ජනපතිවරණය ගැන තීරණ ගන්න මැතිවරණ කොමිසමට හෙට සිට බලය ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු කිරිමට මැතිවරණ කොමිසන් සභාවට හෙට (10) සිට බලය පැවරේ. 09 September 2019
තිරිඟු කිලෝවක සහතික මිල මේ සතියේම තීරණය කරනවා පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බවත් තිරිඟු පිටි කිලෝවක සහතික මිල මේ සතිය තුළම තීරණය කරන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (09) පැවැසීය 09 September 2019
තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කළ 100 කට නඩු තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. 09 September 2019
කරාපිටියේ සිටි හොර දොස්තර අල්ලයි කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරි සරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන ලද පුද්ගලයෙක් අද (09) දහවල් සැක පිට අත්අඩංගුවට ගත් බව කරාපිටිය රෝහල් පොලීසිය කියයි. 09 September 2019
කංජිපානි ඉම්රාන් 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් පොලිස් නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියකට අදාළව බන්ධනාගාරගත කර සිටි මොහොමඩ් නජීබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් ලබන 20 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) නියෝග කළාය. 09 September 2019
පරිපාලන නිලධරයෝ හෙට - අනිද්දා ලෙඩ වෙන්න යති ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හෙටත් (10) අනිද්දාත් (11) දින දෙකේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටින බව එම සංගමය පවසයි. 09 September 2019
උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක් උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත. 09 September 2019
ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් ප්රඥප්තියක් ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තීය අයිතිවාසිකම් හා වගකීම් සම්බන්ධයෙන් ප්රඥප්තියක් සැකසීමට පියවර ගන්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා අද(9) පැවැසීය. 09 September 2019
ආබාධිත රණවිරු පවුල් එකමුතුවේ විරෝධතාවයක් සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු පවුල් එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් අද (9) ගාලු මුවදොර දී පැවැත්වේ. 09 September 2019
බළන්ගොඩ හුණුගල් පොකුණු බලන්න යන්න ටිකක් ඉවසන්න බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි. 09 September 2019
හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු කේරළ ගංජා සුඛෝපභෝගී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීහු පවසති. 09 September 2019
කොළඹ - බදුල්ල තැපැල් දුම්රියෙන් ඇද වැටී මගියෙක් මරුට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගියෙකු අද (9)උදෑසන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසළදී දුම්රියෙන් බැසීමට යාමේදී ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 09 September 2019
‘‘මගේ ඡන්දය රටට ආදර්ශමත් නායකයකුට‘‘ මේ රටට ඕනේ ආදර්ශමත් සහ ජනතාවට විශ්වාස නායකයකු බවත් තමන්ගේ ඡන්දය ලැබෙන්නේ එවැනි නායකයකුට පමණක් බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා අද (8) පැවසීය. 08 September 2019
ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමේ නිවේදනය 30 වැනිදා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2019
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 08 September 2019
යුද හමුදා විශ්‍රාමිකයින් 25000 ට වැටුප් වැඩිවීමක් 2019 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ගැලපීමේදී යුද හමුදා විශ්‍රාමිකයින් 51000 ක් අතරින් 25000 කගේ පමණ වැටුප් වැඩිවීමක් අනිද්දා (10) ට යෙදී ඇති විශ්‍රාම වැටුප් දිනයේදී සිදුවන බව යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලය පවසයි. 08 September 2019
මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් දඹදිව වන්දනාවේ ගොස් ආපසු එන පිරිස් සමඟ මැලේරියා රෝගය යළි මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි. 08 September 2019
සාලින්දගේ පුරප්පාඩුවට එන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට්ටුව හෙට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට පත් කෙරෙන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය හෙට (09) නිකුත් කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 08 September 2019
දියේ ගිලී තරුණයන් 2 ක් මරුට දඹුල්ල දඹුලු හල්මිල්ලෑව තෙලදින්නන් වැව ප්‍රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අද (08) සවස 6.30 ට පමණ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 08 September 2019
බෝරා සමුළුව හෙටින් අවසන් ඩාවුඩි බෝරා ප්‍රජාවේ ගෝලීය ආගමික සමුළුව හෙට (09) අවසන් වේ. 08 September 2019
‘‘අලුතින් තවත් විද්‍යා පීඨ දෙකක් පිහිටුවනවා‘‘ විද්‍යාව සහ ගණිතය ඇතුලු විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් තවත් විද්‍යා පීඨ දෙකක් පිහිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 08 September 2019
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපි ගොණු තොගයක් පුළුස්සා විනාශ කරලා මධ්‍යම පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපිගොණු තොගයක් එහි හිටපු සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් විසින් ඉකුත් මාර්තු මාසයේදී වාහන 03 කින් මහවැව රක්ෂිතය වෙත ගෙන ගොස් පුළුස්සා විනාශ කර ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය විය. 08 September 2019
‘අධ්‍යාපනය දෙන්න පුහුණු ගුරුවරු යොදවන්න කටයුතු කළේ නෑ’ රට දියුණු කරන බවට කයිවාරු ගැසූ රාජපක්ෂ ආණ්ඩුව දරු දැරියන්ට අධ්‍යාපනය ලබා දීමට පුහුණු ගුරුවරුන් යෙදවිමට පවා කටයුතු කළේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 08 September 2019
රනිල්-සජිත් හමුව කල්යයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුව අනිද්දා (10) පැවැත්විමට නියමිතව ඇතැයි එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2019
රට පුරා රෝහල්හි 10 වැනිදා පැය 4ක සංකේත වර්ජනයක් ඉල්ලීම දහයක් මුල් කරගනිමින් රටපුරා සියලූම රෝහල්හි අගහරුවාදා (10) පැය හතරක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සමස්ත ලංකා සුවසේවා සංගමය සැලසුම් කර තිබේ. 08 September 2019
ගජධීරගේ අසුනට මනෝජ් සිරිසේන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රීධුරය සදහා දකුණු පළාත් සභාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා පත් කෙරෙනු ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 08 September 2019
ට්‍රම්ප් - තලෙයිබාන් සාම සාකච්ඡා අවලංගුයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තලෙයිබාන් සංවිධානය සමඟ අද පැවැත්වීමට සැලසුම් කර තිබූ සාම සාකච්ඡා අවලංගු කර ඇත. 08 September 2019
කහතුඩුවේ යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනෙකු මරුට යතුරු පැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු අද (8) අලුයම කහතුඩුව දියගම පාරේ දී දුරකථන කණුවක හා කොට්ටං ගසක ගැටී සිදුවූ අනතුරින් මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි. 08 September 2019
මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙන්න පෙරම රාජකාරියට පොලිස් ලොක්කෙක් මැතිවරණ රාජකාරි බාර නිලධාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 September 2019
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතරින් රෝගී ව සිටි කාන්තාවක සහ පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 08 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026