(නිමල් ජයරත්න)
පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික උද්‍යානයේ පේරක කලාපයේ ඩෝසර් කළ, අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබ වටා තිබී හානි කරන ලද තවත් දාගැබ් හතරක් අසළ තිබී රන් කහවණු ඇතුළු පුරාවස්තු කිහිපයක් අද(15) හමු වූ බව ඕනෑගම මැදමළුව මහා විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ පැවසූහ.
ඒ අනුව, කුඩා බුදු පිළිමයක සිරසක්, විවිධ පබළු, රන් කහවණු සහ මැණික් ගල් හමුවූ බව චන්දිම හිමියෝ කියාසිටියහ.
කිසියම් පිරිසක් විසින් දාගැබ සහ පරිවාර දාගැබ් විනාශ කර කුඹුරු වගාකිරීමට භූමිය සකස් කළ බවට ඉකුත් 9 වැනිදා ලංකාදීප පුවත්පත සහ වෙබ් අඩවිය කළ හෙළිදරව්වක් අනුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් පැමිණ මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවත්, මෙම පුරාවස්තු විනාශය ගැන බලධාරීන්ගේ අවධානය යොමුකරන බවත් පැවසීය.
අද උදෑසන එම විහාර අසළ කැණීම් කරමින් තිබියදී පුරාණ වස්තු හමු වූ බව චන්දිම හිමියෝ සඳහන් කළහ.
මීට අමතරව වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් සහ බෞද්ධ උරුමයන් සහ පුරාවිද්‍යා වස්තූන් සම්බන්ධව ගවේෂණ කිරීමේ කණ්ඩායමක්ද ප්‍රදේශයට පැමිණ පුළුල් පරීක්ෂණ කරමින් සිටින බවද, එම හිමියෝ කීහ. සෝමාවතිය සහ ජල ගැලීම් ජාතික උද්‍යානවල ඇති මෙවන් වටිනා දාගැබ් පරිවාර ච්‍යෛ ස්ථූප මෙන්ම අනිකුත් පුරාවස්තු විවිධ අපරාධකරුවන්ගෙන් බේරාගැනීමට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනපතිතුමාගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින බව ඒ චන්දිම සඳහන් කළහ. ප්‍රදේශයේ ජනතාව එම හානි වූ දාගැබ් නැරඹීමට යමින් සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට හොඳ නිව්ස් එකක්... නිධන් හාරන අයත් වැඩ පටන් ගනී...
බලාගෙන ප්‍රියාන් මැණික්ගෙන්...
ශ්‍රද්ධාවෙන් මත් වෙච්ච මෝඩ මිනිස්සු, තවත් උදවිය පරලෝකයේ හොඳ තැනක උපදින්න කියලා නිධන් වතු විදිහට වටිනා ද්‍රව්‍ය තැන්පත් කරනවා. ඒවාත් මෝඩ වැඩ, ඒවා පෞද්ගලික කාරණයක් තමයි, තමන්ගේ සල්ලි වලින් ඕන දෙයක් කළාට මොකද කියන එකත් ඇත්ත තමයි. නමුත් පරලෝකයක් කියලා තැනක් නැහැ... මිනිස්සු මැරිලා කොහෙවත් උපදින්නේ නැහැ.. කොහෙවත් ඉන්න කෙනෙක් මැරිලා මනුස්ස හරි, සතෙක්ගේ හරි බඩේ පිළිසිඳ ගන්නෙත් නැහැ.. කැමැත්තට මනුස්සයින් උපදින්නේත් නැහැ.. ඒ ඔක්කොම මිනිස්සු රවට්ටගන්න කියන සුරංගනා කතා, ඕවාට අහුවෙන්න එපා, අමාරුවෙන් උපයාගත් සල්ලි ටික සෞඛ්‍යය වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් සුව පහසුව වෙනුවෙන් වියදම් කරන්න. මනුස්සකම වෙනුවෙන් තමන් ගැන බලාගන්න.... ශක්තියක් නැති මනුස්සයෙක්ට උදව්වක් කරන්න. මේ ජීවිතේ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න.
වහල් ආණ්ඩුව ගෙදර යැවීමේ එක හේතුවක් බෞද්ධ පූජා භූමි ඩෝසර් කිරීමෙන් බේරා ගන්න එක. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ කීයක් එහෙම දේවල් වුණාද? මාස තුනක් පොල්ගෑවා. රට පුරා දාගැබ්වලට හානි කිරීම විතරක්ද? රුවන්මැලිසෑයේ ඇතුලේ තියෙන ඉතාවටිනා දේවලුත් ගන්න දැනටම වැඩ සිද්ධ වෙනවා.
ඇමරිකන්කාරයා එම්සීසී ගිවිසුම් හරහා ලංකාවේ ඉපැරණි රාජධානි හරහා ඉඩම් තීරයක්ම ඉල්ලුවේ ඒවයේ කැණීම් කරන්න බව බලලෝභී දේශපාලකයින්ට නොතේරුණාට දෙකේ පන්තියේ දරුවෙක්ටත් තේරෙනවා...
පුරාවස්තු විනාශ කරන්නන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළයුතුයි. ඔවුන්ගේ දේපල රාජසන්තක කළයුතුයි...