(නාලක සංජීව දහනායක)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී හෙට (13) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
උවිඳු විජේවීර මහතා රුසියාවේ සිට එස්.යූ 6265 දරණ ගුවන් යානයෙන් හෙට පෙරවරු 9.05 මෙරටට පැමිණීමට නියමිත අතර ඉන් පසුව මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.
මහ මැතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇතැයිද වාර්තාවේ.
මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කොළඹ දිස්ත්‍රික්කයට හෝ ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් පසුවන බවද දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති හමුවීමට ඉස්සරවෙලා මෙයා නිරෝධායන රෝහලට ගෙනයාවිද ?
මෙයා තමා හාල්පරුවෝ දේශපාලන කරන්න උස්සන් එන්නේ. ඉස්සර ගෙනාවා ආනාකෙලී දැන් වයසක නිළියෝ, ක්‍රීඩකයෝ. දැන් මෙලෝ මගුලක් නොදන්න ජිවිතේ වැඩිකාලයක් නිවාස අඩස්සියේ සහ රට හිටපු හාල්පරුවෙක් උස්සන් ඇවිත්. ජනපතිතුමා කියනවා බුද්ධිමත් අය එවන්න කියලා මෙයා ජෝකර්ලා තෝරනවා.
රට බේරගත්ත විරුවා මෙච්චර බංකලොත් වෙලාද? 3% ට මෙච්චර බයද? රාජපක්ෂ වහලුන් කියන විදියට බස් පුච්චන්න මිනිමරන්න අණ දිපු නායකයගේ පුතා කරගහන්න.
උවිඳු විජේවීර කවරෙක්ද යන්න අනාගතයේ අපට දැක ගන්නට හැකියි. පුද්ගලීක වාසි ප්‍රයෝජන වෙනුවෙන් අවස්ථාවාදිව සිතන්නේ නම් රාජපක්ෂ දේශපාලනය තුළට ගාල්වීම නිවැරදිය. ඉතිහාසයේ එක් වතාවක් ජ.වි.පෙරමුණ ධනපති හවුල් ආණ්ඩු වලට මුක්කු ගසා අද නිදහසට කරැණු කියති. අපි දන්නා රෝහණ විජේවීරගේ ප්‍රතිපත්තියට නම් එය කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ජනතාව ප්‍රතික්ෂේප කළත් රෝහණ විජේවීරටත් වඩා හොද ස්ථාවරයක නිවැරදි දේශපාලන මඟක පවතින්නට අද ජ.වි.පෙරමුණ සමත් වී ඇත. ඒ තුළ උවිදුට ගෞරවනීය දේශපාලන තත්ත්වයක් ලබන්නට හැකියාව පවති.
මෙයා නිරෝධානයට යොමු කෙරෙන්නේ නැද්ද ? අපි දැක්කා විදේශ මාධ්‍ය වාර්තා කර තියෙනවා බ්‍රිතාන්‍යයේ කිරුලහිමි චාර්ල්ස් කුමරුන් කොරෝනා වයිරසය බෝවීම වැලැක්වීම සඳහා සම්ප්‍රදායික අතට අතදීම වෙනුවට දෑත එක්කොට අපි " ආයුබෝවන් " කියන ආකාරයට අමුත්තන් පිළිගන්නා අකාරය. අපේ කට්ටිය අතරේ මේ වාර්තාව ඇතුලත් වීඩියෝ පටය උණු කැවුම් වගේ බෙදීයන අන්දමත් දක්නට ලැබුනා. අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මඟින්ද අතට අත දෙනු වෙනුවට ආයුබෝවන් කීමේ අගය පෙන්වමින් මෙවැනි නිවේදනයක් නිකුත් කර තියෙනවා.
කොහෙවත් ඉන්න අය ගෙනෙල්ලා කාවද මේ සතුටු කරන්න යන්නේ ?
තාත්තගේ මතවාදය පුතා ප්‍රතික්ෂේප කරනවද නැතිනම් අගමැතිතුමා පුතාව මෝහනය කරලද? මොකක් වුනත් තාත්ත ඒ කලේ කරපු කියපු දේවල් වල සහ රටට කල විනාශයේ හැටියට ඔය නම ඇහුවත් බය හිතෙනවා!
මෙයා තාත්තා වගේ දක්ෂයෙක් නොවුනාට මෝඩයෙක් නොවෙයි. පොහොට්ටුව පරද්දන එක ලේසි නැහැ... ජීවිතයම ගොඩේ ගොඩ. ජයවේවා....
ඒ කියන්නෙ විජේවීර කියන නමටත් අභසරණයි.
අත්පොත් තැබීම.
පුතේ, ඔබට ඔබගේ රට වෙනුවෙන් හොදක් කිරීමට දුර ගමනක් යන්න හැකිවෙයි යන්න අපගේ අදහසයි. ( අප කිසිදු තක්කඩි කොළ, නිල් රතු පක්ෂවලට කඩේ යනවා නොව ) අනේ පුතේ තාත්තා වගේ " ගොන් විප්ලවවලට " කිසිදු අයුරකින් සහභාගි නොවී රටේ දියුණුවට, රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න. එය තමයි ඔබ විසින් තමන් උපන් රටට කරන යුතුකම සහ වගකීම.100% ම දේශපාලුවන් විසින් මේ මොහොතේ සහ මේ වෙනතුරුත් අමතක කර ඇත්තෙත් එයමයි. එය ඉතාම අවාසනාවන්ත තත්වයකි. එබැවින් කිසිදු පක්ෂයක පක්කාලියෙක් හෝ තක්කඩියන්ගේ ගොඩට නොවැටෙන ලෙසත් හොද වැඩට " මොකා කරත් "එය අගයන්න. " බලු වැඩ කුමන බලවතා කරත් " එයට විරුද්ධ වෙන්න බිය නොවන්න. එලෙසම "කලුකුමාරයා" ඇතුළු ඒ කාලකන්නි රතුහැට්ටකාරයන්ගේ බලු වැඩවලටත්, එම නිවටයන්ගේ අතකොලු ලෙස මෙලේච්චයන් ලෙස හැසිරෙන අන්තරේ ඉන්න නුගතුන්ගේ මිලේච්ඡ ක්‍රියාවන්වලට අවංකව නොබියව ඍජුවම විරුද්ධ වන්න. ඔබට එමගින් අවංකව උපන් රටට ආදරය කරන පුරවැසියන්ගේ ආදරය, කරුණාවෙන් ඉක්මනින්ම දුරගමනක් යාමේ මාර්ගය එළිපෙහෙළි වනු නියතය. " පුතේ තම උපන් රටට අවංකව සේවය කරන්න " කිසිදින නුඹට වරදින්නේ නැත.
තාත්තාගෙ නම ඇරෙන්න මොනාද මෙයාට තියෙන්නේ?
මෙවන් මඩ වලක නොවැටී සිටීම ඔබ පියාණන්ට කරන ගෞරවයකි
තාත්තා වගේම පුතත් හාල්පාරු මිනීමරුවෙක් වෙයිද?
සරල සිද්දිය මේකයි. පොහොට්ටුවෙන් කැඩෙන ඡන්ද ජවිපෙට යන එක වළක්වන්න ගහන ගැටයක්.
මහින්ද මහත්මයට පවුල් වාදයෙන් තොර දේශපාලනයක් නැත. සිටියානම් එතුමා කාගේ පුතා වුනත් පොහොට්ටුවට ගනීවි. ඕකෙන් වෙන්නේ පොහොට්ටුවට වියත්මගෙන් බහින උගත් බුද්ධිමත් පැරෂුට් කාරයෝ, පොහොට්ටුවේ සැමදාම සිටි පුද්ගලයන්, ශ්‍රීලනිපයේ පස්සේ පැනපු ගෙම්බන් යන සියලුදෙනාම අතර ගැටුමක් ඇතිවීමය. මට පෙනෙන විදිහට ගෝඨා මහත්මයට මේ වැඩේ කරගෙන යන්න මහින්ද මහත්මය ඉඩදෙන්නේ නැහැ. ඔක්කොම අච්චාරු කරන්න හදන්නේ.