මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී. 02 September 2019
මඩකලපුව බෝම්බකරුගේ සිරුරේ කොටස් නැවත ගොඩගනී මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුගේ සිරුරේ කොටස් අද(02) සවස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා ඉදිරියේදි නැවත ගොඩ ගනු ලැබීය. 02 September 2019
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදෙයි කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය අද(2) පස්වරුවේම රාගම වෛද්‍ය විද්‍යාලයට බාර කෙරිණි. 02 September 2019
ලාංකික දියණියක් අමෙරිකාවේ සහකාර නීතිපති ධුරයට මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික කතක් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය. 02 September 2019
උපාධිධාරීන් 587 කට ගුරු පත්වීම් මේ වසරේ ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයෙන් සමත් වූ උපාධිධාරීන් 587 දෙදෙනකුට ගුරු පත්වීම් ප්රදානය කිරිම කොළඹ පදනම් ආයතනයේ දී අද (2) සිදු කෙරිණි. 02 September 2019
රත්ගම ඝාතනයේ සැකකරුවෝ 16 දක්වා යළි රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් දාහත් දෙනා ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (02)නියෝග කළේය. 02 September 2019
ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම අරඹයි ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය අද (02) ප්‍රකාශ කළාය. 02 September 2019
වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි දේශපාලන කුමණ්ත්‍රණ, ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දෙමින් ණය ගෙවමින් වැඩිම මුදලක් ගමට වෙන්කළ එකම රජය වත්මන් රජය යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (2) පැවැසීය. 02 September 2019
ප්‍රවීණ නර්තනාචාර්ය පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පියකු, නර්තන ආචාර්යවරයකු හා බෙර වාදන ශිල්පියකු වන පියසාර ශිල්පාධිපති මහතා අද (2) අභාවප්‍රාප්ත විය. 02 September 2019
වවුනියාවේ ඉඩමකින් මෝටාර් උණ්ඩ- අත්බෝම්බ සොයාගනී වවුනියාව කනගරායන්කුලම, මදුරංකුලම ප්‍රදේශයේ ඉඩමක තිබී මිලිමීටර 60 මෝටාර් උණ්ඩ 15ක් සහ අත්බෝම්බයක් අද(02) උදෑසන සොයාගත් බව කනගරායන්කුලම පොලිසිය කියයි. 02 September 2019
අරුවක්කාලුවට යන මාර්ගය වසා ප්‍රදේශවාසීහු විරෝධතාවක අරුවක්කාලුවට යන මාර්ගය සකස් කරදීමට බලධාරීන් මැදිහත් වනතුරු කිසිවකුට නැවත එය භාවිතා කිරීමට ඉඩ නොදෙන බව පවසා ගම්වාසීහු 100 කට ආසන්න පිරිසක් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමමින් අද ( 2 ) විරෝධතාවයක නිරත වූහ. 02 September 2019
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමුගනී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්රාවප්රාප්ත වී තිබේ. 02 September 2019
අගමැති මාලදිවයින බලා පිටත්ව යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (02 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය. 02 September 2019
මන්ත්‍රී ධූරය ශාන්තට ඕනෑ- මහින්ද අමරවීර සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැනට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට හිමි නොවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි එ.ජ.නි.ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 01 September 2019
රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 01 September 2019
මාලිංග විස්සයි-20ලෝක වාර්තාව හිමිකරගනී විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි. 01 September 2019
කැලණියේ දායක සභාවෙන් අගමැති ඉවත්කළ බවට පළවූ වාර්තා ගැන එජාපය කරුණු දක්වයි කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී. 01 September 2019
‘කුරුණෑගල මන්ත්‍රී ධූරය සති දෙකක් ඇතුළත පිරවිය යුතුයි‘ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වන්නේ කාටද යන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත ප්‍රකාශ කළ යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට අද(1) පැවසීය. 01 September 2019
ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 01 September 2019
දන්ත පිරවුම්වලට නව විසඳුමක් දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත. 01 September 2019
ටෙක්සාස් වෙඩි තැබීමකින් 5 ක් මරුට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 01 September 2019
ඇමෙරිකානු බලධාරීන් හා තලේබාන් සංවිධානය අතර එකඟතාවයක් වසර 18ක ගැටුම් අවසන් කරමින් ගිවිසුමකට පැමිණීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර එකඟතාවක් ඇති වී ඇතැයි සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් පැවැසීය. 01 September 2019
‘විනය ක්‍රියා මාර්ග ගන්නා බව එජාපයෙන් දැනුම් දී නැහැ‘ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ. 01 September 2019
අලුත්කඩේ උද්ඝෝෂණ ගැන අධිකරණයෙන් නීති මාලාවක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ අද (1) දින සිට එළැඹෙන 10 වැනි දා දක්වා උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි සඳහා අධිකරණ නියෝගයක් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 September 2019
ට්විටර් නිර්මාතෘගේ ට්විටර් ගිණුමට නීතිවිරෝධීව අයෙක් ඇතුළු වෙයි ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි මහතාගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ. 31 August 2019
රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 31 August 2019
සමහරුන්ට මියයන තෙක්ම අර්ධසාධක පාරිතෝෂිකය ලබාගන්න බැරිවෙලා පුද්ගලයෙකු විශ්‍රාම ගොස් සතියක් තුළ සිය අර්ථසාධක පාරිතෝෂිකය ලබාදීමේ වැඩපිළිවෙළක් ලඟදීම සකස් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා අද (31) බදුල්ලේදී පැවසීය. 31 August 2019
දීඝවාපි චෛත්‍ය ප්රතිනිර්මාණ කටයුතු ඇරඹෙයි බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත්කල ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ප්රතිනිර්මාණ කටයුතු අද 31 දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 31 August 2019
පුතුගේ පහරින් පියා මරුට තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි. 31 August 2019
අලි රොෂාන් ඇතුළු පිරිසට නීතිපති පවරා ඇති නඩුවට විත්තියේ නීතීඥවරුන්ගෙන් විරෝධයක් වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතීඥවරුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් අතර ලබන සැප්තැම්බර් 18 වැනිදා එම විරෝධතාවය පිළිබඳව කරුණු විමසීමට විනිසුරු මඩුල්ල නියම කළේය. 30 August 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026