(ඩයනා උදයංගනී)
ඉන්ධන සඟවා තබා හිඟයක් මවාපෑමට කටයුතු කරන ඉන්ධන අලෙවිසල්වල බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දිවයිනේ කිසිම ඉන්ධන හිඟයක් නොමැති බව කී අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බව ද සඳහන් කළේය.
එසේ තිබියදීත් කිසියම් පිරිසක් විසින් කෘතිම ඉන්ධන හිඟයක් මවාපෑමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන අලෙවිසල් ඉදිරිපිට දිගු වාහන පෝලිම් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
කිසිඳු හිඟයකින් තොරව ප්‍රමාණවත් තරම් ලබාදීමට අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බැවින් ජනතාව මේ ගැන ඇතිකරගත යුතු නැතැයි ද ඇමතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කරනවා කිව්වා. ඒ වුනාට තාම නිදැල්ලේ දුවන්නේ. මේකත් ඒ වගේ ගැරඬි පෙනයක් නේද? බොරු කයිවාරු නොගහා ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවීමේ වාසියෙන් කොටසක් ජනතාවට හා අතරමැදි ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න. ඒතකොට ඔය ඉන්ධන හිඟය ඉබේම නැතිවෙලා යාවි. කෝ අර තෙල් මිල සංශෝධනයට රැස්වෙච්චි කැබිනට් රැස්වීමේ වාර්තාව ? මීට වඩා කාටත් සාධාරණ නැද්ද තෙල් විල සූත්‍රය අඛණ්ඩව පවත්වා ගත්තා නම්?
තෙල් නිපදවන රටවල හැර අනිකුත් සෑම රටකම තෙල් තොග පවත්වාගෙන යන්නේ බොහොම සීමිතවයි. ලංකාව එයිනුත් බොහොම පහළ තත්ත්වයක ඉන්නා රටක්. එක නැවක් ප්‍රමාද උනාම සති ගානක් ඉන්ධන හිඟ පැවතුන බව මෙතුමා දන්නේ නැතුවා වෙන්න ඇති. ඔහොම කටමැත දොඩවලා, කිසිම සීමාවකින් තොරව මාස දෙක තුනකට සෑහෙන ඉන්ධන දින කිහිපයකින් අවසන් කර ගත්තොත් (හැමෝම ෆුල් ටෑන්ක් ගහලා, තවත් ටිකක් ගහලා, බුලියකටත් අරගෙන යනවා) ඒක ඉන්ධන හල් හිමියන්ගේ වරදක් කියලා කියාවි.