IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් අද (12) නැවත වරක්  6%කින් පහළ ගියේය.

යුරෝපයේ සියලු රටවලට සංචාරක තහනමක් පැනවීමට පියවර ගන්නා බව සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ ප්‍රකාශය එලෙස නැවත තෙල් මිල ගණන් පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවිය.

‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 3.7%කින් පහළ ගිය අතර ඒ අනුව එම වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 32ක් ලෙස දැක්විණි. ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල  3.3%කින් පහළ ගිය අතර එම වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34ක් ලෙස දැක්විණි.

ඊට පෙර දිනවලදී මෙම වෙළෙඳපොළවල විශාල පාඩු සිදු වූ අතර තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් පියවර ද ඊට හේතුවිය.

මේ සතිය ආරම්භයේ සිට ගෝලීය තෙල් වෙළෙඳපොළේ තෙල් මිල ගණන් වේගයෙන් පහළ වැටුණු අතර ඊට ප්‍රධාන වශයෙන් හේතුවූයේ තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයයි.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට ගත් අවස්ථාවේදී තෙල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණු නමුත් කතාවෙන් පසුව තෙල් මිල ගණන් වේගයෙන් පහළ ගියේය. කොරෝනා වයිරසය මේ වනවිට ලොව විශාලතම සහ ඉහළම ආර්ථිකය ලෙස සැලකෙන ඇමෙරිකානු ආර්ථිකයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇත.

(ඒ.එෆ්.පී.)

055



අදහස් (5)

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

mihira Thursday, 12 March 2020 01:26 PM

ලෝක වෙළඳපලේ අගය සෘණ වුණත් අපේ කාලකන්නි අඩු කරන්නේ වැඩි වුණා නම් බලන්න තිබුණා වැඩේ...

:       0       0

de silva Thursday, 12 March 2020 02:14 PM

වහාම මිල සුත්‍රය ගෙන එන්න.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 12 March 2020 05:28 PM

"දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා" කියන පැරණි ගීතය ආච්චි කුස්සියේ ඉඳන් ගායනා කරන අතර, සීයා නම් කියන්නේ ඡන්දෙට ඉස්සර වෙලා ලැබිච්ච තෙල් දායාදය නිසා, තෙල් මිල පහළ ගියත් මේ පාර රජයේ ඡන්ද ප්‍රතිශතය නම් ඉහළ යාහැකි බවයි.

:       0       10

Deepal Nirosh Friday, 13 March 2020 05:08 AM

මෙච්චර තෙල් මිල පහළ ගිහිල්ලත් ඒ ගැන වගේ වගක් නැති ආණ්ඩුවක්? කොරෝනා වලටම මුවා වෙලා ඇඟ බේර ගන්නනයි හදන්නෙ. තීරණයක් ගන්න රැස් වෙනවයි කියපු කැබිනට්ටුවට මොකද වුණේ?

:       0       2

Nuwan Friday, 13 March 2020 05:30 AM

කොහෙද අනේ ඔය ලෝක වෙළඳපොළ තියෙන්නේ ? මම එහෙටවත් ගිහින් අඩුවට තෙල් ටිකක් අරන් එන්න...................

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 277 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 803 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site