චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානයේ සබඳතා ගිලිහී යයි සඳ මතට ගොඩබැස්සවීමට මොහොතකට පෙර චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය සමග තිබූ සබඳතා ගිලිහී ගිය බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි. 07 September 2019
මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 06 September 2019
මාලිංග කඩුලු 100 යි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 06 September 2019
සහරාන් - හේමසිරි - පූජිත එකම නඩුවේ විත්තිකරුවන් ලෙස චෝදනා ගොනු කරයි පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් නමැත්තා සමඟ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව එකම නඩුවේ විත්තිකරුවන් වශයෙන් චෝදනා ගොනු කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (06) පැවසීය. 06 September 2019
මහජන බැංකුවේ රැකියා දෙන්නැයි මුදල් ඇමති නම් 1800 ක් යවලා මහජන බැංකුවට කාර්යාල සහයකයින් ලෙස බඳවා ගන්නැයි දන්වමින් මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි මාසයේදී බැංකුවේ සභාපතිවරයා වෙත 1800 දෙනකුගේ නම් ලැයිස්තුවක් එවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය. 06 September 2019
රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන් රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි. 06 September 2019
‘‘ශ්රීලනිපය සමඟ පැවැත් වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වුණා‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත් තමන්ට ඔවුන්ගේ සහය ලැබෙනු ඇතැයි විශ්වාසකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 06 September 2019
අගමැති ලේකම් පැය 5 ක් ජනපති කොමිසම හමුවේ සාක්කි දෙයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යාම සඳහා බත්තරමුල්ලේ ඩී.පී.ජේ ගොඩනැගිල්ල ලබා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමට කෝටි 103 ක් පමණ වැය වී ඇති බවත් එම ගොඩනැගිල්ල සඳහා භාණ්ඩ ගැනීමට තවත් කෝටි 46 ක් වැය කළ බවත් මෙසේ වියදම් කළ මුදලින් එම ගොඩනැගිල්ල මිළදී ගැනීමට වුවත් පුළුවන් කමක් තිබුණේ යැයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (06) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. 06 September 2019
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර අභාවප්‍රාප්ත වෙයි මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා අද (06) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 06 September 2019
ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මය රාත්‍රි කාලයෙත් සිදු කරන්න යයි කොළඹ අක්ෂි රෝහල ඇතුළු රටපුරා රෝහල් 10 ක සිදුකරන ‘ඇසේ සුද‘ ඉවත් කිරීමේ ශල්‍ය කර්ම රාත්‍රී කාලයේදීද සිදු කිරීමට බෝ නොවන රෝග පිළිබඳව ජාතික සභාව තීරණය කර තිබේ. 06 September 2019
මුලතිව් කැලයකින් කිලෝ 250ක අධි බලැති බෝම්බයක් හමුවේ මුලතිව්, කේපාපිලව් 11 වන ඉංජිනේරු බලකා කඳවුර ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී කිලෝ 250 යුත් අධිබල බෝම්බයක් අද(06) සොයාගත් බව මුල්ලියාවේලි පොලිසිය කියයි. 06 September 2019
ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවන් සිව් දෙනා යළි රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ සැකකරුවන් සිව් දෙනෙකු තවදුරටත් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (6) නියෝග කළේය. 06 September 2019
පාන් මිල අද මැදියම් රැයේ සිට ඉහළට පාන් රාත්තලක මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 2.00 කින් වැඩි කිරිමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 06 September 2019
ඉතාලියේ රූ රැජින තරගයේ අවසන් වටයට ලාංකික තරුණියක් ඉතාලියේ පැවැත්වෙන 2019 වර්ෂයේ රූ රැජින තේරීමේ අවසන් මහා තරගයට ශ්‍රී ලාංකික තරුණියක වන සෙව්මි තාරුකා ප්‍රනාන්දු (20) සුදුසුකම් ලබා සිටින්නීය. 06 September 2019
රනිල් - සජිත් අතර විශේෂ හමුවක් ඉරිදා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය. 06 September 2019
වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්රීනිය-සොහොයුරිය යළි රිමාන්ඩ් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනිය සහ ඇගේ වැඩිමල් සොහොයුරිය ලබන 11 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාරගත කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (06) නියෝග කර තිබේ. 06 September 2019
ඡන්ද නාමලේඛනයේ නම ඇද්දැයි සොයා බලන්න 2019 ඡන්ද නාමලේඛනයේ තමන්ගේ නම ලියාපදිංචි වී ඇද්දැයි සොයා බලන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 06 September 2019
ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමයි ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත සෑම තිරිඟු පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50 කින් ඉහළ දමන්නැයි එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියලුම ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇත. 06 September 2019
‘මහේන්ද්‍රන් ගෙන්වීම ලේසි නෑ’ සිංගප්පූරු නීතියට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම අතිශය දුෂ්කර වනු ඇතැයි බටහිර ඉන්දීය කොදෙව්හි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අද (6) පැවසීය. 06 September 2019
බඹරු ඇනීමෙන් වතුකම්කරු කාන්තාවෝ 55 ක් රෝහලේ බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වතු දෙකක දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 55 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (06) ඇතුළත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය. 06 September 2019
හම්බන්තොට නගරාධිපතිට-විශ්‍රාමික මේජර්ට අධි චෝදනා ගොනු කරයි හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඉදිරියේ අධිචෝදනා බාර දිම සිදු කෙරුණි. 06 September 2019
ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ සිටින ලාංකික දෙමළ යුවළ ගැන තීරණය 18 ඕස්ට්‍රේලියාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවළ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 18 වන දින දක්වා කල් තැබීමට එරට අධිකරණය තීරණය කර ඇතැයි එරට පළවන ද ඕස්ට්‍රේලියන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 06 September 2019
ඉන්දියාවට ගිය සරණාගතයින් 27ක් යළි කැඳවයි පසුගිය යුද සමයේදී මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වූ සරණාගතයන් 27දෙනෙකු නැවත මෙරටට ගෙන්වූ බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කරයි. 06 September 2019
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45 කට සීමාවෙයි පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත ආණ්ඩු පක්ෂයේ කටයුතු ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් අද දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 45 කට සීමා විය. 06 September 2019
දෙහිවල සත්වෝද්‍යාන වෘත්තීය සමිති එක්දින වර්ජනයක දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අද (6) ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. 06 September 2019
රොබට් මුගාබේ සමුගනී නිදහසින් පසු සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබර්ට් මුගාබේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 September 2019
ඇල්පිටියේදී බස් රථයක වෙඩි තැබීමක්: අයෙක් මරුට ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 06 September 2019
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා සැකකරුවෝ පලා යති අකුරැස්ස නගරයේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (06) අලුයම දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි. 06 September 2019
ගුවන් විදුලිය ඩිජිටල් වෙයි නවීන තාක්ෂණය සිය ශ්රාවකයින්ට සමීප කරමින් ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීම ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පස්වරුවේ ආරම්භ කෙරිණ. 05 September 2019
‘‘එජාපයේ නායකයන්ගේ එකමුතුවෙන් සුදුසුම අපේක්ෂකයා නම් කරනවා ‘‘ එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයින්ගේ එකමුතුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසුම අපේක්ෂකයා නම් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (5) පස්වරුවේ පැවැසීය. 05 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026