‘‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න සියල්ල සූදානම්‘‘ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්නට සිදුවන ලිපිගොනු සියල්ලත් හදා අවසන් යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේ ප්‍රධාන දෙසුම කරමින් පැවැසීය. 03 September 2019
දක්ෂිණ අධිවේගයේ ඉදිකිරීම් වලින් ඉතිරිවන කොන්ක්‍රීට් මත්තල කැලෑවකට මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලන් හා බෝක්කු ඉදිකිරීමට ගෙනවිත් ඉතිරි වූ කොන්ක්‍රීට් මත්තල ප්‍රදේශයේ කැලෑවක් තුළට දැමීමෙන් මහා පරිමාණ පරිසර හානියක් සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති. 03 September 2019
ගෝඨා ගැන හොයන්න සී.අයි.ඩී. 20 ක් හම්බන්තොට යති පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්රාහාරය ගැන හොයනවාටත් වඩා ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2005 ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත්ව තිබුනේදැයි සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැදගත්ව තිබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (3) පැවැසීය. 03 September 2019
‘විස්සයි - විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’ ’ශ්‍රීලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. 03 September 2019
පුද්ගල ඝාතනයකට තිදෙනෙක්ට මරණ දඬුවම වසර නවයකට පෙරදී මොරටුව මෝදර වත්ත ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට පානදුර බස්නාහිර පළාත් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (3) නියෝග කළේය. 03 September 2019
රාවණ - 1 සාර්ථක ප්‍රතිඵල ලබාගනී දේශීය ඉංජිනේරුවන් අතින් නිර්මාණය වූ රාවණ - 1 චන්ද්‍රිකාව සාර්ථකව ඡායාරූප හා තොරතුරු ලබා ගැනීමේ කාර්යයෙහි නියැලෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය සඳහන් කරයි. 03 September 2019
ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි. 03 September 2019
ශිෂ්‍යත්වය සමතුන්ට දෙන ශිෂ්‍යාධාරය 750 දක්වා ඉහළට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන්ට රජයෙන් ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 03 September 2019
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා සමුගනී දිනපතා දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ග්රන්ථ කතුවරයකු වූ මෙරිල් පෙරේරා මහතා අද(3) අභාවප්‍රාප්ත විය. 03 September 2019
හම්බන්තොට හිටපු නගරාධිපතිට හිරගෙදර විශේෂ සැලකිලි අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට බන්ධනාගාර පරිපාලනයෙන් විශේෂ සැළකිලි ලැබෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2019
‘ගෝලීය ත්‍රස්තවාදය මර්දනයට මාලදිවයින හා එක්ව විසඳුම් සොයනවා‘ ගෝලීය ත්‍රස්තවාදය , මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විසඳුම් සෙවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ දී පැවසීය. 03 September 2019
සංවර්ධන නිලධාරීහු වර්ජනයකට සැරසෙති පරිපාලන වියදම් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් හෙට(4) වැඩවර්ජනයක හා උද්ඝෝෂණයක නියැළෙන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 03 September 2019
බීමත් රියදුරන්ගෙන් රජයට කෝටි 30 ක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා රට පුරා කි‍්‍රයාත්මක කළ මෙහෙයුමේ දී මාස දෙකකට ආසන්න තුළ අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් දඩ මුදල් වශයෙන් රුපියල් කෝටි 30 ට අධික මුදලක් රජයට උපයා දී ඇති බව රථවාහන පොලිසිය කියයි. 03 September 2019
කැලිෆෝනියාවට නුදුරු මුහුදේදී යාත්‍රාවක් ගිනිගෙන 25ක් මරුට කැලිෆෝනියාවට නුදුරින් ශාන්ත කෲස් දිවයින ආසන්නයේ මුහුදේදී යාත්‍රාවක් ගිනිගැනීම හේතුවෙන් මියගිය පුද්ගලයින් 25දෙනකුගේ සිරුරු සොයාගත් බව ඇමරිකානු වෙරළ ආරක්ෂක භටයෝ පවසති. 03 September 2019
‘තෙවසරක් තිස්සේ ඔත්තු අංශ අනතුරු ඇඟවීම් 97 ක් කරලා‘ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාර එල්ල වන බවට කළ අනතුරු ඇගවීම් නිවේදන 97 ක් ජාතික රහස් ඔත්තු සේවය විසින් තෙවසරක කාලය තුළ ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දන්වා යැවූ බව ජනාධිපති නීතීඥ සංජය ජයවර්ධන මහතා අද (3) ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කියා සිටියේය. 03 September 2019
‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා ‘ නීති විරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් සිදුවිය හැකි විපත් හා දිගු කාලීන ප්‍රතිවිපාක ගැන අනතුරු ඇගවීමේ ප්‍රයන්තයට එක්වන ලෙස ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශ සීමා ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරි මේජර් ජනරාල් කේ‍්‍රග් ෆුරිනි මහතා අද( 3) මීගමුව පිටිපන ධීවර තටාංගනයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය 03 September 2019
ග්‍රෑන්ඩ්පාස් පුද්ගල ඝාතන සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියේ අවමගුල් උත්සවයට සහභාගි වෙමින් සිටියදී මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 03 September 2019
පොලිස් නිලධාරීන් 42කට අද සිට මාරුවීම් සහකාර පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය. 03 September 2019
විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10වැනිදා වැඩවර්ජනයක ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල එකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. 03 September 2019
ජේලර් ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අම්බලන්ගොඩ කුලිගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 September 2019
ලාදුරු යළිත් පැතිර යාමේ අවදානමක් ලාදුරු රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 03 September 2019
කටුනායක - වේයන්ගොඩ අලුත් දුම්රියක් මාර්ගයක් කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(02) පැවැසීය. 02 September 2019
ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දය ඔක්තෝබර් 11 ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 02 September 2019
ඉන්දු - පාකිස්තාන නියෝජිතයන් අතර උණුසුම් වචන හුවමාරුවක් මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුව අතරවාරයේදී ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා සහ පාකිස්තාන ජාතික මන්ත්‍රණ සභාවේ නියෝජ්‍ය කතානායකවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. 02 September 2019
ග්‍රාම නිලධාරිවරියගේ යතුරු පැදියේ යතුර රැගෙන දැව ලොරියේ රියදුරු පලා යයි බලන්ගොඩ තලංගම ග්‍රාම සේවා වසම තුළ බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් නතර කර තලංගම ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරිය විසින් එය පරීක්ෂා කරන අවස්ථාවේදී එම දැව ප්‍රවාහනය කළ ලොරි රථයේ රියැදුරු විසින් එම ග්‍රාම නිලධාරිවරියගේ යතුරු පැදියේ යතුර රැගෙන අද (02) සවස පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 02 September 2019
රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙති වෘත්තිය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීහූ බදාදා (04) වැනිදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති. 02 September 2019
‘පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බලයක් ජනපතිට නැහැ’ පළාත් සභා මැතිවරණය අලුත්ක්රමයට හෝ පැරණි ක්‍රමයට හෝ පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. 02 September 2019
අඟුණුකොලපැලැස්ස වාර්තා ගැන ව්‍යාජ තොරතුරු දුන්නැයි චෝදනා අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටු දෙක මගින් සකස් කළ වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යට ව්‍යාජ තොරතුරු සැපයීමට එරෙහිව තමන් අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට පැමිණිලි කරන්නේ යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 02 September 2019
මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී. 02 September 2019
මඩකලපුව බෝම්බකරුගේ සිරුරේ කොටස් නැවත ගොඩගනී මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුගේ සිරුරේ කොටස් අද(02) සවස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා ඉදිරියේදි නැවත ගොඩ ගනු ලැබීය. 02 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026