කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් අද (12) නැවත වරක් 6%කින් පහළ ගියේය.
යුරෝපයේ සියලු රටවලට සංචාරක තහනමක් පැනවීමට පියවර ගන්නා බව සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ ප්‍රකාශය එලෙස නැවත තෙල් මිල ගණන් පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවිය.
‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 3.7%කින් පහළ ගිය අතර ඒ අනුව එම වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 32ක් ලෙස දැක්විණි. ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 3.3%කින් පහළ ගිය අතර එම වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34ක් ලෙස දැක්විණි.
ඊට පෙර දිනවලදී මෙම වෙළෙඳපොළවල විශාල පාඩු සිදු වූ අතර තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් පියවර ද ඊට හේතුවිය.
මේ සතිය ආරම්භයේ සිට ගෝලීය තෙල් වෙළෙඳපොළේ තෙල් මිල ගණන් වේගයෙන් පහළ වැටුණු අතර ඊට ප්‍රධාන වශයෙන් හේතුවූයේ තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයයි.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට ගත් අවස්ථාවේදී තෙල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණු නමුත් කතාවෙන් පසුව තෙල් මිල ගණන් වේගයෙන් පහළ ගියේය. කොරෝනා වයිරසය මේ වනවිට ලොව විශාලතම සහ ඉහළම ආර්ථිකය ලෙස සැලකෙන ඇමෙරිකානු ආර්ථිකයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇත.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වෙළඳපලේ අගය සෘණ වුණත් අපේ කාලකන්නි අඩු කරන්නේ වැඩි වුණා නම් බලන්න තිබුණා වැඩේ...
වහාම මිල සුත්‍රය ගෙන එන්න.
"දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා" කියන පැරණි ගීතය ආච්චි කුස්සියේ ඉඳන් ගායනා කරන අතර, සීයා නම් කියන්නේ ඡන්දෙට ඉස්සර වෙලා ලැබිච්ච තෙල් දායාදය නිසා, තෙල් මිල පහළ ගියත් මේ පාර රජයේ ඡන්ද ප්‍රතිශතය නම් ඉහළ යාහැකි බවයි.
මෙච්චර තෙල් මිල පහළ ගිහිල්ලත් ඒ ගැන වගේ වගක් නැති ආණ්ඩුවක්? කොරෝනා වලටම මුවා වෙලා ඇඟ බේර ගන්නනයි හදන්නෙ. තීරණයක් ගන්න රැස් වෙනවයි කියපු කැබිනට්ටුවට මොකද වුණේ?
කොහෙද අනේ ඔය ලෝක වෙළඳපොළ තියෙන්නේ ? මම එහෙටවත් ගිහින් අඩුවට තෙල් ටිකක් අරන් එන්න...................