IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය බැතිමතුන් ඒකරාශී වීමෙන් තොරව

(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

හිනිදුම කල්වාරි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත වාර්ෂික උත්සවය මේ වසරේදී බැතිමතුන් ඒකරාශි වීමෙන් තොරව පවත්වන ලෙස ගාල්ල පදවිය භාර රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් උපදෙස් දුන් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ මස 24 සිට අප්‍රේල් මස 12 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ හිනිදුම කල්වාරි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත වාර්ෂික උත්සවය මේ වසරේදී පමණක් නවත්වන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලීමක් කළහ.

ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ගාල්ල පදවිය භාර රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන්, කල්වාරි පුදබිම භාර පියතුමන් සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා අතර සාකච්ඡාවක් අද (14) සවස පැවැත්විණි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියළුම දේවස්ථාන බාර පියතුමන්ලාගෙන් ඉල්ලා ඇත්තේ පවතින තත්වය ගැන සලකා සියළුම දේව මෙහෙයන් මේ මස අගදක්වා නොපවත්වන ලෙසයි.

කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේදී පැමිණි තීරණය වන්නේ හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය ජනයා ඒකරාශි වීමෙන් තොරව පවත්වන ලෙසයි.



අදහස් (2)

හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය බැතිමතුන් ඒකරාශී වීමෙන් තොරව

chinthaka Sunday, 15 March 2020 04:43 AM

මේ බොරු දේව සංකල්ප වලින් මිදෙන්න දැන්වත් මිනිස්සු ඇත්ත තේරුම් ගත්ත එක හොදයි.

:       19       1

MaheshSunday, 15 March 2020 06:14 AM

ඔව් ඔව් ගස් වලට ගල් වලට වදින අයට එහෙම ඔව් නිදහස් වෙන්න කාලේ හරි වගේ.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 283 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1224 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site