රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (04) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවූ රජයේ ඒකාබද්ධ නිලධාරීන්ගේ කමිටුවේ නියෝජිතයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතර එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බව එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවැසීය. 04 September 2019
වරාය නගරයේ ඉදිකිරීම් සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවේ කොළඹ වරාය නගරයෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල යාබද බිම් කොටසේ සම්මන්ත්රණ හෝටලයක් සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 04 September 2019
නෙළුම් කුළුණ වාණිජකරණ කටයුතු සඳහා රාජ්‍ය සමාගමක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත නුදුරේදී ම භාර දීමට නියමිත කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වාණිජකරණ කටයුතුවලට යොදාගැනීම සඳහා රජය සතු සමාගමක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 04 September 2019
පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි පාස්කු ප්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI) මගින් තමන් වෙත භාරදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවකින් අද (04) දැනුම් දුන්නේය. 04 September 2019
‘‘විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි‘‘ විජයදාස රාජපක්ෂ මහතා ලියූ රාජ්‍ය පාලනයේ විකාශය හා ශ්‍රී ලංකාවේ අනාගතය ග්‍රන්ථය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුවක් වනු ඇතැයි සැක සිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 04 September 2019
පොදුජන පෙරමුණ සන්ධානයක් ලෙස සන්ධාන ගතවීමට යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය නමින් සන්ධාන ගතවීම සඳහා පක්ෂ නායකයින් හමුවේ පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (04) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 04 September 2019
‘‘ත්‍රස්තවාදී තර්ජනයට මුහුණදීමට ශක්තිමත් දේශීය නීති රාමුවක් අවශ්‍යයි‘‘ ලෝක ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල වන ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන ශක්තිමත් දේශීය ප්‍රතිත්‍රස්ත නීතිමය රාමුවක් සහ යාන්ත්‍රණයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්වැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසියේ මුඛ්‍ය දේශනය පවත්වමින් මාලදිවයිනේ ඊයේ (03) පැවසීය. 04 September 2019
පූජිත ගොනු කළ දිවුරුම් ප්‍රකාශය පිළිගන්නවාද නැද්ද යන්න නියෝගය හෙටට කල්යයි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන්ට කුමන්ත්‍රණ චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශය පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම හෙට (05) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2019
සජිත්ට චෝදනා කළ යෝජනාව පිළිබඳ විවාදයට ඒකාබද්ධයේ අදහස් අඩුවෙයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3600 ක් මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා ගෙන ආ යෝජනාවක් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි. 04 September 2019
ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුව 8 වැනිදා ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව ලබන 08 වැනිදා පස්වරු 2.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. 04 September 2019
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කළේ පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් නෙවෙයි පාලක මණ්ඩල අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබාගෙන ඇති බව කියන රුපියල් මිලියන 3600ක මුදලින් කළ ව්‍යාපෘති රටට පෙනෙන්නට තිබෙන බවත් එම මුදල් පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් වැය කර නොමැති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය. 04 September 2019
අගැමැති ලේකම් යළිත් ජනපති කොමිසම හමුවට වත්මන් රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසන් සභාව හමුවේ (06) වැනිදා නැවත පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම් දී තිබේ. 04 September 2019
මීගමුවේ නිවාස දෙකකින් ලක්ෂ 50 ක හොර බෙහෙත් අල්ලයි මෙරට ලියාපදිංචි නොකළ පිළිකා නාශක හා හෘද රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ තොගයක් මීගමුව ප්‍රදේශයේ නිවාස දෙකක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි. 04 September 2019
බෝරා සමුළුවෙන් ලංකාවට ඩොලර් මිලියන 31ක් මේදිනවල කොළඹදී පැවැත්වෙන බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුවෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 31ක ආදායමක් උපයා ඇතැයි ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 04 September 2019
ටොන් 1.3ක හෙරොයින් තොගයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ටොන් 1.3ක හෙරොයින් තොගයක් සෆෝක් වරායෙන් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන් සමත් වී ඇත. 04 September 2019
කුණු දැමූවන් ලවාම කුණු අද්දවති දොම්පේ පහුරුවෙල මාර්ගයේ වෙල් යායක් අසළ සායනික අපද්‍රව්‍ය තොගයක් දමා ගිය පිය පුතු දෙපළක් ලවාම එම අපද්‍රව්‍ය තොගය යළි වෙනත් ස්ථානයකට රැගෙන යාමට අද(04) අවශ්‍ය කටයුතු කළ බව දොම්පේ පොලීසිය කියයි. 04 September 2019
බුද්ධි තොරතුරු නොසළකා හළ වගකිව යුත්තන්ට අධි චෝදනා ගොනු කරන්න පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අදාළ බුද්ධි අංශ අනතුරු අගවා තිබියදීත් අදාළ වගකිවයුත්තන් එය නොසළකා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ යුතු යැයි ඇන්ග්ලිකන් සභාවේ කොළඹ දියෝකීසයේ අගරදගුරු තුමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ චානක සිල්වා මහතා අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය. 04 September 2019
නීතිපතිගෙන් විශේෂ ඉල්ලීමක් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (4) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 04 September 2019
දඬුවම ලිහිල් කරන්නැයි කංජිපානිගෙන් ඇපෑලක් කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා එම දඬුවම ලිහිල් කරන්නැයි අභියාචනයකරණයට ඇපෑලක් අද (4) ඉදිරිපත් කළේය. 04 September 2019
ශ්‍රී ලංකාවෙන් බංගලාදේශයට ඩොලර් 50,000 ක ගංවතුර ආධාර ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බංගලාදේශයට ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 04 September 2019
ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 September 2019
මාලදිවයින් සංචාරය නිමවා අගමැති දිවයිනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින මාලදිවයින සංචාරය නිමා කර අද(04) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. 04 September 2019
බ්‍රිතාන්‍ය අගමැතිගේ යෝජනාව පරාජය වෙයි බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම වැළැක්වීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නව යෝජනාව පරාජයට පත්වී ඇති බව වාර්තා වේ. 04 September 2019
‘සජිත් එනවා’ තෙවැනි රැළිය කුරුණෑගල ‘සජිත් එනවා’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ තුන්වන රැළිය කුරුණෑගල සත්‍යවාදී පිටියේ හෙට (5) පස්වරු 2.00 සිට පැවැත්වෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. 04 September 2019
ජෝන් අමරතුංග ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා වනජීවී හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (03) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් දැඩි විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2019
වජිරගේ තීරුබදු සහන යෝජනාවට මංගලගේ විරෝධය පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අද (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇතැයි ද වාර්තා වේ. 03 September 2019
අරුවක්කාලු විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක් පුත්තලම නගරයේ ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතා කිසිවක් නොපවත්වන ලෙසට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ( 03 ) එයට සම්බන්ධ සිව් දෙනෙකුට නියෝග කළ අතර එම සිව් දෙනාට 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද දන්වා නොතිසි ද නිකුත් කළේය. 03 September 2019
විගණනයක් කරන තුරු ක්‍රිකට් ඒඩ් මෙහෙයුම් අත්හිටුවන ලෙස කෝප් කමිටුවෙන් නියෝගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාගමක් වශයෙන් ලියාපදිංචි කර පිහිටුවා ඇති ක්‍රිකට් ඒඩ් (ක්‍රිකට් ආධාර) හි ගිණුම් පරීක්ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ට නියෝග කළේය. 03 September 2019
‘‘විධායක ජනපති ධූරය අහෝසි කරන්න කැපවෙනවා‘‘ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් අද (03) දින ප්‍රකාශ කළේය. 03 September 2019
‘‘2020 පත්වන ජනපතිට නෙවෙයි අගමැතිටයි බලය තියෙන්නේ‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි කල්පනා කළ යුත්තේ විස්සයි විස්සේදී ජනාධිපති කවුද කියන එක ගැන නෙවෙයි අගමැති කවුද කියන එක ගැනයි. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මීළගට පත්වෙන ජනාධිපතිට නොව බලය තිබෙන්නේ අගමැතිට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පැවසීය. 03 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026