(රංජන් කස්තුරි)
රටපුරා සේවය කරන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පෞද්ගලික නිවාඩු වාර්තා කර හෙට( 08) කොළඹට රැස් වෙති.
මණ්ඩලයේ විශේෂ මහා සභා රැස්වීමක් සඳහා හෙට පෙරවරු 9.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට පැමිණෙන ලෙස එහි ලේකම් සියලු සේවකයින්ට දැනුම් දීමක් කර තිබේ.
ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ වැටුප් ප්රශ්නය හා විදු අර්බුදය පිළිබඳව මෙහෙදි සාකච්ඡා කිරීමට නියමිත බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ගොම ගසා පන්නා දැමිය යුතුයි...
රාජකාරිය රජයට තර්ජනය කිරීමේ ආයුධයක් කරගන්න අයට සියලු දීමනා රහිතව ගෙදර යන්න සැලැස්විය යුතුයි.
නැතුව නැතුව රට තුළ විදුලි නිෂ්පාදනය අඩාල කලේ, වැඩිපුර කොමිස් හොයාගන්න ලෙහෙසිම මේ කාලේ. රාජ්‍ය ආයතන තුළ තිබෙන විදුලිජනක යන්ත්‍ර ප්‍රයෝජනයට නොගෙන පුද්ගලික ආයතනවලින් තමයි කොමිස් ගන්න පුළුවන්... තියන්න සාකච්ඡා.. ගහන්න කොමිස්...
පුදුම හදිස්සියක්නේ තියෙන්නේ... මෙච්චර කාලයක් තිබ්බ විදුලිය කපන එකට විසඳුමක් හොයන්න මෙහෙම එකතුවෙන්න බැරි වුණා. පේනවා නේද ඔය කියන මාෆියාවේ තරම...? සියයට 15කින් නෙමේ සියයට 85කින් වැටුප කපන්න තිබ්බේ...
කළ දුටු කල වල ඉහගනින් කීවාලු නේද?
ලයිට් කැපීම පටන් ගත්ත නොරොච්චෝලේ විදුලි උත්පාදන යන්ත්‍රයක් කැඩුනෙත් මේ ගොල්ලන් නොදන්නා දේවල් කරන්න ගිහිල්ලලු නේද? අන්තිමට හදපු රටේ එන්ජිනේරුවන්ටම එන්න උනාලු එ්ක හදන්න.
බොරදියේ මාලු බාන්න යන්නේ...
ඔය කට්ටිය කරලා දෙන්නකෝ වැඩේ
වැඩ තහනම් කරලා හිරේ දාන්න ඕනේ මොවුන්ව. මොවුන් තමා කොමිස් ගහන්න හිතාමතාම විදුලි සැපයුම අඩාල කරන්න කටයුතු කලේ.
ඇත්තටම වැටුප් වැඩි කරගන්න ඒවා ගැන තමා කතා කරන්නේ නේද. මිනිස්සු ගහයි බනියි කියලා බයට තමා ඔය විදුලි ප්‍රශ්නෙත් අමුනලා තියෙන්නේ ලාවට. ඇත්තටම මේ වගේ අය එක්ක රට මෙහෙම තියෙන එකත් පුදුමයි. තමුන්ට පඩි මදී නම් වෙන රස්සාවකට යන්නකෝ මහජනයාට හිසරදයක් වෙන්නේ නැතුව. මොකද ඉතින් මෙයාලා වැඩි පඩි ඉල්ලුවහම මේ වගේ ආණ්ඩුත් පැනලා දෙනවා. ඊට පස්සේ ඒවා අල්ලන්න ආණ්ඩුව අලුත් බදු ගේනවා.
ඇත්තටම ලංකාවේ විදුලි ඉංජිනේරුවන් ඉන්නවද? අපි නම් හිතන්නේ එහෙම පිරිසක් මේ රටේ නැහැ කියලයි. මාසයක් පායන විට විදුලිය කපන අපේ රටේ ඉංජිනේරුවෝ ඉන්නවා නම් ඔවුන් මොනවද කරන්නෙ අපි දන්නෙ නම් ඉතා ඉහල වැටූප් ලබන දේව කන්නලව් කරන්න පිරිසක් ඉන්න බව පමනි
ඔන්න හෙට බලාගන්න පුළුවනි ඔය විදුලි ඉංජිනේරුවෝ නැතුවට විදුලිබල මණ්ඩලයේ ඉන්න අනික් මහත්වරුන්ට වැඩේ කරගෙන යන්න පුළුවනි කියල.
ඉංජිනේරුවන් විතරක් නෙවෙයි ඔය මණ්ඩලේ ඉන්න අනික් සේවකයෝ ටිකත් ඔච්චර තමා. අවූරුද්ද කට විතර කලින් ඔය යක්කු ටික ලොකු වර්ජනයක් කරලා අපිව කළුවරේ තිබ්බ. කිව්වේ නම් දූෂණය නැති කරලා ලයිට් බිල අඩු කරණු කියලා. අන්තිමට උනේ උන් ටිකත් (ඔය දැන් ටෝක්ස් දීල තියෙන අනිත් සමිති) පඩි වැඩි කරගත්තා. වික්‍රමසිංහ මහත්තයා කියනවා වගේ ඕක පෞද්ගලීකරනය කරන්න ඕනි. එතකොට ඔය ස්ට්‍රයික් කරන යූනියන් ගොබිලියන්ටත් පඩි වැඩි කරන්න ඉල්ලන ඉංජිනේරු අයටත් දෙකටම තෑගි...
ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ ඒ මිනිස්සු එකතු වෙලා කතා කර ගනියි. කාටවත් කහන්නෙ මොකද ඒකට. කුහක හීනමානයෙන් පෙලෙන හැත්ත. මේ රටට හරියන්නේ නැත්තෙ ඕකයි. පාලකයන්ගෙ වැරදි වලට මෙච්චර කාලයක් දොස්තරල බැනුම් ඇහුව. දැන් ඉන්ජිනේරුවො. තමන්ට සාමාන්‍යපෙල පාස් වෙන්න බැරි වුන එකේ පලිය දැන් ගන්න හදන්න එපා. ඔයාල පාස් වුනා නම් අද දවසම කරුවලෙ තමයි. අනේ කාලෙ වනේ වාසෙ කිව්වලු.
මම මේ කේස් එක ගැන කාලෙක ඉදන් අවධානෙන් හිටපු නිසා දන්නව. ඉංජිනේරුවො එකතු වෙලා හදපු සැලසුම් ක්‍රියාත්මක කරන්න නොදුන්නෙ කොමිස් හොයා ගන්න දගලන දේශපාලකයො හා අර පරිසර හිතකාමි කිව්ව මහත්තුරු ටික. හැබැයි දැන් මනුස්සයො දකින්නෙ දේශාපාලුවො හොද මිනිස්සු විදියට. ආචාර්ය තිලක් සියඹලාපිටිය මහත්මය ඒ දවස් වල ඉදන් මේ සම්බන්ධයෙන් තොරතුරු කිව්ව. හැබැයි ඉතින් ඉංජිනේරුවොන්ටත් තිබුණෙ අර පහල සේවකයො ගිය අවුරුද්දෙ පඩි වැඩි කර ගන්න සති ගනන් ස්ට්‍රයික් කලා වගෙ, බලාගාර හදනකන් ස්ට්‍රයික් කරන්න
ප්‍රමිතියකට වැඩ කරන්න බැරි ජොබ් එක හරියට දන්නේ නැති ඉන්ජිනේරුවෝ කියල නමට විතරක් ඉන්න එවුන් එක්ක රටක් දියුණු කරන්න පුලුවන්ද?. මුන්ව පන්නල සමාගම් වලට දුන්න නම් වැඩ හොඳට කර ගෙන යාවි. ඉස්සර ටෙලිකොම් එකත් තිබුනේ ඔහොම තමා. සමාගම් වලට දුන්නට පස්සේ ඔක්කොම හරි ගියා. පස්සෙන් ඇවිත් ටෙලිපොන් දෙන විදිහ බලන්න.
ලක්ෂ 3ක් විතර පඩි ගන්න මොවුන්ගෙන් වෙන සේවය ගැන කිසිම පැහැදීමක් නැත. තාත්තාගෙන් පුතාට යන රස්සා නිසා සුදුස්සන්ට තැනක් නැත.
සේවකයන් 26000 ඉන්න විදුලිබල මණ්ඬලේ සේවා තත්වය ගැන නම් සතුටු විය නොහැකියි. මේ කරන්න හදන්නෙ උසාවි නියෝගයට අභියෝග කිරීමයි. උසාවි නියෝගයන්ට අභියෝග කිරීම උගත් මහත්වරුන් ගේ සුදුසු ක්‍රියාවක් නොවේ.
මේ ඉංජිනේරුවන්ට ගහල පන්නන්ට මහජනතාව වහාම හෙට කොළඹට රැස්වන්න. මේ රැවුල ගිනිඅරන් ඉන්න අපෙන් එනවා ඉන්ජිනේරුවෝ සුරුට්ටු පත්තුකරන්න. මුන්ට ඇත්තටම මොලේ කළදක් නැද්ද. මුළු රටේම වෙළදාම ව්‍යාපාර ඔක්කොම බිංදුවටම වැටිලා දැන් ඉවරයි. මේ ඉංජිනේරුවන්ට සත පහක පඩි වැඩිකරන්න එපා.
කොන්ද පන නැති අය නායකයෝ වුනාම එළුවොත් නිකට පානවා , දිවංගත ප්‍රේමදාස මහතා මතක්වෙනවා. මේ රට කරන්නේ අයාලේ යන එක එක්කෙනාට ඕන විදියට , මොකට ඉපදුනාද මන්ද මේ අමුතු රටේ
Munaz ඒ කතාව වැරදියි හලෝ... මොවුන්ව පන්නා දමා ඉන්දියාවෙන් අඩු පඩියට ඕනෑතරම් විදුලි ඉංජිනේරුවෝ ගන්න පුළුවනි. මොවුන්ගේ ඇති විශේෂත්වය මොකක්ද? දොස්තරලා හිතා ගෙන ඉන්නේ ලෝකේ ඉන්න ලොකුම නැතිතම් හොඳම දොස්තරලා මොවුන් කියලයි. දොස්තරලා ගැන පසුව කතා කරමු. එකක් මතක තියාගන්න ඉන්ජිනේරුවෝත් වැඩ කරන්නේ 8 පාස් නැති බිස්නස් කාරයින් ඇති කරපු කොම්පැනිවල බව.... ඉංජිනේරුවෝ හරි, දොස්තරලා හරි ඔය වෘත්තීන් දෙක සම්බන්ධව ලෝක සිසුන්ට අධ්‍යයනය කරන්න පොත් එහෙම ලියලා තිබෙනවද? මොවුන් ගොබ්බයන් කරගෙන ඉන්නේ ගොබ්බ දේශපාලකයන් හා ගොබ්බ ජනතාවක් නිසා මොවුන් දෙගොල්ලටම හරි යනවා.
මොවුන්ගෙන් වැඩගත යුතුව ඇත්තේ තුවක්කුව පිටට තියා නොවෙයි. බය නැතුව පපුවට තබාලාය...
මොවුන් විසින් දැඩි ලෙස අනෙකුත් සේවකයන් තාඩනපීඩනවලට ලක්කොට, බොරුවට පුටු රත් කරමින් කාලය කා දමන අතර, තමන්ට හිතෙන හිතෙන පරිදි නීති දමමින් සේවකයින් දැඩි ලෙස පීඩාවට පත් කරයි... හරියටම සුද්දන්ගේ කාලයේ නීති ක්‍රියාත්මක කළ පරිදිය. මෙම ලබාදුන් නඩු තීන්දුවෙන් දැන්, විදුලි ඉංජිනේරුවන්ගේ ලැජ්ජා සහගත නිරුවත රටට, පෙනී අහවරයි...