(ඩයනා උදයංගනී)
රජයේ තීරණය අනුව කටයුතු කරමින් හෙට (13) සිට මාර්තු 27 වැනිදා දක්වා සති දෙකක කාලයක් පෞද්ගලික උපකාරක පන්ති ද නොපැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමය පවසයි.
ඒ අනුව සංගමයට සම්බන්ධ සියලූ ගුරුවරුන් මෙම කාලයේදී උපකාරක පන්ති පැවැත්වීමෙන් වැළකී සිටින බවත්, සති දෙකක උපකාරක පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස සංගමයේ සාමාජිකයින් නොවන සියලූම උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ද ඉල්ලා සිටින බවත් එම සංගමයේ සභාපති අමිත් පුස්සැල්ල මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරයා සහ කොරෝනා මර්දන ජාතික ක‍්‍රියාකාරී කමිටුව විසින් කර ඇති ඉල්ලීමක් අනුව මෙම තීරණය ගත් බව ද සභාපතිවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ නුගේගොඩ උපකාරක පන්ති ආයතනයකදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සමස්ත ලංකා වෘත්තිය දේශකයන්ගේ සංගමයේ ලේකම් කමල් ප‍්‍රියංකර, උප සභාපති තිස්ස ජනනායක සහ අනුශාසක නිහාල් ලියනගේ යන උපකාරක පන්ති ගුරුවරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති දෙකකින් පසු පෞද්ගලික පන්ති පවත්වන්නන්ගේ සංගමයට අනුබද්ධිත වෛද්‍යවරුන් විසින් එම වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රතිකාර සොයා ගනු ඇත. ළමයි මැරුණත් කමක් නෑ. මේ අයට ඕන සල්ලි... මේමගින් පුළුවන් නම් පෞද්ගලික පන්ති තහනම් කරලාම දාන්න.
ඉස්කෝල දහම් පාසල් මාසයකට වැඩිය වහලා පුද්ගලික පන්ති සති දෙකයි එතකොට ඔය පුද්ගලික පන්තිවල ඉගෙන ගන්නෙ පාසල් යන දරුවන් නොවෙයිද.?