(ලලිත් නවරත්න සහ ඔගස්ටීන් ප්‍රනාන්දු )
හලාවත රෝහලට උණ රෝගයට ප්‍රතිකාර සදහා පැමිණි රෝගියෙකු හට කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි පවතින සැකයක් මත අද (11) දහවල් එම රෝගියා අංගොඩ උණ රෝහල වෙත මාරු කිරීමට රෝහල් බලධාරීන් වහාම කටයුතු කර ඇත.
මෙම රෝගියා හලාවත සේරුකැළේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය ඉතාලියේ සේවය කර දින කීපයකට ඉහතදී දිවයිනට පැමිණි තැනැත්තියකි.
සිද්ධියෙන් පසු රෝහල් බලධාරීන් විශේෂ අරක්ෂිත වැඩපිළිවෙළ රෝහල තුළ ක්‍රියාත්මක කරඇති අතර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රෝහල් අධ්යක්ෂ වෙද්‍ය කේ.පී. මල්ලවාරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්න බයේ... මෝඩකමට ලංකාවට පැන්නා. දැන් අංගොඩ උණ රෝහලේ තපින්න වුණාම තේරෙයි. ඉතාලියේ ඉස්පිරිතාලවල පිරිසිදුකම සහ දොස්තරලාගේ අගය. ඒ මදිවට පවුලේ අයටයි, ගමේ අයටයි ඔක්කෝටම දෙයි ඉතාලියෙන් ගෙනාව තෑග්ග...
අනේ මන්දා මිලානෝ. ඔයා ඉන්නේ ඇත්තටම පිටිගල කියලා මට දැන් තේරේනවා.
ලංකාවේ මිනිස්සු ඕනෑවට වඩා උඩ පනිද්දී මට නිකමට වගේ හිතුණා. උඩ පනින්නේ බිමට වැටෙන්න ආසන්න නිසා බව... ඔය මිලාන්වල ඉන්න පිටිගල කියන අඥාන මනුස්සයටත් කියන්නේ. ඕනෑවට වඩා උඩ පැනලා දඟලන්න එපා කියලයි. බිමට වැටිලා චප්ප වෙන්න පුළුවන්..
මනුස්සකමක් නැති සිංහලයින්...
ඔය පිටිගල මිලානෝ අමුතුම වර්ගයේ කෙනෙක්. ඉතාලියට හෝ යුරෝපයට ගැලපෙන කෙනෙක් නෙමේ. එයා ගැළපෙන්නේ ලංකාවටයි. ඉතාලියේත් එයා අඳින ඇඳුම වෙනස් ඇති අනිවාර්යයෙන්ම. මම අහන්නේ ඇයි ඔයා මියන්මාරේට නොගියේ කියලයි.