IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බ්‍රසීල ජනපතිගේ වෛද්‍ය වාර්තාව ගැන ට්‍රම්ප් අවධානයෙන්

බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොරානෝ මහතාටත් කොරෝනා වයිරසය වැළඳී ඇත්ද යන්න පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අද (සිකුරාදා) දැනගැනීමට ලැබෙනු ඇත. බ්‍රසීල ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී බ්‍රසීල ජනාධිපතිවරයාට අතට අත දී සුබ පැතුම් පිරිනමා තිබේ.

බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරනෝ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ වන විටත් තහවුරු වී තිබේ.

බ්‍රසීලයේ ජනාධිපතිගේ මාධ්‍ය ලේකම් ෆැබියෝ වජ්න්ගාර්න් මහතා පසුගිය සතියේ ඇමෙරිකාවට පැමිණි අතර,  ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප් මහතාගේ නිවාඩු නිකේතනයේදී ඔවුහු හමු වූහ.

ඔවුන් දෙදෙනාට අමතරව ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන්  සහ ඥාතීන් ද එහි පැවති උපන්දින සාදයකට සහභාගී වී ඇත. නැවත බ්‍රසීලයට ගිය ෆැබියෝ මහතා අසනීප වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයට යොමුවූ බවත්, එම අවස්ථාවේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ මහතාට ද වයිරසය ආසාදනය වී ඇත්දැයි සොයාබැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පවත්වන බවත්, එහි ප්‍රතිඵල අද නිකුත් වීමට නියමිත බවත් බලධාරීහු කියති.

ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සහ බ්‍රසීල ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් ෆැබියෝ මහතා සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා සිටි ඡායාරූපයක්ද මාධ්‍යයට නිකුත් කර තිබිණි.

වෛරසය  ආසාදනය වීම සම්බන්ධයෙන් තමන් කලබල නොවන බව ජනපති ට්‍රම්ප් මහතා පවසා ඇත.

(ඩේලි මේල්)



අදහස් (0)

බ්‍රසීල ජනපතිගේ වෛද්‍ය වාර්තාව ගැන ට්‍රම්ප් අවධානයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site