(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව මා කුඹුර බස් නැවතුමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා ධාවන වෙමින් තිබූ කලවාන ඩිපෝවට අයත් බසයක් කහතුඩුව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.
බසයේ රෝද හැරෙන්ට සෙසු සියලු කොටස් ගිනී ගැනීමට ලක්වතිබේ.
බසය ධාවනය වන අවස්ථාවේදී බසයෙන් දූමාරයක් පිටවනු දැකීමෙන් බසයේ රියදුරු ඉදිරිපස දොර විවෘත කර බසයේ සියලු මගීන් ආරක්ෂාකාරීව බස්සවා ගිනි නිවන උපකරණයකින් ගින්න නිවීමට උත්සාහ කළත් එය පළක් නොවී ඇතැයි රියරුදු සඳහන් කළ බව පොලීසිය කියයි.
අනතුර සිදු වන අවස්ථාවේදී රියදුරු සහ කොන්දොස්තර සහිතව බසයේ මගීන් 43 දෙනකු ගමන් කර ඇත.
ඔවුන් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසියට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පැමිණ ගින්න නිවීමට කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් ගාල්ල දිසාවට මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරට දැඩි රථවාහන තද බදයක්ද පවතී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝද යකඩ වලින් හදලා ඉතිරි කොටස් ඔක්කොම රබර් වලින් හදාපු බස් එකක්ද කොහෙද?
ලඟදි ගිනි ගත් බස් දෙකම ලංගම බස් නේද ?
ගිනිගන්නා සියලු මගී බස් ලංගම බස් රථ වන අතර පුද්ගලික බස් රථ ගිනි ගත් බවවක් මෙතෙක් වාර්තා වී නැත. මෙය දුර්වල නඩත්තුවද , නැත්නම් කඩාකප්පල් කාරී වැඩක් ද යන්න වහාම සොයා බැලිය යුතය. මෙය ළඟ ළඟ වාර්තා වූන දෙවන සිද්දිය.
ඇයි මේ ලංගම බස් විතරක් ගිනි ගන්නේ.
ගිනි ගත් දෙවන බසය. ප්‍රමිතියෙන් අඩු බස් රථ ධාවනයේ යොදවා ඇත. සමහර බස් රථ දැඩි ලෙස දෙදරුම් දෙන අතර අවට නොපෙනෙන අයුරින් සරසා ඇත. දැඩි නියාමනයක් නැත...
බස් ගෙන්නපු කට්ටියට ගිය කොමිස් එකේ හැටියට තමයි බස් වල ප්‍රමිතියත්. කාටවත් අමුතුවෙන් ගිනි තියන්න කඩාකප්පල් කරන්න ඕනෙ නෑ. උඩ ඉඳල පහලට ඉන්න ඔක්කොම හරි අපූරුවට වැඩේ දීල තියෙන්නෙ..
බඩුත් හාමදුරුවන්ගේ, නඩුත් හාමදුරුවන්ගේ...
ඉතුරු වෙලා තියෙන සැකිල්ල දැක්කම බය හිතෙනවා. කිසිම ප්‍රමිතියක් නැහැ කියලා හිතෙනවා මරුටියක උනත් ඔයිට වඩා හොඳට පිලර්ස් තියෙනවා.
ගිනිගන්නා ආකාරය අනුව වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් වගෙයි පෙනෙන්නේ...
බස්වල ප්‍රමිතිය තමයි මේකෙන් පෙනෙන්නේ...
නමුත් අධිවේගයේ ලංගම බස් විතරක් ගිනි ගන්නේ මොකද කියලා සොයලා බලන්න ඕනේ. කොච්චර කබල් ලොරි සහ අනෙකුත් වාහන මේකේ යනවද ? නමුත් මොකද මේ අලුත් ලංගම බස් විතරක් ගිනි අරගෙන අළු වෙලා යන්නේ ?
පුද්ගලික අංශයේ ඉල්ලීම මත ගිණි ගන්නවද දන්නේ නෑ.