(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම අටළුගම ව්‍යාපාරිකයකු සතුව තිබු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිරිහාන පොලීසියේ කොස්තාපල්වරුන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි නිහාල් මහතා පැවසීය.
මෙසේ වැඩ තහනමට ලක් වුයේ මිරිහාන පොලීසියේ දූෂණ මර්ධන අංශයේ සේවය කළ තිදෙනෙකි.
ඔවුන් තිදෙනා අද නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව හිමින් කළානම් ඉවරයිනේ දේශපාලකයෝ වගේ....
ඉස්සර මේවා කලේ පැනගිය හමුදා භටයින්. දැන් සේවයේ ඉන්න පොලිස් නිලධාරීන්. එක පියවරක් ඉදිරියට ගිහින්. මහජන ආරක්ෂාව තහවුරුවෙලා? ඉස්සරහට පැමිණිල්ලක් කරන්නත් භය වෙන්න වේවි.
පොලීසිය කියන්නේ මහජන ආරක්ෂකයන්.... නීතිය සුරකින්නන්... පොලිස් නිලධාරීන්ට මහජන මුදලින් වැටුප් ගෙවන්නේ ඒ රාජකාරීන් උදෙසා. ඉතින් ඔවුන්ම මෙහෙම නීච පහත්වැඩ කරනවා නම් මිනිස්සුන්ට ආයුධ දෙන්න. එවිට පුළුවන් අපේ ආරක්ෂාව බලාගන්න.