ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය අවහිරතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරි පවසයි. 18 April 2019
සජිත් - රවී ගැටුම අගමැති හමුවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව කඩිනම් පියවරක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළහ. 18 April 2019
කෝටි 5 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 April 2019
රාජ්‍ය ආයතන කිහිපයකට නියෝගයක් රජයේ ගොඩනැගිලි වලට අබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව (18) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මින් ඉදිරියට අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන යටතේ ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදි කළ යුතු බව නියෝග කළේය. 18 April 2019
විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘතියට අනුමැතිය ඉල්ලයි පවතින විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස මේ වනවිටත් අයදුම් කර ඇති භූමියෙහි ස්ථාපිත කරන මෙගා වොට් පහට අඩු සූර්ය බල ජනන ව්‍යාපෘති සඳහා වහා අනුමැතිය ලබා දිය යුතු යැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය රජයට යෝජනා කරයි. 18 April 2019
ප්‍රශ්න කිරීමෙන් පසු නදීමාල් නිදහස් කරයි ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරාගෙන් ප්‍රකාශ පටිගත කර ගැනීමෙන් පසු නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ නිලධරයෝ පවසති. 18 April 2019
පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදුන් සැකකරු රිමාන්ඩ් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු 30 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද(18) නියෝග කළාය. 18 April 2019
කළුබෝවිල පන්සලෙන් සොරාගත් බුදුපිළිමය මාතලෙන් මතුවෙයි දෙහිවල කලුබෝවිල ප්රතිබිම්බාරාමයේ තැන්පත් කර තිබී සොරාගත් සඳුන් දැවයෙන් නිමවා තිබූ බුදුපිළිමයක් මාතලේ අලුවිහාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි. 18 April 2019
මුහමාලෙයි බිම්බෝම්බයක් පිපිරී කාන්තාවන් දෙදෙනෙකුට තුවාල කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 18 April 2019
කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට සන්දේශයක් කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා ස්ථාන මාරුකිරීමේ සූදානමක් පවතින බව පවසමින් ඊට විරෝධය පා පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් 104දෙනෙකුගේ අත්සනින් යුතු සන්දේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙන ලදී. 18 April 2019
නදීමාල් සීඅයිඩීයට ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. 18 April 2019
පකිස්ථානයේ බස් රථයක ගමන්ගත් 14ක් ඝාතනය කෙරේ පකිස්ථානයේ කරච්චි නගරයේ සිට ගවඩාර් නගරය වෙත ගමන් කරමින් තිබූ බස් රථයක් පැහැරගත් පුද්ගලයෙකු විසින් රථයේ සිටි 14දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 18 April 2019
ජනපති නීතිඥවරු පත්කිරීම ගැන එජාප නීතීඥවරුගේ කනස්සල්ල දිගින් දිගටම ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු දැඩි කනස්සල්ල පළකර සිටිති. 18 April 2019
වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවේ මනම්පිටිය කොළණිය ගම්මානයේ ගොවියෙකු ඉඩමක වළක් හැරීමේදී ක්ලෝමෝ බෝම්බයක් හමු වී ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි. 18 April 2019
මහියංගන අනතුරින් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරීක්ෂණවලින් පසු පවුලේ ඥාතීන්ට බාරදුන් බව මහියංගනය පොලිසිය පවසයි. 18 April 2019
වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට වෙදනළාවක් රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් ඇල්පිටිය රෝහලේ රෝගීන් අසළ සැරිසැරූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 18 April 2019
මධූෂ්ගේ සාදයේ සිටි තවත් දෙනෙකු ආපසු එවති පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හි පවත්වන ලද සාදයට සහභාගී වී, එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනකු අද (18) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. 18 April 2019
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති මරුට පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා අද (17) සිය හිසට වෙඩි තබා ගනිමින් මරණයට පත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 17 April 2019
ඉවතලන ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍ය සහාය ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හඳුන්වාදීමට බි්රතාන්ය රජය සිය කැමැත්ත පලකර තිබේ. 17 April 2019
නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කරලා නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 17 April 2019
‘ජෙට් එයාර්වේස්’ හි මෙහෙයුම් කටයුතු නවතා දමයි ඉන්දියාවේ ‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවයේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එම ගුවන් සේවය තීරණය කර ඇත. 17 April 2019
අධික වැස්ස නිසා ගුවන් යානා 5 ක් හරවා යවයි කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදු විය . 17 April 2019
ශී‍්‍ර ලංකා නායකත්වයට දිමුත් එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් පිලේ නායක සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 17 April 2019
ගෝඨාට එරෙහි පැමිණිල්ල ප්‍රසිද්ධියට පත්කරයි සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කරමින් ලසන්තගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇතැයි හින්දු පුවත්පත කියයි. 17 April 2019
මහියංගනය අනතුර සිදුකළ බස් රථ රියදුරාට ඇප මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී අද (17) සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත නිදහස් කිරීමට මහියංගන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 17 April 2019
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට අකුණු ඇතිවීමේ අවදානමක් දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට හෙට (18) ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 April 2019
පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 71 ක් පෞද්ගලික බලාගාර දෙකකින් මෙගාවොට් 71 ක් මේ වන විට ජාතික විදුලිය පද්ධතියට එක්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. එස්. පවර් සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 51 ක් ද , එස්. පවර් මාතර බලාගාරයෙන් මෙගාවොට් 20 ක් ද වශයෙන් මේ වන විට ජාතික විදුලිය පද්ධතියට එක්කර තිබෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 17 April 2019
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් නීතිඥවරයකු ඇතුළු දෙදෙනා ලක්ෂයක ඇපමත මුදාහරී අයිස් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත්තැයි වරද පිළිගත් නීතීඥවරයකු සහ තවත් සැකකරුවකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද(17) නියෝග කළේය. 17 April 2019
ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේ වගකීම ඉංජිනේරුවන් පිට පටවති කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මගින් හෙළිකර ඇති සියලු කරුණුවලට එහි ඉංජිනේරුවන් වගකිව යුතු බව කොළඹ නාගරික කොමසාරිස් කේ. වී. ඒ. අනුර මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වෙත අද(17) ලිපියකින් දැනුම්දී ඇත. 17 April 2019
දුව දොර පොල්ලකින් ගසා මව මරයි තම මවට දොර පොල්ලකින් ගසා මරා දැමූ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබූ බව කහවත්ත පොලීසිය කියයි. 17 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026