IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පෞද්ගලික උපකාරක පන්තිවලටත් සති දෙකක නිවාඩුවක්

(ඩයනා උදයංගනී)
       
රජයේ තීරණය අනුව කටයුතු කරමින් හෙට (13) සිට මාර්තු 27 වැනිදා දක්වා සති දෙකක කාලයක් පෞද්ගලික උපකාරක පන්ති ද නොපැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමය පවසයි.
       
ඒ අනුව සංගමයට සම්බන්ධ සියලූ ගුරුවරුන් මෙම කාලයේදී උපකාරක පන්ති පැවැත්වීමෙන් වැළකී සිටින බවත්, සති දෙකක උපකාරක පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස සංගමයේ සාමාජිකයින් නොවන සියලූම උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ද ඉල්ලා සිටින බවත්  එම සංගමයේ සභාපති අමිත් පුස්සැල්ල මහතා පැවසීය.
       
අධ්‍යාපන අමාත්‍යවරයා සහ කොරෝනා මර්දන ජාතික ක‍්‍රියාකාරී කමිටුව විසින් කර ඇති ඉල්ලීමක් අනුව මෙම තීරණය ගත් බව ද සභාපතිවරයා කීවේය.
       
ඔහු මේ බව පැවසුවේ නුගේගොඩ උපකාරක පන්ති ආයතනයකදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
       
සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමයේ ලේකම් කමල් ප‍්‍රියංකර, උප සභාපති තිස්ස ජනනායක සහ අනුශාසක නිහාල් ලියනගේ යන උපකාරක පන්ති ගුරුවරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.



අදහස් (2)

පෞද්ගලික උපකාරක පන්තිවලටත් සති දෙකක නිවාඩුවක්

nishanath Thursday, 12 March 2020 03:52 PM

සති දෙකකින් පසු පෞද්ගලික පන්ති පවත්වන්නන්ගේ සංගමයට අනුබද්ධිත වෛද්‍යවරුන් විසින් එම වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රතිකාර සොයා ගනු ඇත. ළමයි මැරුණත් කමක් නෑ. මේ අයට ඕන සල්ලි... මේමගින් පුළුවන් නම් පෞද්ගලික පන්ති තහනම් කරලාම දාන්න.

:       0       1

ass charya Friday, 13 March 2020 04:21 AM

ඉස්කෝල දහම් පාසල් මාසයකට වැඩිය වහලා පුද්ගලික පන්ති සති දෙකයි එතකොට ඔය පුද්ගලික පන්තිවල ඉගෙන ගන්නෙ පාසල් යන දරුවන් නොවෙයිද.?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site