IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


යුරෝපයේ තවත් ධූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සීමා කරයි

( තිළිණි ද සිල්වා )
කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අද(16) සිට යළි දැනුම් දෙනතුරු යුරෝපයේ පිහිටි තවත්  ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
ඒ අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නොර්වේ ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල කන්සියුලර් කටයුතු මෙලෙස සීමා  කර ඇත .
 
මෙම රටවල අදාල බලධාරින් විසින් ගනු ලබන සංචාරක තහනම් කිරිමේ සහ ප්‍රවේශය සීමා කිරිමේ පියවරයන්වල දැඩි සීමාකාරි ක්‍රියා පටිපාටි සැලකිල්ලට ගනිමින් සහ මෙම රටවලින් ආරම්භ වන සියලු සංචාරයන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතක දී පනවා ඇති සංචාරක තහනම ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
 



අදහස් (1)

යුරෝපයේ තවත් ධූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සීමා කරයි

de silva Monday, 16 March 2020 05:05 AM

හරිනම් තානාපති කාර්යාල මේවගේ හදිසි අවස්ථාවක නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා, වෙනදාට වැඩිය පුළුල් සේවයක් සපයන්න ඕනේ... හදිසි කරදරවලට මුහුණදෙන පුරවැසියන්ට සේවය සලසන්න ඕනේ... නමුත් මේ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔය සංචාරක කටයුතු සීමා කළාම ගොඩක් දෙනෙක් දුරකථන මගින් තානාපති කාර්යාල වලින් විස්තර අහනවා , ඒවාට පිළිතුරු දෙන්න කවුරුහරි ඕනේ.., ඉදිරියට ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා නම්..., මේවගේ අවස්ථාවලදී දුරකථනවලින් ප්‍රශ්න අහන පුද්ගලයින්ට සුහදශීලිව කතාබහ කරලා තත්වය පහදලා දීම අත්‍යාවශ්‍ය දෙයක්...

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site