චීන වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු වඩා විධිමත්ව පුළුල් ආකාරයෙන් සොයාබැලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීමට මේ වනවිට චීන ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටිති.
චීනයේ, හුනාන් ප්‍රාන්තයේ චැන්ග්ෂා ප්‍රදේශයේ නැවත රාජකාරි කටයුතු ඇරැඹූ පුද්ගලයන් රොබෝවරුන් යොදාගනිමින් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතී.
මෙම රොබෝවරුන්ට පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය, දත්ත පටිගත කිරීම, ප්‍රතිචාර දැක්වීම වැනි මූලික කරුණු ඉටුකළ හැකිය.
මිනිසුන්ගේ දෑත්වලින් විෂ බීජ ඉවත්කිරීම සහ ව්‍යාප්තිය වැළැක්වීමට ද මෙම රොබෝවරුන්ට හැකියා ඇත.
වයිරසය මැඬලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීම හේතුවෙන් චීනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලවල කටයුතු පහසු සහ කාර්යක්ෂම වී ඇත.
(චයිනා ඩේලි ඇසුරිනි)
16844





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රොබෝලා ඉන්නේ දියවන්නාවේ.
චීන හපනා..........