(හියුබට් ප්‍රනාන්දු සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුවේ හෝටලයකදී පුද්ගලයන් පිරිසක් කළ පහරදීමකින් සේවකයකු මිය යාම සහ එහි හිමිකරු ඇතුළු තිදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් 6දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද(10) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන, කිඹුලාපිටිය හා කටුවැල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන් 6දෙනෙකි.
ඊයේ(09) රාත්‍රියේදී හෝටලයේදී ඇති වූ අරාවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති අතර, සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, මොහමඩ් අසීස් නමැත්තෙකි.
පහරදීමෙන් තුවාල වූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.
මියගිය අයගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ලබා දෙන ලෙස මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය. අනතුරුව දේහය මියගිය අයගේ බිරියට බාරදීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටල් වලට ගියාම කන්න බොන්න නොවේ ස්මාර්ට් වෙන්න යන අයගෙන් තමයි ඔය කරදර . ඒ හෝටලේ හොඳ නැත්නම් වෙන එකකට යන එකනේ තියෙන්නේ ,දැඩි දඬුවම් දෙන්න ඕනේ
මේක ජාති වාදය අවුස්සන්න කරපු දෙයක්. ඕක පිටිපස්සේ පොහොට්ටුවෝ සහ දියවන්නාවේ ඉන්න මීගමුවේ ලොකුම කුඩු මුදලාලියා ඉන්නවා.මම වගකීමෙන් කියන්නේ.
ඡන්දේ ලග නිසා සැලසුම් කරලා කරපු මිනීමැරුමක් වගේ. හයදෙනාම එලොව යවන්න තියෙන්නේ.
පොහොය දවසේ අරක්කු බොන්න ඕනේ කියල හෝටලය ඇතුළේ. ඒ මුස්ලිම් මනුස්සය බැහැ කියලා. එකට තමයි ඔය බලු වැඩේ කරලා තියෙන්නේ. පෝයට මුස්ලිම් මිනිස්සු ගරු කරනකොට අපේ අය එකේ අනිත් පැත්ත. මහා පව්කාරයෝ. මේ අය තමයි රට විනාශ කරන්නේ. අනේ මගේ රට.....