(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණි තිදෙනෙකු සම්බන්ධයෙන් ඇතිවි ඇති සැකයක් මත කොරෝනා රෝගීන් දැයි පරීක්ෂා කිරිමට ගම්පහ මහ රෝහලට අද (13) යැවූ බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය.
මෙම තිදෙනාගෙන් දෙදෙනෙක් 34 වන වියේ පසුවන මවක හා 13 වන වියේ පසුවන පුතෙකු වෙති.
ඔවුන් මුගුණුවටවන උතුරු මහගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙසින් හඳුනා ගෙන ඇති බවත් මෙම කාන්තාවගේ සැමියා ද අංගොඩ අයි.ඩි.එච්.උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මොහු මෙරටින් සොයා ගත් පළමු කොරෝනා රෝගීයා ඇසුරු කර ඇතැයි අනාවරණය වී තිබේ.
අනෙක් රෝගියා මුන්දලම අගුණවිල ප්‍රදේශයේ පදිංචි 43 වන වියේ පසුවන පුද්ගලයෙකි.
පසුගිය දා හලාවත රෝහලේ සිටි අංගොඩ රෝහලට කොරෝනා ආසාදිතයකු දැයි පරික්ෂා කිරිමට යවන ලද පල්ලම සේරුකැලේ පදිංචි කාන්තාව කොරෝනා ආසාදිතයකු නොවන බවත් ඇය අද (13) සිය නිවසට එවා ඇති බවත් හලාවත රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා දැයි සැක තවත් 3 ක් හලාවතින් ගම්පහ රෝහලට