මුදල් ඇමැතිගෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්ට නියෝගයක් මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව ඉකුත් කාලයේදී සුරාසැල් බලපත්‍ර 84ක් අලුතින් නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ. 15 September 2019
‘මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා‘ කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 15 September 2019
’ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා’ ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අභියෝගයට ලක් කිරිමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (15) පැවසීය. 15 September 2019
ශාන්ත බණ්ඩාරගේ නම ගැසට් පත්‍රයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු හිස්වූ මන්ත්‍රී ආසනය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජික ශාන්ත බණ්ඩාර මහතාගේ නාමය මැතිවරණ කොමිසම විසින් අද (15) ගැසට් කර තිබේ. 15 September 2019
දරුවන්ට දුම්වැටි විකිණූ වෙළෙඳුන් 10කට නඩු බුත්තල ඔක්කම්පිටිය පොලිස් වසමේ බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳුන් දසදෙනෙකුට විරුද්ධව අද (15) නඩු පැවරීමට කටයුතු කළ බව ඔක්කම්පිටිය පොලීසිය පවසයි. 15 September 2019
ශ්‍රීලනිප සාමාජිකත්වය තහනම් කළ මන්ත්‍රීවරු සිව්දෙනා නඩු මඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එ.ජ.නි.ස පත්කළ මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා හා එස්.බී දිසානායක යන මහත්වරුන් තීරණය කර තිබේ. 15 September 2019
ඔසාමාගේ පුතා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ඇමරිකාව විසින් සිදුකළ මෙහෙයුමකදී ඝාතනය කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. 15 September 2019
පොලිස් ලොක්කන් 64 කට මාරුවීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙෙදනකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට, පොලිස් අධිකාරීවරුන් දෙදනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකුට සහ සහ පොලිස් පරීක්ෂකවරු 33 දෙනකු සඳහා ස්ථානමාරුවීම් ලබා දී තිබේ. 15 September 2019
පිපිරීමෙන් තුවාල ලැබූ කාන්තාවන්ගේ තත්ත්වය බරපතලයි දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ නිවසේ සිදුවූ පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. 15 September 2019
රත්නපුරට-බලන්ගොඩට නාය යාමේ පූර්ව නිවේදන නිකුත් කරයි පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා රත්නපුර සහ බළන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක නායයාමේ අවදානම් කලාප ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. 15 September 2019
‘සාකච්ඡා සාර්ථකයි’ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කළ සාකච්ඡාව ඉතා සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය. 15 September 2019
කලාගම කලබලයකින් කලාවැව උද්‍යානය වසාදමයි ගල්කිරියාගම, කලාගම ප්‍රදේශයේ ගම්වාසින් පිරිසක් සහ කලාවැව උද්‍යානභාර නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව උද්‍යාන භාරකාර ඩී. රාමසිංහ මහතා පැවසීය. 15 September 2019
පොලිසිය අකුරටම සාමය රකී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ආධාරකරුවන් පිරිසකට ‘හූ’ කියා අසභ්‍ය වචනයෙන් ජනාධිපතිට දොස් පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි. 15 September 2019
ඉඩම් ගැටලු සෙවීමට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් කමිටුවක් උතුරු පළාතේ යුද හමුදා කඳවුර ඇතුළු ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කර, ඔවුන්ගෙන් පූර්ණ වාර්තාවක් ලබාගැනීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පියවර ගෙන ඇත. 15 September 2019
බීඩි කොල කිලෝ 1000 ක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබූ බිඩි කොළ කිලෝ 1050 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ මාරවිල මුහුදුකටුව මුහුදු තිරයෙදී අද (15) පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 September 2019
දෙමටගොඩ නිවසක පිපිරීමක් දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද (15) උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 September 2019
එස්.ටී.එෆ්. එකෙන් වෙඩි කා වැලි ඡාවාරම්කරුවෙක් රෝහලේ යාපනය අරියාලෙයි නෙඩුංකුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත වූවන් පිරිසක් ගමන්ගත් ට්‍රැක්ටරයකට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහලගත කළ බවට යාපනය පොලීසිය පවසයි. 15 September 2019
ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය. 14 September 2019
ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ‘සිඟිති දැරියකගේ ජිවිතය බේරා ගනිමු‘ යනුවෙන් ව්‍යජ ලෙස මුද්‍රණය කල ටිකටිපත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කර මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සැප්තැම්බර් (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්.මැණිකේ මහත්මිය අද (14) දා නියෝග කළාය. 14 September 2019
සෞදියේ ඉන්ධන කම්හල් 2ක් ගිනිගනී සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් පළාත්වල පිහිටි ඉන්ධන කර්මාන්තශාලා දෙකක් ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ගිනිගෙන ඇතැයි වාර්තා වේ. 14 September 2019
මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න කොමිසමට බලය පැවරේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනිද්දා (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ. 13 September 2019
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ගන්න භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කෙරේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර 4 ක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1528 ක් පමණ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. 13 September 2019
අජිත්.පී පෙරේරාගේ - සුජීවගේ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවට තීරණය කරයි එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ. 13 September 2019
රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සැරසෙති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් රජයේ විධායක නිලධාරීහු ලබන 18 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති. 13 September 2019
සිවිල් සංවිධාන නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉල්ලයි දින වකවානු සඳහන් කරමින් නිශ්චිත කාළ සීමාවක් තුළදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට වන ප්‍රබල ඉල්ලීමක් සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත ඉදිරිපත් කර තිබේ. 13 September 2019
ඇල්පිටිය ප්‍රා සභා බල ප්‍රදේශය සාමකාමීයි ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය මේ මොහොත වන තෙක් සාමකාමී හා විනයගරුක අයුරින් කටයුතු සිදුවන බව පැෆරල් සංවිධානය කියයි. 13 September 2019
හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු ඇල්පිටිය ප්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. 13 September 2019
ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා ලබන සතියෙන් අවසන් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා ලබන සතිය වන විට අවසන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 13 September 2019
කංජිපානිගේ පියා- සොහොයුරා ඇතුළු 6 දෙනා රිමාන්ඩ් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13)නියෝග කළේය. 13 September 2019
නීතීඥවරුන්ට එරෙහි පැමිණිලිවලට පරීක්ෂණ නැත්තේ ඇයිද අසයි ප්‍රසිද්ධ නීතීඥවරයකුගේ අකටයුත්තක් ගැන ජනපති අගමැති ඇතුළු රටේ වගකිව යුතු පාර්ශවයන් 20කට පැමිණිලි කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් කිසිදු පාර්ශවයක් සිදුනොකිරීම පිළිබඳව ඇමෙරිකාවේ රැකියාවක් කරමින් ශ්‍රී ලංකා රජයට බදුගෙවන පුද්ගලයකු ලෙස තමන් කණගාටු වන බව මාලන් මෙන්ඩිස් මහතා පවසයි. 13 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026