(නාලක සංජීව දහනායක)
විනය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි විජිතමුණි සොයිසා මහතා සහ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව අද (12) තීරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාව විසින් මෙම තීරණය ගත් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ලංකාදීපයට පැවැසීය.
එමෙන්ම මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ අනුමැතිය හිමිවූ බවද ඔහු කීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (12) මෙම රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීතිය පොහොට්ටුවට ගිය කට්ටියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ?
ශ්‍රී ලාංකික දේශපාලන අච්චාරුවේ හොඳ ඇඹුලකි මොහු. මෙවන් පිලිලයන් පත් කලේ අපේම මොවුන්ට බනින ඡන්දදායකයින්ය. එසේනම් මේ පිළිල එළවලා... ආයෙත් පරණ හොරුන්වද මේ ඡන්ද කොලේ තියෙන්නේ? ඉතින් පක්ෂ නායකයිනි මේ වරද ඇයි ඔබලා නිවැරදි කරන්නේ නැත්තේ? කෝ අර රටේ ආරක්ෂාව අංක එක කියලා ආව කෙනා... එයත් කරන්න මේකම නම්.... කවර කතාද?
2015 යුඑන්පි එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් ලොක්කට විනය පරීක්ෂණ නෑනේද.?
ඔය වගේ අය නෙරපන්න තිබුනේ මිට කලින්. තවම ප්‍රමාද නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙක් හැටියට පත්වීම අරගෙන ඡන්දෙත් ඉල්ලනවානම් යුඑන්පී තමයි. හැබැයි මේ පාර 'මලෝ' කියාගන්න වෙන්නේ කන්නාඩිය ඉස්සරහට ගිහින් තමයි.
දැන් නෙරපලා පොල් ගාන්නද..
උකුස්සා වැඩේ පටන් අරන් වගේ.
හොද වැඩේ.....
සොයිසා මලා...
මේ අර හබරල පෙතිවලින් කොන්ද හැදිලා තියෙන නිසා තැටි ගෙවිලා කිව්ව වැදගත් මහත්තයා නේද ??
මුළු පක්ෂෙම කෑවනේ...
මෙයා දැන් සජිත් හරි රනිල් හරි ළඟට පැනලා කුඩප්පච්චිත් මළා කියයි. මෙයා වගේ අයට ඕන බලේ විතරයි.
අප්පචි මලා කියමින් බොරුවට ඇඩුවානේ........මිනි පෙට්ටිය පෙන්වා ලකුණු ගත්තානේ.......
මෙයා 2015දි කිව්වා ඊට කලින් ආණ්ඩුවේදී හරියට මහන්සිවෙලා වැඩ කරන්න වුනා කියලා ගෝඨා ආරක්ෂක ලේකම් නිසා එයාට බයේ. ඒ එක්කම කිව්වා දැන් (2015දි) ගෝඨා නැති නිසා දැන් නිදහසේ ඉන්නවා කියලා. ඔය නිදහසේ නිකම් හිටපු හැටි තමයි. මේ වගේ නිකමුන්ව කවුරුවත් ගන්නේ නැත්නම් හොඳයි.
දැනටත් එජාපයේ කටාන සංවිධායක. එන්නේ රනිල්ගෙන්ද, සජිත්ගෙන්ද කියලයි දන්නේ නැත්තේ...
"නෙරපයි" හොඳ වැඩී, "පන්නයි" උචිතයි...