(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල , කුරුණෑගල පාරේ ඇස් කණ්නාඩි අලෙවිසැළක සේවය කළ තරුණයෙකු අද( 15) පස්වරුවේ අලෙවිසලේ ඉහළ මාලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.
එම වෙළඳසැලම සේවය කරන සේවිකාවක ද හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවන් එම අවස්ථාවේදීම රෝහල් ගත කළ බව දඹුල්ල පොලීසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ එම වෙළෙඳසලේ සේවය කරන මඩකලපුව පදිංචිකරුවෙකි.
හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල් ගත කර ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ සේවිකාවක් බවද පොලිසිය කියයි.ගොඩනැගිල්ල භාරකරු පැවසූයේ මෙම දෙදෙනාට හුස්ම ගැනීමේ අපහසුතාවයන් එකවරම ගෙන සිදුව තිබෙන බවට සැක කරන බවයි.
එමෙන්ම මරණය කෙසේ වූයේද යන්න අනාවරණය කර ගෙන නොමැති බව පොලීසිය කියයි.දඹුල්ල පොලිසියේ කණ්ඩායම් කීපයක් මේ වන විට එම ස්ථානය නිරීක්ෂණය කරමින් සිටීති .
උදෑසන සිටම දඹුල්ලේ විදුලිය විසන්ධි වී තිබුණු බවත් එම ආයතනයේ විදුලි උත්පාදන යන්ත්‍රයක් කියාත්මකව තිබුණු බවද පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබන් මොනොක්සයිඩ් විෂවීමක් කියලයි හිතෙන්නේ...
කොරොනා නොවන්නට ප්රාර්ථනය කරනවා
මේ වගේ විදුලි උත්පාදක යන්ත්ර නිසා මීටපෙරත් මරණ වාර්තා වුණා. ජෙනරේටර් වල දුම පිටතට යවන්න ක්රම සකස් කළානම් මෙහෙම වෙන්නේ නැහැ. ඒවා ක්රියාත්මක කරන අයට ඒ ගැන අවබෝධයක් තිබිය යුතුයි...