ටී 56 පතුරොම් 20ක් - විද්‍යුත් උපකරණ කිලිනොච්චියෙන් සොයාගනී කිලිනොච්චිය, කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසළ ගෙවත්තක තිබී ටී.56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් අද(29) සොයාගත් බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. 29 April 2019
යුද හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් කිලිනොච්චියෙන් හමුවෙයි කිලිනෝච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහියක් තිබී අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි. 29 April 2019
‘වෙසක් - පොසොන් උත්සව එපා‘ - තොරතුරු ඕන නම් මාව හමුවෙන්න ‘මේ ප්රශ්නය ඉවර වෙනකම් රටේ වෙසක් පොසොන් කිසිම උත්සවයක් පවත්වන්න ඉඩ තියන්න එපා. පන්සල් 50 කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් පිළිබදව වාර්තා වෙලා තියෙනවා. වැඩිදුරටත් තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට ඇවිත් මාව හමුවන්න‘ යැයි බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හෝමාගම අධිකරණය ඉදිරිපිටදී අද (29) පැවසූහ. 29 April 2019
‘මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අන්තවාදී පල්ලි 400කට අවසර දීලා‘ මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 29 April 2019
චන්දන වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ධූරයට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කරනු ලැබ සිටී. 29 April 2019
සහරාන් සමඟ සබඳකම් පැවැත්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ප්‍රහාරයෙන් මියගිය බවට සැක කෙරෙන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳකම් පැවැත්වූ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 29 April 2019
දෙවැනි ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ. 29 April 2019
ටී 56 ගිනි අවිවලට යොදන ජීව පතුරොම් 10ක් සොයාගනී කහටගස්දිගිලිය බස් ඩිපෝව පසුපස වෙල්යායක දමා ගොස් තිබූ ටී. 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව පතුරොම් 10 ක් අද(29) සොයා ගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 29 April 2019
ගුවන් යානා නාශක උණ්ඩ වැලිපැන්නෙන් හමුවෙයි වැලිපැන්න ‘රාමියා පාර’ ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) ගුවන්යානා නාශක උණ්ඩ 5 ක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබේ. 29 April 2019
හමුදා නිල ඇඳුම් රෙදි සමඟ අයෙක් අත්අඩංගුවට ලුණුගල, බටාවත්තේදී කළ සෝදිසි මෙහෙයුමකදී නාවික හා යුද හමුදා නිලඇදුම් රෙදි 3ක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය. 29 April 2019
පෞද්ගලික උපකාරක පංති මැයි 3 දක්වා නොපැවැත්වේ දැනට රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 3 දක්වා නොපැවැත්වීමට සමස්ථ ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කළ බව එහි ගාල්ල දිස්ත්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා පවසයි. 29 April 2019
මුස්ලිම් කාන්තාවන් 22කගේ හැඳුනුම්පත් ළඟ තබා සිටි අයෙක් අත්අඩංගුවට විවිධ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් කාන්තාවන් 22නෙකුගේ ජාතික හැඳුනුම්පත් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 29 April 2019
බෝම්බකරුවන් 8දෙනා භාවිත කළ වාහන 18ක තොරතුරු සොයාගෙන මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනා පරිහරණය කරන ලද යතුරුපැදි නවයක් ඇතුළු වාහන 18ක තොරතුරු බුද්ධි අංශ මගින් මේ වනවිට හෙළිකර ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 29 April 2019
සමන්තුරේ-කල්මුණේ-චවලකඩේ ඇදිරිනීතිය 8 සිට ඉවතට සමන්තුරේ,කල්මුණේ සහ චවලකඩේ ප්‍රදේශයන්ට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 8 සිට ඉවත් කෙරෙන බව පොලීසිය කියයි. 29 April 2019
මුහුණු ආවරණ භාවිතය හෙට සිට තහනම් ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය හෙට (29) සිට තහනම් කෙරේ. 28 April 2019
නව බුද්ධි බළකායක් පිහිටුවීමට යයි අලුතින් බුද්ධි බළකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවධානය යොමුව ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 28 April 2019
සහ්රාන්ගේ හිතවතෙකුත් රඹෑවෙන් අල්ලයි ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් නැමැත්තාගේ ලඟම හිතවතෙකු අද (28) දින රඹෑව තල්ගස්වැවදි අත් අඩංගුවට ගත් බව මිහින්තලය පොලීසිය කියයි. 28 April 2019
සහ්රාන්ගේ පියා සහ සහෝදරයන් මියගිය 16 දෙනා අතර ඉකුත් සිකුරාදා (26) ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුව අතරවාරයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය 16 දෙනා අතර පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ මහ මොළකරු සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් හෂීම්ගේ සහෝදරයන් දෙදෙනා සහ පියා ද සිටින බව රොයිටර්ස් පුවත් සේවය අද (28) වාර්තා කළේය. 28 April 2019
අන්තවාදය පරාජය කරන්න මහින්ද හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් යෝජනා මාලාවක් ඉල්ලයි තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා දින දෙකක් ඇතුළත වාර්තාවක් සකස්කර තමන් වෙත බාරදෙන්න යයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අද පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේදී අද පැවැත්විණ. 28 April 2019
මඩකලපු ප්‍රහාරයට යොදාගත් යතුරු පැදියක් තිහාරියෙන් අල්ලයි මඩකලපුව කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන යතුරු පැදි දෙකෙන් ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් පොලිස් කණ්ඩායම් තුනක් ඒකාබද්ධව අද (28) දවස පුරා කරන ලද සෝදිසි මෙහෙයුමකදී එහි නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත. 28 April 2019
මීගමුවෙන් ඩ්‍රෝන කැමරා15 ක් සොයාගනී මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ කළ සෝදිසියේ දී ගුවන් හමුදාව ඩ්‍රෝන කැමරා 15 ක් සොයාගෙන තිබේ. 28 April 2019
නිකාබය ඉවත් කිරීමට අවසර මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසෙන පරිදි දමාගෙන යන නිකාබ් (සම්පූර්ණ මුහුණ ආවරණය කරන කොටස) නිවසින් එළියට යද්දි ඉවත් කර යන්නට අවසර දුන් බව සමස්ත ලංකා ජමෙයියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් අශ්ෂේක් ෆසිල් ෆාරුක් මහතා ප්‍රකාශ කළේය. 28 April 2019
තව්හීත් ජමාත් කොළඹ නායකයා අත්අඩංගුවට අන්තවාදී සවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ මෙහෙයවීම් කටයුතු සිදුකර කොළඹ නායකයා කෙසෙල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ දී අද (28) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 April 2019
වැලිගම මුස්ලිම් නිවසකින් කෝටි එක හමාරක් වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක නිදන ඇදක් යට බෑගයක සගවා තිබු රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස් දහසක් සමග එම නිවස හිමිකරු අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 28 April 2019
සමාජ මාධ්‍යජාල ශ්‍රී ලංකාව තුළින් ඉවත් වීමේ අවදානමක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි. 28 April 2019
තුවක්කු-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පොළොන්නරුව, වැලිකන්ද පොලිස් බල ප්‍රදේශයේ අද (28) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොවිපලක තිබී බෝර 12 පතොරම් තුවක්කුවක්, ජීව උණ්ඩ 05ක් සහ හිස් පතුරම් කොපු 05 ක් අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි. 28 April 2019
මහින්ද හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මේ වන විට විජේරාම පිහිටි නිල නිවසේ දී පැවැත්වේ. 28 April 2019
දික්වැල්ලෙන් කඩු පතුරොම් හමුවෙයි දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කඩු හතරක් හා පුහුණු පතොරම් 107 ක් ඇතුළු සැකකටයුතු උපකරණ ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතික පුද්ගලයින් 10 දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි. 28 April 2019
ගම්පහ දේවස්ථානයේ යාඥා මෙහෙය පන්සලේ කුරිරු ත්‍රස්ත ප්රහාරයන් හේතුවෙන් ඉකුත් ඉරු දින මිය සියලුම දෙනා වෙනුවෙන් පිං පැමිණවීම සහ එම අයගේ ආත්මයන් වෙනුවෙන්වු යාඥා මෙහෙයක් , ගම්පහ සිරි සුනන්දාරාම විහාරස්ථානයේදී අද (27) දහවල් පැවැත්විණි. 28 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026