නිලධාරියකුට එක් වාහනයක් තියාගෙන අනෙක් වාහන මැතිවරණ රාජකාරිවලට ඉල්ලයි
රාජ්‍ය පරිපාලන චක්රලේඛනයට අනුව නිල මට්ටමින් වාහන හිමිකම් ඇති නිලධාරීන්ට එක් වාහනයක් වන පරිදි වෙන්කර තියෙන වාහන හැර රජයේ අනෙකුත් සියලුම වාහන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ලබාදිය යුතු යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී ඇත.