කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලවල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (12) ආරම්භ කරන ලදි.
එම වැඩසටහනේ පළමුවැන්න ඊයේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රෝගය හඳුනාගැනීම ඉන් වැළැකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ කාර්යමණ්ඩලය දැනුවත් කළේය.
මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික යන අංශ දෙකේ සෑම ආයතනයකම මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.
ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර කාර්යමණ්ඩලව පිරිස් තමන් ලබාගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට දැනුම් දෙනු ඇතැයි ද සමාජයට බෙදා දෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය අපේක්ෂා කරයි.
වයිරසයේ ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වැළැක්වීම මෙම වැඩසටහනේ අරමුණ යැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා ගැන ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කෙරේ
Mahesh Thursday, 12 March 2020 05:31 PM
ඒක හොදයි.
wimal Friday, 13 March 2020 04:36 AM
ඒක බොහොම හොදයි, මේ රටෙ දේශපාලන පැලැන්තියයි, නිලධාරී පැලැන්තියයි රැකුනම ඇති, ගම්වල අසරණ මිනිස්සු වලපල්ලට ගියාම දෑනුවත් කලාම ඇති.