(ජයන්ත සමරකෝන් සහ මනෝප්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවා වී අයවැය විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක කාර්යාලයේ අද (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතීයේ සඳහන්ව ඇතැයි ද අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ සුභ නැකතේදී මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට අදහස් කරන බවද අයවැය විවාදයෙන් අනතුරව පැවැත්වු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී බන්ධුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාගේ ද සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව විපක්‍ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බන්ධුල ගුණවර්ධන මහතා පසුගිය සිකුරාදා අවසන් වූ අයවැය අසත්‍යයෙන් හා නොමඟ යැවීමෙන් පරිපුර්ණ වු අයවැය විවිධ කොටස්වල සහයෝගයෙන් ආණ්ඩුව ජයග්‍රහණය කළේ යැයි ද එම අයවැය තමාගේ වසර 30ක දේශපාලන දිවියේ පිටුදැකිය යුතුම ඇයවැය යැයි පැවසීය.
මෙම ආණ්ඩුව දිගින් දිගටම රටට මෙන්ම පාර්ලිමේන්තුවට බොරු ඉදිරිපත් කළා. මෙම අයවැය රාජ්‍ය මුල්‍ය පිළිබඳ ඛේදවාචකයක්. මේ ආණ්ඩුව රටට හා පාර්ලිමේන්තුවට බොරු කියන්න පටන් ගත්තේ 2015 වසරේ සිටයි. එවකට හිටපු මුදල් ඇමැතිවරයා එය ආරම්භ කළා. අධ්‍යාපනයට දරණ වියදම වැඩි කර පෙන්වීම සඳහා අධ්‍යාපනයට රුපියල් බිලියන 121ක වියදමක් දරණ බවට පුනරාවර්ථන වියදමක් වශ්‍යයෙන් පෙන්නුවා. රුපියල් කෝටි 12,100ක් වන එම වියදම ඔවුන් පෙන්නුවේ අධ්‍යාපනයට ශතයක්වත් වියදම් කර නොතිබියදීයි.
අපි ඒ පිළිබඳව කතනායකවරයාට පැමිණිලි කළත් හිටපු විපක්‍ෂ නායකවරයා මෙන්ම ඇතැමි පක්‍ෂ එම කතානායකවරයාට පක්‍ෂ වීම නිසා එම කතනායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පවා ගෙන ඒමට අපි කටයුතු කළා. එම කරුණු මෙන්ම හෙළි නොකළ සැඟවුණු රාජ්‍ය ආදායම් පිළිබඳ විස්තර ආදිය පිළිබඳව ඔහුගෙන් මේ වනතුරුත් ප්‍රශ්න කළේ නැහැ. මෙවර අයවැය සම්බන්ධ ඇතැම් තොරතුරු නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව මහබැංකුවෙන් විමසන ලෙස නිර්දේශ වල සදහන් කොට තියෙනවා.
අයවැය සම්බන්ධ ඇතැම් තොරතුරු විමසීමෙන් වළක්වාලීම සඳහා පාර්ලිමෙන්තුව තුළදී අයවැය සම්බන්ධ ප්‍රශ්න කරන මන්ත්‍රීවරුන් බියවැද්දීම, තර්ජනය කිරීම, අපහාස කිරීම සඳහා ඇතැමි ඇමතිවරුන් සිය වරප්‍රසාද භාවිතා කරනවා. එවැනි සිදුවීමක් පසුගියදා පාර්ලිමෙන්තුවේ සිදුවුණා. කිසිඳු පෞද්ගිලික බැංකුවකින් ශත 05කවත් ණයක් නොගත් මා බැංකුණය නොගෙවු අයෙකු ලෙස හඳුන්වාදෙමින් පෞද්ගලික බැංකුවක් වෙනුවෙන් පෙනී සිටි එක්තරා මන්ත්‍රීවරයෙක් පාර්ලිමෙන්තුව තුළ මට තර්ජනය කිරීම මෙන්ම අපහාස කිරීමද කළා. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු දැමීමට හැකියාව තියෙනවා. මා ඒ පිළිබඳව සළකා බලමින් ඉන්නවා.
පාර්ලිමෙන්තුවට එන හෝ පාර්ලිමෙන්තු කාරක සභාවකට එන මන්ත්‍රීවරයකුට එම පාර්ලිමෙන්තුවේ හෝ කාරක සභාවේ සාකච්ඡා වන කරුණ සම්බන්ධයෙන් පක්‍ෂ හෝ විපක්‍ෂ වන ලෙසට බලපෑම් කිරීම, නින්දා කිරීම, තර්ජනය කිරීම, ලිපියක් යැවීම, සටනට එන ලෙස දැනුම්දීම, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය යුතු වරදක්.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ හිමියත් හිරදඬුවම් විදිනවා. පෞද්ගලික බැංකුවක් වෙනුවෙන් පෙනී සිටි එක්තරා මන්ත්‍රීවරයෙක් පාර්ලිමෙන්තුව තුළ මට තර්ජනය හා අපහාස කිරීම තුළින්ද කළේ එවැනිම වරදක්.
මේ වන විට වී කිලෝවකට ගෙවන ගාණට වඩා වැඩි ගාණක් බුලත් විටක් සඳහා වියදම් කිරීමට සිදුව ඇතැයිද විශ්ව විද්‍යාල සිසුන්ට පාර්ලිමේන්තුව අසළ පහරදුන් ආකාරය තමන් දුටු බවත් කී සිසිර ජයකොඩි මහතා නායක හිමිවරුන්ට අපහාස කිරීමත් විනිසුරුවරුන්ට අපහාස කිරීම වැනි බරපතල අපරාධකැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ... අපි හොයාපු නිට්ටැවා නේද..? අයිසේ මොවුන් දැන් පැමිණිලි අරගෙන පාර්ලිමේන්තුවටත් එනවනේ.. මගේ අම්මෝ මෙහෙමත් රටක් ..!!!
පව් වැඩේ නේද? අපිත් ඉස්සර තමුන්නාන්සේට ඡන්දෙ දුන්නා. පන්තිවල ඉගෙනත් ගත්තා. ඒත් අද නම් අප්පිරියයි. මෙයා කොහේදී කතා කළත් හිතේ තියෙන්නේ ද්වේෂය, කුහක බව කියලා රටම දන්නවා. රටේ මූල්‍ය විනය ගැන කතා කළාට මෙයාට ඒකත් නැහැ. ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට කිව්වේ කට කහනවටද?
පව් අප්පා ... වයිමගේ තාත්තා….!
එ්ක තමයි ඔයා එහෙම ලොකු වංචාවක් නම් කරල නැහැ. අඹ ගෙඩියක් හෝ පොල් ගෙඩියක් හොරකම් කළානම් තත්වය බරපතලයි. මේ වෙනවිට හිරේ තමයි ඉන්න වෙන්නේ.
මැන්ටල් හොඳම එකෙන්ම. අර නොදැන අත්සන් කරා කිව්ව බැංකුවට තිබ්බ පොල්ල ගෙවලා දාන්න... තව කයිවාරු ගහන්නේ නැතුව...
මෙතුමාට තර්ජනයක් සිදුවුවේ යැයි දැනට අපි උපකල්පනය කරමු. ඒත්, මේ අය පසුගිය දවස්වල සිදුකල මිරිස්කුඩු තර්ජනය ඇතුළු තර්ජන දිහා බලනවිට මේවාත් තර්ජනද? බැංකුවේ කතාව ඇත්තනේ." බැංකුවෙන් දුන් කොලයකට අත්සන් කළා. ඒත් ඒක උගස්කරයක් බව තමා දැන නොසිටි බව " අධිකරණයේදී පැවසුවත්, ඒ සුරංගනා බොරුව විනිසුරුතුමා පිළිගත්තේ නැති බවට ආරංචි පැතිර ගියා. හරි ඔබතුමා ඔයතරම්ම නිවැරදි නම් අපහාසයට නඩු දමා වන්දි අරන් පෙන්වන්න. ඔට්ටුයි බැහැ.
මේ ...ඒක නෙවෙයි මන්ත්‍රීතුමෝ අර ණය ගෙවලා ඉවරද?
කුට්ටිය ලැබුණොත් මෙයත් ඒ පැත්තට ගිහිල්ලා රජය වර්ණනා කර කර ඉඳීවි... "අපි නොදන්න බව්වා"
සමන්ත ඇත්තටම පත්වී ඇති තත්වය ගැන කණගාටුයි. ඉතාම අසරණ වෙලා අධිකරණයේ පිහිට සොයනවා. පට්ටපල් බොරු කියමින් ජනතාව රවටන, අධිකරණයේදී කරපු වැරදිවලට සමාව ගත්ත, මෙවැනි මිනිසුන්, කරුණු කාරණා සහිතව යමක් කියද්දී කලබල වෙනවා...
රුපියල් 2500 කින් මාසෙකට පවුලකට කන්න පුළුවන් කියපු වාචාලයා . මේ වගේ උන් දේශපාලනයෙන් පමණක් නොව මුළු මව්බිමෙන්ම අතුගා දැමිය යුතුයි .
පැමිණිල්ල ඉදිරිපත් කිරීමට යන බන්ධුල ගුණවර්ධන යනු පෑන් ඒෂියා බැංකුවට එක් කෝටි විසි ලක්ෂයක් පොලු තබා අධිකරණයෙන් වැරදිකරු වී දේපළ වෙන්දේසියට නියම වී සිටින්නෙකි.... අනේද කියන්නේ ,,,,,,,
කතානායකට මිරිස්කුඩු වතුර ගහද්දි, බයිබලෙන් ගහද්දි, පුටුවලින් ගහද්දි තමුන් කොහෙද හිටියෙ? දැන්වත් රට රවටන එක නතර කරලා දාන්න...