පළාත් සභා ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන නෑ පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වි ඇත. 10 September 2019
වජිරගේ කැබිනට් සංදේශය දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2019
ආරක්ෂක ඇමැතිගෙන් ජනපතිට ලිපියක් ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම ගැටළු සහගත තත්ත්වයක් වන අතර එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට තර්ජනයකට ලක්වීමක්යැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ. 10 September 2019
කසකස්තාන අපරාධකරුවකු කටුනායකින් හරවා යවයි සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ, ජාත්‍යන්තර පොලීසියේ රතු දත්ත ලේඛනයේ සඳහන් කසකස්තාන ජාතිකයෙකු අද(10) උදෑසන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. 10 September 2019
රටින් ගෙන්වූ කසළ පෙට්ටි 333 කට පුරවා තබයි එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ එළිමහනේ ගොඩ ගසා තිබූ කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර එහි තැන්පත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 10 September 2019
ඉන්ධන මිල පහළට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ. 10 September 2019
තිරිඟු පිටි මිල යළි අඩු කරයි රුපියල් 5.50 කින් වැඩිකළ තිරිඟු පිටිමිල නැවත අඩු කිරීමට ප්‍රිමා සමාගම ජිවන වියදම් කමිටුව අද (10) එකඟ වී ඇත. 10 September 2019
අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා සියලු විශවවිද්‍යාල අද(10) අඩපණ විය. 10 September 2019
රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට ගැනීම වෘත්තීය ජනමාධ්‍යවේදීහු හෙළා දකිති ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තමන් දැඩි සේ හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 September 2019
පාවෙන අවි ගබඩාව සම්බන්ධ චෝදනා 7573 කට නඩු ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (10) නඩු පවරන ලදී. 10 September 2019
‘පුලතිසි’ හෙට සිට ගමන් අරඹයි කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා හෙට(11) සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2019
තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. 10 September 2019
බ්ලූ මැන්ඩල් සංඛ 24 දක්වා රිමාන්ඩ් දිනේෂ් එරංග නොහොත් කළු බෝලේ (32) යන අය වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියකට සම්බන්ධව අධිකරණයට බාර වූ රණසිංහ ආරච්චිලාගේ සංඛ හෙවත් ‘බ්ලූ මැන්ඩල් සංඛ‘ ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (10) නියෝග කළාය. 10 September 2019
කුඩු රොෂාන් ඇතුළු 13 දෙනා යළි රිමාන්ඩ් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය නියෝග කළාය. 10 September 2019
කැබිනට් ඇමැතිවරු 8කට එරෙහිව පැමිණිල්ලක් වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 10 September 2019
පානදුර උතුර පොලිසියෙන් අතුරුදන් වූ ටී- 56 ගිනි අවි අකුරැස්සෙන් හමුවේ පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 10 September 2019
රනිල් - සජිත් - කරූ අද හමුවෙති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. 10 September 2019
ටී - 56 ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පලායයි වෙන්නප්පුව බටහිර දුම්මලදෙනිය ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (9) රාත්‍රියේ වෙඩි තබා පලාගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි. 10 September 2019
රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත. 09 September 2019
ගෝඨාභයට එරෙහි නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරයේ ගැටළුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර මහාධිකරණයේ ගොනු වී ඇති අධි චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය වැරදි සහගත බැවින් එම නඩුව පත්වාගෙන යා නොහැකි යැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය. 09 September 2019
සජිත් ටීඑන්ඒ මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. 09 September 2019
පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව ජනපති සටනට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව අද (09) නම් කරනු ලැබීය. 09 September 2019
අගමැතිට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 12 වැනිදා පෙරවරු 9.30ට පෙනී සිටින්නැයි දන්වමින් එම කොමිසම විසින් සිතාසි නිකුත් කරනු ලැබ ඇත. 09 September 2019
ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙන්නෙක් ජාතික රුපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයේ ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු කරමින් සිටියදී ඊට නව සභාපතිවරයකු පත්කිරීමත් සමග ආයතන අභ්‍යන්තරයෙහි විශාල අර්බුදයක් හටගෙන ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 09 September 2019
ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන මස 8 කැඳවයි ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 08 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (09) තීරණය කළේය. 09 September 2019
යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව හෙට ඇරඹේ චීන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ෂැන්හයි සහයෝගිතා සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘‘ යුරෝ ‐ ඒෂියා ඉකොනොමික්ස් ෆෝර්ම් ’’ හෙවත් යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව චීනයේ ෂියෑන් නුවරදී හෙට (10) ආරම්භ කෙරේ. 09 September 2019
සාලින්දගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට හේරත් කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එච්.එම්.ඩී.බී හේරත් මහතා පත් කර තිබේ. 09 September 2019
ගෙවල් බිඳුම් කළ ලියාපදිංචි අපරාධකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට වත්තල , රාගම, කිරිබත්ගොඩ, කැලණිය අවට ප්‍රදේශයන්හි රාත්‍රි කාලයේ ගෙවල් බිඳ කොල්ලකෑ පුද්ගලයින් සිව් දෙනකු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 09 September 2019
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිගේ නඩුව හෙට සිට විභාගයට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව හෙට සිට (10) විභාග කිරීම ආරම්භ කිරීමට පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (9) තීරණය කළේය. 09 September 2019
රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ් රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (9) නියෝග කළේය. 09 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026