කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලවල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (12) ආරම්භ කරන ලදි.
එම වැඩසටහනේ පළමුවැන්න ඊයේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රෝගය හඳුනාගැනීම ඉන් වැළැකී සිටීම මෙන්ම ආරක්ෂාකාරීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ කාර්යමණ්ඩලය දැනුවත් කළේය.
මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය, පෞද්ගලික යන අංශ දෙකේ සෑම ආයතනයකම මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.
ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර කාර්යමණ්ඩලව පිරිස් තමන් ලබාගන්නා දැනුම සිය පවුල්වල සාමාජිකයන්ට දැනුම් දෙනු ඇතැයි ද සමාජයට බෙදා දෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය අපේක්ෂා කරයි.
වයිරසයේ ව්‍යාප්තිය ජාතික උවදුරක් බවට වර්ධනය වීම වැළැක්වීම මෙම වැඩසටහනේ අරමුණ යැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි.
ඒක බොහොම හොදයි, මේ රටෙ දේශපාලන පැලැන්තියයි, නිලධාරී පැලැන්තියයි රැකුනම ඇති, ගම්වල අසරණ මිනිස්සු වලපල්ලට ගියාම දෑනුවත් කලාම ඇති.