කණු මතින් දිවෙන කොළඹ මාර්ග ඉදිකිරීම් ලබන වසරේ සිට කොළඹ ඉඟුරු කඬේ හන්දිය සිට කොළඹ කොටුව චෛත්‍ය පාර දක්වා කණු මතින් පමණක් ඉදිවන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා පැවසීය. 23 May 2018
පැරණි මිලටම භූමිතෙල් දෙන්නැයි දෙවියන්ගෙන් ඉල්ලති සුළු පන්න ධීවරයන් වෙත ලබාදුන් භුමිතෙල් සහනාධාරය ඉවත් කර පෙර මිලටම භූමිතෙල් ලබාදෙන ලෙස රජයට බල කිරිමේ සාකච්ජාවක් හා දේව කන්නලව්වක් අද (23) උදෑසන උල්හිටියාව දේවස්ථාන භුමියේදි පැවැත්විණි. 23 May 2018
රජ්ජුරුවන්ගෙන් ලැබුණු ඉඩම් අක්කර 9998 ත් විකුණලා රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජයේ වනාන්තරයක අක්කර 9998 ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයින්ට විකීණීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිසා වන නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇත. 23 May 2018
දකුණේ පාසල් හි ප්‍රාථමික අංශ තවත් දින 3 ක් වසා දැමීමේ තීරණයක් දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පැතිරයෑම වැලැක්වීමේ පියවරක් වශයෙන් අධ්‍යාපන කළාප අටක පාසැලවල ප්‍රාථමික අංශ තවත් දින තුනක් වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි . වික්‍රමසිරි මහතා පැවසිය. 23 May 2018
කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානමක් වැසි සහිත කාලගුණය හේතුවෙන් කඩුවෙල බියගම යාවෙන පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව පොලිස් මුලස්ථාන කියයි. 23 May 2018
වැස්සෙන් රත්නපුරේ 24,625ක් අවතැන් කලුගඟ ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පහළ යමින් ගංවතුර තර්ජනය පහව යන තත්වයක් අද (23) දහවල් වනවිට වාර්තා වූ බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2018
විදුලි අලුත් වැඩියා කිරීමේ කෝටි 10 ක කොන්ත්‍රාත්තුවක් හොර පාරේ උතුරු මැද පළාත් සභාව යටතේ ඇති පාසල් වල විදුලි අලුත් වැඩියා කිරීමේ කටයුතු සදහා නීති විරෝධීව පිරි නමා ඇති බව කියන රුපියල් කෝටි 10 ක් පමණ වටිනා කොන්ත්‍රාත් වලට අදාල සියලු ලිපි ගොනු උතුරු මැද පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.ජී ජයසිංහ මහතාගේ නියෝගයක් මත විශේෂ විමර්ශනයක් සදහා උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබීය. 23 May 2018
ගං වතුරෙන් වසංගත රෝග පැතිරීමේ අවදානමක් ගංවතුර බැස යාමත් සමඟ එම ප්‍රදේශවල වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පි .විජේසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. 23 May 2018
දිස්ත්‍රික්14ක 84,943 ක් පීඩාවට-මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ යයි දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2018
රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්තරන් බිස්කට් දෙකක් කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අද (23) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. 23 May 2018
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් යළි සමාව අයදී ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ෆේස්බුක් ගිණුම් හිමි සියලු දෙනාගෙන් සමාව ඇයද තිබේ. ඒ ඊයේ (22) යුරෝපා පාර්ලිමේන්තුවේ නායකයින් හමුවකට එක්වෙමිනි. 23 May 2018
තලවකැලේ වතුකම්කරු පවුල් 33 ක් ආරක්ෂිත ස්ථානවලට තලවකැලේ පොලිස් වසමට අයත් ඩෙරික්ලෙයාර් වතුයායේ වතු නිවාස ගණනාවක් නායයෑම හා ගිලා බැසීම හේතුවෙන් එහි පදිංචි පවුල් 33 ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව එම වතුයායේ පාලන අධිකාරිය කියයි. 23 May 2018
ගිංඔය සහ මාඔය පිටාර ගැලීමෙන් 1500ක් අවතැන් වෙන්නප්පුව හා දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හී අධික වර්ෂාවත් සමඟ ගිංඔය හා මාඔය පිටාර ගැලීමෙන් පවුල් 375 ට පමණ අයත් පුද්ගලයන් 1500 ක් පමණ අවතැන් වී ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. 23 May 2018
අකුණුසැර වැදී තවත් ධීවරයෙක් මරුට කල්පිටිය කළපුවේ තෙප්පමකින් මසුන් මරමින් සිටි ධීවරයකු අද (23) උදෑසන අකුණු සැරවැදී මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 23 May 2018
වෙන්නප්පුවේ පාසල්වල ප්‍රතිළුල නැංවීමට දුර්වල දරුවන් ඉවත් කරන වෑයමක් වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල සාමාන්‍ය පෙළ පන්තිවල ඉගෙනුම ලබන විෂයන් වලට දුර්වල දරුවන් සාපෙළ විභාගයට ඉදිරිපත් නොකර වෘත්තීය පුහුණුවීම සඳහා යොමු කරන ලෙස පාසල්වලින් දෙමාපියන්ට බලපෑම් කරන බව දෙමාපියෝ පවසති. 23 May 2018
අධ්‍යාපන පරිපාලන නිලධරයෝ ලෙඩ නිවාඩු දමති පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වුවන් බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියා 23 May 2018
හෙරොයින් තොගයක් කටුනායක දී අත් අඩංගුවට රුපියල් දෙකෝටි හතලිස් හතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් තොගයක් මාලදිවයින බලා රැගෙන යෑමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටි එරට 23 May 2018
යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත්‍ර ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති. 23 May 2018
කරුවලගස්වැව මහකරඹෑව වැවත් වාන් දමයි වසර දෙකකට පසුව කරුවලගස්වැව මහකරඹෑව වැව වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. මී ඔයේ ජලමට්ටම ඉහළ යාමත් සමග වැවේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ. 22 May 2018
භූමිතෙල් පරිභෝජනය අඩකින් අඩුවෙලා භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් පරිභෝජනය 50% කින් පමණ අඩුවී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා අද (22) කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කර ඇත. 22 May 2018
ඉරානයට ගෙවන්න තිබු ඩොලර් මිලියන 250ක ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝගයක් ඉරානයෙන් වසර 10 කට පමණ පෙර ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් ( රුපියල් කෝටි 3,975 ක පමණ ) වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ. 22 May 2018
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළද නිහඬ විරෝධතාවයක සෞඛ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පසුගියදා යුද සැමරුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් මධ්‍යම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පළාත් සභා රැස්වීමට බෙල්ලේ කළු පටි පැළද සභා ගැබට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වූහ. මෙහිදී ඔවුහූ පහන් දැල්වීමක්ද සිදු කළහ. 22 May 2018
පොහොට්ටු මන්ත්‍රීගේ කතාවෙන් හාරිස්පත්තුව ප්‍රා සභාව උණුසුම් වෙයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් පැවති විවාදයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා කළ ප්‍රකාශයක් නිසා අද (22) පැවති හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 22 May 2018
මාර්ග සංවර්ධන අධිකාරියෙන් දුරකථන අංක කිහිපයක් පවතින අධික වර්ෂාවත් සමඟ මහ මාර්ග පද්ධතියට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබේ. 22 May 2018
කෘෂි තොරතුරු පෝරම 352, 500 කින් ලැබී ඇත්තේ 6469ක් පමණයි කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය දත්ත රැස්කිරීම වෙනුවෙන් දෙවසරකට පෙර ගොවි ජනතාව වෙත නිකුත් කළ පත්‍රිකා 352, 500 කින් දත්ත සහිතව ආපසු ලැබී තිබෙන්නේ පත්‍රිකා 6469 ක් පමණක් බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා අද (22) පැවසීය. 22 May 2018
දළ ඇතාගේ මරණයට අත්අඩංගුට ගත් හමුදා කපිතාන්ට ඇප මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් මියගිය ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ විදුලි රැහැන් ඇද තිබූ බවට සැකකෙරෙන යුද හමුදා කඳවුරක කපිතාන්වරයකු අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත. 22 May 2018
කළුතරත් 4750ක් අවතැන් වැසි සහිත කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක, ග්‍රාම නිලධාරී වසම් 127 ක පවුල් 1299 කට අයත් 4752 දෙනෙකු අවතැන් වී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි. 22 May 2018
නාය අවදානමක් නිසා දවුලගල පවුල් තුනක් පොලිසියට නාය යෑමේ අවදානමක් නිසා දවුලගල පොලිසිය අසල මාර්ගයේ බෑවුම මත පිහිටි නිවාස 3 ක පිරිස් ඉවත් කිරිමට පියවර ගත් බව දවුලගල පොලිසිය පවසයි. 22 May 2018
ලුණුවිල පාලමෙන් වතුරට වැටුණු තරුණයකු අතුරුදන් වෙන්නප්පුව ලුණුවිල මාර්ගයේ ලුණුවිල පාලමෙන් ගංවතුර බලමින් සිටි තරුණයකු අද (22) පාලමෙන් වතුරට වැටී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. 22 May 2018
‘මහින්ද රාජපක්ෂ යුගයට එරෙහි බොරු ප්‍රචාරණ ආණ්ඩුවගෙන යනවා’ - බන්දුල ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු හේතුවෙන් රජයට එල්ල වන අපවාද වලින් ගැලවී යාම සඳහා මහජන බදු මුදල් යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ යුගයට එරෙහිව අසත්‍ය 22 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026