකාව... මේකේ අනෙක් අයගේ අදහස් වලින් තේරෙන්නේ රටේ තියන ඉහවහා ගිය දූෂණය, වංචාව නැතුව ලංවිමට විතරක් වුණු දෙයක් නෙවෙයි. මේකට හේතුව අධික දේශපාලන ඇඟිලි ගැසීම්...
ඉන්ජිනේරුවගේ වැටුප් මෙන්ම අනෙකුත් සේවකයන්ගේද වැටුප් අඩු කරන්න ඕන.ඔය කාගේත් සැලකිලි බලන්න යන්න ඕන ඒ අයගෙන් සේවයක් ගන්න.මිනිස්සුන්ව පැය ගනන් රස්තියාදු වෙනව.මේ ආයතනයේ ගොඩක් ලිපිකරු නෝනා මහත්වරු හිතන්නේ ඔව්න්ගේ මුදලින් විදුලිය ලබා දෙනවා කියලා. බොහෝ අය කොන්ඩේ පීරන්නේ හැඩ වෙන්නේ මහත්වරුන් දරුවන් ගැන බලන්නේ පොලේ යන්නේ වැඩට ආවම.මේතැන ඉන්න ගොඩක් නෝනාලා 8 වසර සමත් අයවලුන්.නැත්නම් දේශපාලන බල පුලුවන් කාරකම් වලින් ආව අය.ඔය අයතනයට ලිපිකරුවන් බදවා ගැනීම අවම සුදුසුකම උපාධ්යක් වත් කරානම් ඉගන ගෙන ගෙවල් වල ඉන්න ලමයින්ට කරන සදාරණයක්.මේකේ වැඩකරන ලිපිකරුවකුගේ අවම වැටුප 49000 වගේ වෙනවා.තව ඕටී අනෙක් දීමනා අවම 60000 එහා වැටුප් ගන්නා අය.මේ සියලුම දෙනාගේ වැටුප් අඩු කරනම් විදුලි බල මංඩලය ලාභ ලබන අයතනයක් බවට පත් කරන්න පුළුවන්.
ගස්පේ විදුලි ඉංජිනේරුවන් නොවෙයි ඉහල වැටුප් තලවල සිටින කිසිම කෙනෙකුට අතිකාල ගෙවන්නේ නැත. එමනිසා ඉඳහිට කාලයෙන් අමතරව වැඩකිරීම ලංකාවේ විදුලි ඉන්ජිනේරුවන්ට් විශේෂ සැලකිලි ලබන්න හේතුවක් නොවෙයි. වැඩ නොකර අතිකාල ලබන එක ලංකාවේ සාමාන්‍ය දෙයකි. එය පිටරටවල කරන්නට බැරිය. ඇමරිකාවේ මෙන් "හයර් ඇන්ඩ් ෆයර්" ක්‍රමය ලංකාවෙත් තිබෙනවානම් කව්රු කව්රුත් තම සේවය නිසියා කාරව කරනු ඇත.